Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 28:35 - Sinhala Revised Old Version

35 නුඹේ පතුළ පටන් හිස්මුදුන දක්වා සුවයක් නොහැකිවන ලෙස ස්වාමීන්වහන්සේ නුඹේ දණහිස්වලටද කකුල්වලටද නපුරු ගඩු හටගැන්වීමෙන් නුඹට පහරදෙනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 සමිඳාණන් වහන්සේ ඔබේ යටි පතුල සිට හිස් මුදුන දක්වා සුව විය නොහැකි වණ ද දණහිස්වලත්, පාදවලත් දරුණු ගඩු ද හටගන්නට සලසන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 සමිඳාණන් වහන්සේ ඔබේ යටි පතුල සිට හිස් මුදුන දක්වා සුව විය නොහැකි වණ ද දණහිස්වලත්, පාදවලත් දරුණු ගඩු ද හටගන්නට සලසන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 28:35
8 හුවමාරු යොමු  

සුවවිය නොහැකි ලෙස ස්වාමීන්වහන්සේ මිසරයේ ගඩුවලින්ද අර්ශස්වලින්ද පිළිකාවලින්ද හොරිවලින්ද නුඹට පහරදෙනසේක.


එවිට සුගන්ධ ද්‍රව්‍ය වෙනුවට කුණුද බඳපටිය වෙනුවට ලනුවක්ද හොඳට ගෙතූ වරලස වෙනුවට මුඩුකමද චෝලිය ලිය වෙනුවට ගෝණි බැඳගැනීමද හොබනාකම වෙනුවට හන්වඩුද ඇතිවන්නේය.


ස්වාමීන්වහන්සේ සියොන් දූවරුන්ගේ ඉස්මුදුනේ කබලු අටගන්වනසේක, ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ රහසඟ නග්නකරනසේක.


පතුලේ සිට හිස දක්වා කොයි තැනකවත් කිසි සනීපයක් නැතුව තුවාලද කැලල්ද පැසවන වණද තිබේ. ඒවා මිරිකා ඇරියේවත් බැන්දේවත් තෙල් ගා මොළොක්කළේවත් නැත.


එකල පළමුවෙනියා ගොස් තමාගේ පාත්‍රය භූමියෙහි වැගිරෙවුවේය; එවිට මෘගයාගේ ලකුණ ඇත්තන්ද ඔහුගේ රූපයට නමස්කාරකරන්නන්ද කෙරෙහි වස අරිෂ්ට වණ හටගත්තේය.


නුඹේ ඇස්වලින් දකින කාරණා නිසා නුඹ උමතුකමට පැමිණෙන්නෙහිය.


අබ්සලොම් මෙන් රූප ශෝභාව ගැන ප්‍රශංසා කටයුතු කෙනෙක් මුළු ඉශ්‍රායෙල්හි සිටියේ නැත. පතුළ පටන් හිස්මුදුන දක්වා ඔහුට කිසි කැලලක් නොවීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්