Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 6:6 - Sinhala Revised Old Version

6 ඒ නිසා ගඟ එගොඩ සිටින දිශාධිපති තැන වන තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ගඟ එගොඩ සිටින අපර්සෙකාවරු වන නුඹලාගේ සහකාරයෝද යන නුඹලා එතැනින් ඈත්ව සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 දාරියුස් රජ මේ නියෝගය නිකුත් කෙළේ ය: “මේ නිසා යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින දිශාධිපති තැන වන තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින පර්සියාවේ නිලධාරීන් ද ඔබේ සහකාරයන් ද යන ඔබ හැම දෙන ම එතැනින් ඈත් ව සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 දාරියුස් රජ මේ නියෝගය නිකුත් කෙළේ ය: “මේ නිසා යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින දිශාධිපති තැන වන තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින පර්සියාවේ නිලධාරීන් ද ඔබේ සහකාරයන් ද යන ඔබ හැම දෙන ම එතැනින් ඈත් ව සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 6:6
14 හුවමාරු යොමු  

ඒ කාලයේදී ගඟ මෙගොඩ සිටි තත්තෙනයි නම් දිශාධිපතියාද ෂෙතර්-බෝසෙනයිද ඔවුන්ගේ සහකාරයෝද ඔවුන් ළඟට ඇවිත් කථාකොට: මේ ගෘහය ගොඩනගන්ටත් මේ පවුර නිමකරන්ටත් නුඹලාට නියෝගයක් කළේ කවුදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.


එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද?


ස්වාමීන්වහන්සේට විරුද්ධව ප්‍රඥාවක්වත් නුවණක්වත් මන්ත්‍රණයක්වත් නැත.


ගඟ මෙගොඩ සිටි දිශාධිපති තැනවූ තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ගඟ මෙගොඩ සිටි අපර්සෙකාවරුන්වූ ඔහුගේ සහකාරයන්ද විසින් දාරියුෂ් රජුට යැවූ ලියුම් පිටපතය.


ඈ අහකට ඇරීමෙන් ඔබ මදක් ඈට දඬුවම්කරනසේක; පෙරදිගින් හුළඟ ගසන දවසේදී උන්වහන්සේ තමන්ගේ තද හුළඟින් ඈ පහකළසේක.


රජුගේ සිත දිය පාරවල් මෙන් ස්වාමීන්වහන්සේගේ අතෙහි පවතී; උන්වහන්සේ කැමැති අතකට ඒක හරවනසේක.


සැබවින් මනුෂ්‍යයාගේ උදහසින් ඔබට ප්‍රශංසා ලැබෙන්නේය. උදහසේ ඉතිරි කොටස ඔබ ආයුධ කොට බැඳගන්නාසේක.


අහෝ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත් ඔබගේ නාමය කෙරෙහි භය පක්ෂව සිටීමට ප්‍රියවෙන ඔබගේ මෙහෙකරුවන්ගේ යාච්ඤාවටත් ඔබගේ කන් යොමා, අද ඔබගේ මෙහෙකරුවාට සඵලය දී, මේ මනුෂ්‍යයා ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්ට සැලැස්සුව මැනවයි කීමි. මම වනාහි රජුගේ පාත්‍රාධාරීව සිටියෙමි.


ඒ මනුෂ්‍යයා නුඹලාගේ අනික් සහෝදරයාද බෙන්යමින්ද නුඹලාට නිදහස්කර දෙන පිණිස සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ ඔහුගෙන් නුඹලාට කරුණාව ලැබෙන්ට සලස්වනසේක්වා. මාගේ දරුවන් මා කෙරෙන් තුරන් වුණොත් මම සැබවින්ම දරුවන් නැති කෙනෙක්මෙන් වෙමියි ඔවුන්ට කීවේය.


යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක.


එවිට ආණ්ඩුකාරයාවූ රෙහුම්ද ලේකම්වූ ෂිම්ෂයිද ඔවුන්ගේ අනික් සහකාරයෝ වන දිනාවරුද අපර්සත්කාවරුද ටර්පෙලාවරුද අපාර්සාවරුද අර්කෙවාවරුද බබිලෝනිවරුද ෂූෂන්කාවරුද දේහාවරුද ඒලාම්වරුද,


දෙවියන්වහන්සේගේ මේ ගෘහයේ වැඩ කෙරීගන ගියාවේ. යුදෙව්වරුන්ගේ දිශාධිපතියාද යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලෝද දෙවියන්වහන්සේගේ මේ ගෘහය ස්වකීය ස්ථානයෙහි ගොඩනගත්වා.


එවිට ගඟ මෙගොඩ සිටි දිශාධිපති තැනවූ තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ඔවුන්ගේ සහකාරයෝද දාරියුෂ් රජු විසින් ආඥාව එවූ බැවින් ඉක්මනින් ඒ හැටියට කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්