Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 6:34 - Sinhala Revised Old Version

34 උන්වහන්සේ ගොඩබැස්ස කල මහත් සමූහයක් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්ට පටන්ගත්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 උන් වහන්සේ ගොඩට ආ කල, මහ පිරිසක් දැක, එඬේරෙකු නැති බැටළුවන් වැනි වූ, ඔවුන්ට අනුකම්පා කොට, ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

34 උන්වහන්සේ වෙරළට ගොඩ බැස්ස කල, ඒ විශාල ජනකාය දැක, ඔවුන්ට දයානුකම්පා කළ සේක; මන්ද ඔවුන් එඬේරකු නැති බැටළු රැළක් වැනි වූ බැවිනි. එබැවින් උන්වහන්සේ ඔවුන්ට බොහෝ දෑ උගන්වන්නට වන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 උන් වහන්සේ ගොඩට ආ කල, මහ පිරිසක් දැක, එඬේරෙකු නැති බැටළුවන් වැනි වූ, ඔවුන්ට අනුකම්පා කොට, ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 6:34
19 හුවමාරු යොමු  

උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක.


ඔවුන්ට පෙරටුව පිටතට යන්ටත් ඔවුන්ට පෙරටුව ඇතුළට එන්ටත් ඔවුන් පිටතට ගෙනයන්ටත් ඇතුළට ගෙන එන්ටත් සභාව කෙරෙහි මනුෂ්‍යයෙකු පත්කරනසේක්වයි කීවේය.


එහෙත් සමූහයෝ එය දැනගෙන උන්වහන්සේ අනුව ගියෝය. උන්වහන්සේ ඔවුන් පිළිගෙන, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට කථාකොට, සුවය ඕනෑ අයට සුවකළසේක.


තෙරඵීම් රූප නිෂ්ඵල දේ කථාකළෝය, පේනකියන්නෝ බොරු දේ දුටුවෝය; නිරර්ථක ස්වප්න කියාදුන්නෝය, ඔව්හු නිෂ්ඵලයේ සනසති. එබැවින් ඔව්හු බැටළුවන් මෙන් ගමන්කරමින් එඬේරෙක් නැති නිසා දුකට පැමිණෙති.


මාගේ සෙනඟ වනාහි නැතිවූ බැටළුවෝ සිටියෝය. ඔවුන්ගේ එඬේරු ඔවුන් මුළාකරවා, කඳුවල ඉවත යන්ට සැලැස්සුවෝය. ඔව්හු කන්දෙන් හෙලට ගොස්, තමුන්ගේ ලැගුම්පල මතක නැතිකළෝය.


එවිට ඔහු කථාකොට: සියලු ඉශ්‍රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසිර ඉඳිනු දුටුමි. එවිට ස්වාමීන්වහන්සේ–මොවුන්ට ස්වාමියෙක් නැත; එකිනෙකා තම තමාගේ ගෙදරට සමාදානයෙන් හැරීයේවයි කියා වදාළසේකැයි කීවේය.


එවිට ඔහු කථාකොට: සියලු ඉශ්‍රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසර ඉන්නවා දුටුමි. තවද ස්වාමීන්වහන්සේ–මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සමාදානයෙන් හැරී යේවයි කියා කීසේකැයි කීවේය.


මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය.


උන්වහන්සේ නික්මවිත්, මහත් සමූහයක් දැක, ඔවුන් කෙරෙහි අනුකම්පාවී, ඔවුන්ගේ රෝගීන් සුවකළසේක.


එබැවින් සෙනඟගේ පව් උදෙසා ශාන්ති පූජාවක් ඔප්පුකිරීමට දෙවියන්වහන්සේ පිළිබඳ කාරණා ගැන දයාවන්තවූ විශ්වාසවූ උත්තම පූජකයෙක් වෙන පිණිස, සියලු දෙයින්ම තමන්ගේ සහෝදරයන්ට සමානවෙන්ට උන්වහන්සේට යුතුවූයේය.


යේසුස්වහන්සේ ගෝලයන් තමන් වෙතට කැඳවා කියනසේක්: මම සමූහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙමි, මක්නිසාද ඔව්හු දැනට තුන් දවසක් මා ළඟ සිටිති; ඔවුන්ට කන්ට කිසිත් නැත. ඔවුන් බඩගින්නෙන් හරින්ට නොකැමැත්තෙමි, හැරියෙම් නම් මාර්ගයේදී ඔවුන් ක්ලාන්තවෙන්ට පුළුවනැයි කීසේක.


එවිට එළවනලද තිත් මුවෙකු මෙන්ද කවුරුවත් එක්කර නොගන්නාවූ බැටළුවන් මෙන්ද ඔවුන් එකිනෙකා තම තමාගේ සෙනඟ වෙතට හැරී, තම තමාගේ දේශයට පලායනවා ඇත.


එඬේරෙක් නැතුව උන් විසිර ගොස් වනයේ සියලු සත්වයන්ට ගොදුරු වූවෝය, උන් විසිරගියෝය.


සෙනඟ ඔවුන් යනවා දැක, බොහෝ දෙනෙක් ඔවුන් හැඳින, සියලු නුවරවලින් එක්ව පයින් දුවගොස්, ඔවුන්ට පළමුවෙන් එහි පැමිණියෝය.


දවාල බොහෝසේ ගෙවුණු කල උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙතට ඇවිත්: මේ වනාහි වනාන්තර ස්ථානයක්ය, දවාල බොහෝසේ ගෙවී තිබේ.


ඒ දවස්වලදී නැවත ඉතා මහත් සමූහයක් රැස්වූ කල, ඔවුන්ට කන්ට කිසිවක් නොතිබුණු බැවින් උන්වහන්සේ තමන් ගෝලයන් කැඳවා:


සමූහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙමි, මක්නිසාද ඔව්හු දැනට තුන් දවසක් මා ළඟ සිටිති, ඔවුන්ට කන්ට කිසිවක් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්