Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 16:3 - Sinhala Revised Old Version

3 දෙවෙනියා තමාගේ පාත්‍රය මුහුදේ වැගිරෙවුවේය; එවිට මුහුද මළ මිනිසෙකුගේ ලේ මෙන් ලේ වුණේය; මුහුදේ පණ ඇති සියලු සත්වයෝ මැරුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 දෙවැන්නා තමාගේ පාත්‍රය මුහුද පිට වැගිරෙව්වේ ය. මුහුදේ වතුර මළ මිනියක ලේ මෙන් විය. මුහුදේ පණ ඇති සියලු සත්ත්වයෝ මළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 දෙවන දේව දූතයා තම පාත්‍රය මුහුද පිට වැගිරවී ය. එවිට එය මළ මිනියක ලේ මෙන් විය. මුහුදේ වූ පණ ඇති සියල්ල මළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 දෙවැන්නා තමාගේ පාත්‍රය මුහුද පිට වැගිරෙව්වේ ය. මුහුදේ වතුර මළ මිනියක ලේ මෙන් විය. මුහුදේ පණ ඇති සියලු සත්ත්වයෝ මළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 16:3
10 හුවමාරු යොමු  

තමුන්ගේ අනාගතවාක්‍යයේ දවස්වලදී වැසි නොවසින ලෙස අහස්තලය පියන්ට මොවුන්ට බලය තිබේ. වතුර කෙරෙහි කැමති විටක වතුර ලේ කරන්ටත් සියලු පීඩාවලින් පොළොවට පහරදෙන්ටත් ඔවුන්ට බලය තිබේ.


උන්වහන්සේ ඔවුන්ගේ ජලය ලේ කොට, ඔවුන්ගේ මත්ස්‍යයන් නැසූසේක.


බොන්ට බැරි ලෙස උන්වහන්සේ ඔවුන්ගේ ගංගාද දිය පාරවල්ද ලේ කළසේක.


ඔහුගේ අතේ දිගහරිනලද කුඩා පොතක් තිබුණේය. ඔහු තමාගේ දකුණු පය මුහුද පිටද වම් පය ගොඩබිම පිටද තබා,


පතීවතාව කඩකරන්නාවූ ලේ වගුරුවන්නාවූ තැනැත්තියන් විනිශ්චයකරන්නාක්මෙන් මම නුඹ විනිශ්චය කොට, උදහස හා ජ්වලිත ලේ නුඹ පිටට පමුණුවන්නෙමි.


තමන්ගේ නාස්පුඩුවල ජීවන හුස්ම ඇත්තාවූ එනම් ගොඩබිම සිටි සියල්ලෝම මළෝය.


අං දසයක්ද හිස් සතක්ද ඇත්තාවූ මෘගයෙක් මුහුදෙන් මතුවෙනවා දුටිමි, උගේ අං පිට ඔටුනු දසයක්ද උගේ හිස්වල අපහාස නාමවල්ද තිබුණේය.


එකල ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්මකරනු ලැබුවෝය. ඒ දවසේදී තුන් දාහක් පමණ මනුෂ්‍යයෝ ඔවුන්ට එකතුකරනලද්දෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්