Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 28:27 - Sinhala Revised Old Version

27 සුවවිය නොහැකි ලෙස ස්වාමීන්වහන්සේ මිසරයේ ගඩුවලින්ද අර්ශස්වලින්ද පිළිකාවලින්ද හොරිවලින්ද නුඹට පහරදෙනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 සුව විය නොහැකි ලෙස සමිඳාණන් වහන්සේ ඔබට මිසරයේ වූ ගඩු රෝග ද පිළිකා ද වණ ද කුෂ්ඨ සහ හොරි ද වැළඳෙන්නට සලසන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 සුව විය නොහැකි ලෙස සමිඳාණන් වහන්සේ ඔබට මිසරයේ වූ ගඩු රෝග ද පිළිකා ද වණ ද කුෂ්ඨ සහ හොරි ද වැළඳෙන්නට සලසන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 28:27
16 හුවමාරු යොමු  

එවිට ස්වාමීන්වහන්සේගේ හස්තය අෂ්දොද් වැසියන් කෙරෙහි බරව තිබුණේය, උන්වහන්සේ ඔවුන්ට එනම් අෂ්දොද්හි සහ එහි දිශාවල වැසියන්ට කලල් ගඩු කරණකොටගෙන පහරදී ඔවුන් නාස්තිකළසේක.


නුඹේ පතුළ පටන් හිස්මුදුන දක්වා සුවයක් නොහැකිවන ලෙස ස්වාමීන්වහන්සේ නුඹේ දණහිස්වලටද කකුල්වලටද නපුරු ගඩු හටගැන්වීමෙන් නුඹට පහරදෙනසේක.


කුදෙක්වත් මිට්ටෙක්වත් ඇසේ සුදක් ඇති කෙනෙක්වත් කබොල්ලක් ඇත්තෙක්වත් දද ඇත්තෙක්වත් තැළුණු අණ්ඩ ඇත්තෙක්වත් ළංනොවිය යුතුය;


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන්දී උන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥාවලට කන්දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග රක්ෂාකරන්නෙහිනම් මිසරවරුන් පිට මා පැමිණෙවු රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුවන්නෙමි. මක්නිසාද මම වනාහි නුඹ සුවකරන්නාවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.


ඒවා මිසර දේශය මුළුල්ලෙහි සිහින් ධූලිව, මිසර දේශය මුළුල්ලෙහි මනුෂ්‍යයන් පිටද මෘගයන් පිටද වණ හටගන්නා ගඩුවන්නේයයි කීසේක.


ස්වාමීන්වහන්සේ සියොන් දූවරුන්ගේ ඉස්මුදුනේ කබලු අටගන්වනසේක, ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ රහසඟ නග්නකරනසේක.


උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ට ගසා ආපසු එළවා, ඔවුන් නිරන්තර නින්දාවකට පත්කළසේක.


නොමැරුණු මනුෂ්‍යයෝ ගඩුවලින් පීඩා වින්දෝය. නුවරුන්ගේ විලාපයද අහස දක්වා නැගුණේය.


තවද ඔවුන් ඒක ගෙනගිය පසු ස්වාමීන්වහන්සේගේ හස්තය ඒ නුවර පිටට ඉතා මහත් කැලඹීමක් ඇතුව පැමුණුණේය. උන්වහන්සේ නුවර වැසි ලොකු කුඩා සියල්ලන්ට පහරදුන්සේක, ගඩුද ඔවුන් පිට හටගත්තේය.


ගඩු නිසා මායාකාරයන්ට මෝසෙස් ඉදිරිපිට සිටින්ට නුපුළුවන් වූයේය; මක්නිසාද මායාකාරයන් සහ සියලු මිසරවරුන්ට ගඩු හැදුණේය.


ස්වාමීන්වහන්සේ සියලු රෝග නුඹ කෙරෙන් පහකොට, නුඹ දන්නාවූ මිසරයේ අරිෂ්ට රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුවා, නුඹට වෛරවන සියල්ලන් පිට ඒවා තබනවා ඇත.


ස්වාමීන්වහන්සේ උමතුකමද අන්ධකමද විස්මිතභාවයද යන මේවායින් නුඹට පහරදෙනසේක.


මිසරයට ඇරියාක්මෙන් නුඹලා අතරට වසංගතය එවීමි. නුඹලාගේ තරුණයන් කඩුවෙන් මරාදැමීමි, නුඹලාගේ අශ්වයන්ද අල්ලාගෙනගියෙමි; නුඹලාගේ කඳවුරේ සේනාවල දුර්ගන්ධය නුඹලාගේ නාස්වලට වදින්ටත් සැලැස්වීමි. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔව්හු උදුනේ අලු රැගෙන ඵාරාවෝ ඉදිරිපිට සිටියෝය; මෝසෙස් ඒවා අහස දෙසට ඉස්සේය; ඒවා මනුෂ්‍යයන් පිටත් මෘගයන් පිටත් වණ හටගන්නා ගඩු විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්