ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්රා 7:25 - Sinhala Revised Old Version

එස්රා, නුඹ වනාහි ගඟ එගොඩ සිටින සියලු සෙනඟ විනිශ්චයකරන පිණිස නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවන් දන්නාවූ විනිශ්චයකාරයන්ද නඩුකාරයන්ද නුඹේ අතේ තිබෙන නුඹේ දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ලෙස පත්කරන්න; ඒවා නොදන්න අයට උගන්වන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“එස්රා, ඔබ යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින සියලු සෙනඟ විනිශ්චය කරන පිණිස, ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව දන්න විනිශ්චයකාරයන් ද නඩුකාරයන් ද ඔබට ප්‍රදානය කොට ඇති ඔබේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලෙස පත් කරගන්න; නොදන්න අයට එය උගන්වන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“එස්රා, ඔබ යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින සියලු සෙනඟ විනිශ්චය කරන පිණිස, ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව දන්න විනිශ්චයකාරයන් ද නඩුකාරයන් ද ඔබට ප්‍රදානය කොට ඇති ඔබේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලෙස පත් කරගන්න; නොදන්න අයට එය උගන්වන්න.

පරිච්ඡේදය බලන්න



එස්රා 7:25
30 හුවමාරු යොමු  

එවිට ඵාරාවෝ තමාගේ සේවකයන්ට කථාකොට: තමා තුළ දෙවියන්වහන්සේගේ ආත්මය ඇත්තාවූ මේ මනුෂ්‍යයා වැනි කෙනෙක් අපට සොයාගන්ට පුළුවන්දැයි කීවේය.


ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: දෙවියන්වහන්සේ මේ සියල්ල නුඹට දැක්වූ නිසා නුඹ පමණ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත කෙනෙක් නැත.


රජු විසින් කළ විනිශ්චය සියලු ඉශ්‍රායෙල්වරු අසා, යුක්තිය සිදුකිරීමට දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව දැක, රජු කෙරෙහි භයවූවෝය.


එවිට අෂූර්හි රජ අණකරමින්: නුඹලා එතැනින් ගෙනා පූජකයන්ගෙන් එක්කෙනෙකු එහි කැඳවාගෙන යන්න. ඔහු ගොස් එහි වාසයකරමින් ඒ දේශයේ දෙවියන්ගේ විධිය ඔවුන්ට උගන්වා දේවයි කීවේය.


එසේය, නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව රක්ෂාකරන පිණිස නුඹට නුවණත් බුද්ධියත් දී, ඉශ්‍රායෙල් ගැන භාරයක් නුඹට දෙනසේක්වා.


මොවුන්ගෙන් විසිහතර දහසක් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වැඩ බලාගැනීමට සිටියෝය; හදහසක් මුලාදෑනියෝව විනිශ්චයකාරයෝව සිටියෝය.


මේ කාරණය නුඹට අයිතිය, අපිත් නුඹ සමඟ සිටිමුව. බලවත්ව සිට ඒක කරන්නැයි එස්රාට කීවේය.


ඒ නිසා ගඟ එගොඩ සිටින දිශාධිපති තැන වන තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ගඟ එගොඩ සිටින අපර්සෙකාවරු වන නුඹලාගේ සහකාරයෝද යන නුඹලා එතැනින් ඈත්ව සිටින්න.


එස්රා ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව සොයන්ටත් පවත්වන්ටත් ඉශ්‍රායෙල්හි පනත්ද විනිශ්චයයන්ද උගන්වන්ටත් තමාගේ සිත යොමුකර ගත්තේය.


මක්නිසාද නුඹ අතේ තිබෙන නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ලෙස යූදා සහ යෙරුසලම ගැන විභාග කරන පිණිසත්,


ඔව්හු තමුන්ගේ ස්ථානයෙහි නැගිට සිට, දවසෙන් හතරෙන් කොටසක් තුළ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාපොත කියෙවුවෝය; තවත් හතරෙන් කොටසක් තුළ පව් කියාදී තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකළෝය.


ස්වාමීන්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත්කරන්නේය. ස්වාමීන්ගේ සාක්ෂිය සත්‍යය, නුවණ නැත්තන් ඥානවත්කරන්නේය.


මක්නිසාද ප්‍රඥාව දෙන්නේ ස්වාමීන්වහනසේය; උන්වහන්සේගේ මුඛයෙන් දැනගැන්මද ඥානයද පැමිණෙන්නේය.


මක්නිසාද නපුරු ස්ත්‍රියගෙන්ද අන් තැනැත්තියෙකුගේ දිවේ ඉච්චාවෙන්ද නුඹ ආරක්ෂාකරන පිණිස


මක්නිසාද පූජකයා විසින් තමාගේ තොල්වල දැනගැන්ම තබාගැනීම යුතුය, මිනිසුන් වනාහි ව්‍යවස්ථාවද ඔහුගේ මුඛයෙන් දැනගත යුතුය. කුමක්හෙයින්ද ඔහු සේනාවල ස්වාමීන්වහන්සේගේ පණිවිඩකාරයෙක්ය.


එවිට උන්වහන්සේ ඔවුන්ට කථාකොට: එහෙයින් ස්වර්ග රාජ්‍යය සඳහා ගෝලයෙක්වී සිටින යම් ලියන්නෙක් ඇද්ද, ඔහු තමාගේ ගබඩාවෙන් අලුත් දේත් පරණ දේත් පිටතට ගෙනෙන්නාවූ ගෙදර ස්වාමියෙකුට සමානයයි කීසේක.


උන්වහන්සේ ගොඩබැස්ස කල මහත් සමූහයක් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්ට පටන්ගත්සේක.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන සියලු දොරටුවල නුඹේ ගෝත්‍රවල හැටියට විනිශ්චයකාරයන්ද මුලාදෑනීන්ද පත්කරගන්න. ඔව්හු ධර්මිෂ්ඨකමින් සෙනඟ විනිශ්චය කෙරෙත්වා.


අපි නම් ක්‍රිස්තුස්වහන්සේ තුළ සියලු මනුෂ්‍යයන් සම්පූර්ණකොට ඔප්පුකරන පිණිස සියලු මනුෂ්‍යයන්ට දැනමුතුකම් දෙමින්ද සියලු මනුෂ්‍යයන්ට සියලු ආකාර ප්‍රඥාවෙන් උගන්වමින්ද උන්වහන්සේ ප්‍රකාශකරමුව.


නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.