Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 16:2 - Sinhala New Revised Version

2 එකල පළමුවැන්නා ගොස් තමාගේ පාත්‍රය පොළොව පිට වැගිරෙව්වේ ය. එවිට මෘගයාගේ සලකුණ දැරූ අයට ද, ඔහුගේ රූපයට නමස්කාර කළ අයට ද දරුණු දුස්සාධ්‍ය වණ හටගති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 එබැවින් පළමු දේව දූතයා ගොස්, තම පාත්‍රය පොළොව පිට වැගිරවී ය. එවිට මෘගයාගේ සලකුණ දැරූ, උගේ පිළිමයට නමස්කාර කළවුන් පිට පිළිකුල්, වේදනාකාරී වණ හට ගැනිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එකල පළමුවැන්නා ගොස් තමාගේ පාත්‍රය පොළොව පිට වැගිරෙව්වේ ය. එවිට මෘගයාගේ සලකුණ දැරූ අයට ද, ඔහුගේ රූපයට නමස්කාර කළ අයට ද දරුණු දුස්සාධ්‍ය වණ හටගති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 එකල පළමුවෙනියා ගොස් තමාගේ පාත්‍රය භූමියෙහි වැගිරෙවුවේය; එවිට මෘගයාගේ ලකුණ ඇත්තන්ද ඔහුගේ රූපයට නමස්කාරකරන්නන්ද කෙරෙහි වස අරිෂ්ට වණ හටගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 16:2
22 හුවමාරු යොමු  

පළමු වන දේව දූතයා හොරණෑව පිම්බේ ය. එවිට ලේ මුසු ගල් වර්ෂාවක් ද ගිනි ද හටගෙන පොළොව පිට හෙළනු ලැබී ය. පොළොවෙන් තුනෙන් කොටසක් දැවී ගියේ ය. ගස්වලින් තුනෙන් කොටසක් ද දැවී ගියේ ය. අමු තණකොළ සියල්ල ද දැවී ගියේ ය.


ඔව්හු තමන්ගේ තුවාළ හා වේදනා නිසා ස්වර්ගයේ දෙවියන් වහන්සේට සාප කළා මිස, තමන්ගේ ක්‍රියා ගැන පසුතැවී සිත් හරවා නොගත් හ.


සුව විය නොහැකි ලෙස සමිඳාණන් වහන්සේ ඔබට මිසරයේ වූ ගඩු රෝග ද පිළිකා ද වණ ද කුෂ්ඨ සහ හොරි ද වැළඳෙන්නට සලසන සේක.


හෙරොද් දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය නුදුන් බැවින්, සමිඳාණන් වහන්සේගේ දුතයෙක් එකෙණෙහි ම ඔහුට පහර දුන්නේ ය. ඔහු පණුවන් විසින් කාදමන ලදුව මළේ ය.


මම ඔවුන්ගේ හිස මුඩුකර, ඔවුන්ගේ රහස’ඟ නග්න කරන්නෙමි.”


මේ සියල්ලට පසු ඔහුගේ බඩවැල් වල වැළඳි අසාධ්‍ය රෝගයකින් සමිඳාණන් වහන්සේ ඔහුට පහර දුන් සේක.


ඔබේ බඩවැල් දවසින් දවස රෝගාතුරකමෙන් වැටී යන ලෙස ඒවායෙහි දරුණු රෝග වන්නේ ය” කියා ය.


ඔවුන් එය ගෙන ගිය විට, සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පා ඒ නගරයට දඬුවම් කොට එහි ඉමහත් කැළඹීමක් ඇති වන්නට සැලැසූ සේක. උන් වහන්සේ නුවර වැසි ලොකු කුඩා සියල්ලන් පිට භයානක ගඩු හටගන්වා ඔවුන්ට පහර දුන් සේක.


එකල සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් අෂ්දොද් වැසියන්ට තදින් පහර දුන් සේක. උන් වහන්සේ අෂ්දොද්හි වැසියන්ටත්, එහි දිසාවල වැසියන්ටත් භයානක ගඩු හටගැන්වීමෙන් පහර දුන් සේක.


සමිඳාණන් වහන්සේ ඔබ අතරෙන් සියලු ලෙඩ දුක් දුරු කරනු ඇත. ඔබ දන්නා වූ, මිසරයේ තිබුණ, කිසි භයානක රෝගයක් ඔබ වෙත නොපැමිණෙනු ඇත. ඔබට වෛර කරන්නන් මත ඒවා උන් වහන්සේ එවන සේක.


එවිට සුවඳ ද්‍රව්‍ය වෙනුවට දුගඳ ද බඳ පටි වෙනුවට ලණුවක් ද මනා ලෙස ගෙතූ වරලස වෙනුවට හිස් මුඩුකම ද ශෝභමාන ඇඳුම් වෙනුවට දළ රෙදි ද රූපශ්‍රීය වෙනුවට විළිලජ්ජාව ද ඔවුන්ට ඇති වන්නේ ය.


අහසෙහි පෙරදිග සුළඟක් හමන්නට සැලැසූ සේක; සිය බලයෙන් දකුණු දිග සුළඟ කළඹා හැරිය සේක.


එවිට වලාකුළ පිට වැඩහුන් තැනැන් වහන්සේ දෑකැත්ත පොළොවෙහි දැමූ සේක. පොළොවෙහි ගොයම් කපනු ලැබී ය.


සමිඳාණන් වහන්සේ ඔබේ යටි පතුල සිට හිස් මුදුන දක්වා සුව විය නොහැකි වණ ද දණහිස්වලත්, පාදවලත් දරුණු ගඩු ද හටගන්නට සලසන සේක.


ඌ පළමු වැනි මෘගයාගෙන් ආධිපත්‍යය ලබා, එය ඒ මෘගයා ඉදිරියෙහි මෙහෙය වී ය. මාරක තුවාළයෙන් සුවය ලැබූ පළමු වන මෘගයාට නමස්කාර කිරීමට ඌ පොළොවට හා එහි වැසියන්ට බල කෙළේ ය.


තුන් වන දේව දුතයෙක් ද, ඒ දෙදෙනා පස්සේ යමින් මහ හඬින් මෙසේ කී ය. “යමෙක් මෘගයාටත් උගේ රූපයටත් නමස්කාර කර, ඔහුගේ නළලේ හෝ අතේ හෝ ලකුණක් තබනු ලබන්නේ ද,


“ඔබ ගොස් දෙවියන් වහන්සේගේ උදහස නමැති පාත්‍ර සත පොළොව පිට වගුරුවන්නැ”යි දේව දූතයන් සත් දෙනාට කියන මහ හඬක් දේව මාලිගාවෙන් මට ඇසිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්