Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 5:6 - Sinhala Revised Old Version

6 එවිට ස්වාමීන්වහන්සේගේ හස්තය අෂ්දොද් වැසියන් කෙරෙහි බරව තිබුණේය, උන්වහන්සේ ඔවුන්ට එනම් අෂ්දොද්හි සහ එහි දිශාවල වැසියන්ට කලල් ගඩු කරණකොටගෙන පහරදී ඔවුන් නාස්තිකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එකල සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් අෂ්දොද් වැසියන්ට තදින් පහර දුන් සේක. උන් වහන්සේ අෂ්දොද්හි වැසියන්ටත්, එහි දිසාවල වැසියන්ටත් භයානක ගඩු හටගැන්වීමෙන් පහර දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එකල සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් අෂ්දොද් වැසියන්ට තදින් පහර දුන් සේක. උන් වහන්සේ අෂ්දොද්හි වැසියන්ටත්, එහි දිසාවල වැසියන්ටත් භයානක ගඩු හටගැන්වීමෙන් පහර දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 5:6
13 හුවමාරු යොමු  

එබැවින් ඔව්හු පණිවිඩ යවා පිලිස්තිවරුන්ගේ සියලු අධිපතීන් රැස්කර: ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය අප හා අපේ සෙනඟ නාස්තිනොකරන පිණිස එය ස්වකීය ස්ථානයට හැරී යන්ට යවන්නැයි කීවෝය. මක්නිසාද නුවර මුළුල්ලෙහි මරණීය කැලඹීමක් හටගත්තේය; දෙවියන්වහන්සේගේ හස්තය එහි ඉතා බරව තිබුණේය.


ඉදින්, මෙන්න, ස්වාමීන්වහන්සේගේ හස්තය නුඹ පිට තිබේ, නුඹ අන්ධවී කලකට ඉර නොදක්නෙහියයි කීවේය. එකෙණෙහිම දුමාරයක්ද අඳුරක්ද ඔහු පිටට පැමුණුණේය; ඔහුද තමාගේ අත අල්ලාගෙන යන්ට මිනිසුන් සොයමින් ඇවිද්දේය.


මක්නිසාද දිවා රාත්‍රි දෙක්හිම ඔබගේ හස්තය මා පිට බරවිය. මාගේ ඕජස් ගතිය ග්‍රීෂ්ම කාලයේ වියළීම මෙන් විය.


සුවවිය නොහැකි ලෙස ස්වාමීන්වහන්සේ මිසරයේ ගඩුවලින්ද අර්ශස්වලින්ද පිළිකාවලින්ද හොරිවලින්ද නුඹට පහරදෙනසේක.


බලව, කෙතේ ඉන්න නුඹේ සිව්පාවුන් පිට එනම් අශ්වයන් පිටද කොටළුවන් පිටද ඔටුවන් පිටද ගව රැළවල් සහ එළු බැටළු රැළවල් පිටද ස්වාමීන්වහන්සේගේ හස්තය පැමිණෙයි. ඉතා තද ගව වසංගතයක් වන්නේය.


උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ට ගසා ආපසු එළවා, ඔවුන් නිරන්තර නින්දාවකට පත්කළසේක.


අෂ්දොද් මනුෂ්‍යයෝ ඒ බව දැක: ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය අප ළඟ නොතිබිය යුතුය. මක්නිසාද උන්වහන්සේගේ හස්තය අප පිටත් අපේ දෙවිවූ දාගොන් පිටත් තදව තිබේයයි කීවෝය.


අධර්මිෂ්ඨයාට විනාශයත් අයුතුකම්කරන්නන්ට විපත්තියත් නොවේද?


තවද ඔවුන් ඒක ගෙනගිය පසු ස්වාමීන්වහන්සේගේ හස්තය ඒ නුවර පිටට ඉතා මහත් කැලඹීමක් ඇතුව පැමුණුණේය. උන්වහන්සේ නුවර වැසි ලොකු කුඩා සියල්ලන්ට පහරදුන්සේක, ගඩුද ඔවුන් පිට හටගත්තේය.


ස්වාමීන්වහන්සේ තමන්ට ප්‍රේමකරන සියල්ලන් ආරක්ෂාකරනසේක; නුමුත් සියලු දුෂ්ටයන් විනාශ කරනසේක.


ස්වාමීන්වහන්සේ යටහතුන්ට උපකාරකරනසේක; දුෂ්ටයන් බිම හෙළනසේක.


පසුව පැමිණෙන ඒ සාගතය ඉතා බලවත් නිසා සාරවත්කම දේශයෙහි නොදැනී යන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්