Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 23:4 - Sinhala Revised Old Version

4 මොවුන්ගෙන් විසිහතර දහසක් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වැඩ බලාගැනීමට සිටියෝය; හදහසක් මුලාදෑනියෝව විනිශ්චයකාරයෝව සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 මොවුන්ගෙන් විසිහතරදහසක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ බලා ගැනීමට සිටියෝ ය. හයදහසක් මුලාදෑනියෝ ද විනිශ්චයකාරයෝ ද වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 මොවුන්ගෙන් විසිහතරදහසක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වැඩ බලා ගැනීමට සිටියෝ ය. හයදහසක් මුලාදෑනියෝ ද විනිශ්චයකාරයෝ ද වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 23:4
16 හුවමාරු යොමු  

තවද යෙහෝෂාපාට් ලෙවීවරුන්ගෙන්ද පූජකයන්ගෙන්ද ඉශ්‍රායෙල් පියවංශවල ප්‍රධානීන්ගෙන්ද සමහරෙකුන් ස්වාමීන්වහන්සේගේ විනිශ්චය උදෙසාත් පැමිණිලි උදෙසාත් යෙරුසලමෙහි සිටෙවුවේය. ඔව්හු යෙරුසලමට හැරී ආවෝය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන සියලු දොරටුවල නුඹේ ගෝත්‍රවල හැටියට විනිශ්චයකාරයන්ද මුලාදෑනීන්ද පත්කරගන්න. ඔව්හු ධර්මිෂ්ඨකමින් සෙනඟ විනිශ්චය කෙරෙත්වා.


දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙන්න.


මක්නිසාද පූජකයා විසින් තමාගේ තොල්වල දැනගැන්ම තබාගැනීම යුතුය, මිනිසුන් වනාහි ව්‍යවස්ථාවද ඔහුගේ මුඛයෙන් දැනගත යුතුය. කුමක්හෙයින්ද ඔහු සේනාවල ස්වාමීන්වහන්සේගේ පණිවිඩකාරයෙක්ය.


යෙරුසලමෙහි සිටි ලෙවීවරුන්ගේ මුලාදෑනියා නම් ගීතිකාකාරයන් වන ආසාප්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ මීකාගේ පුත්‍රවූ මත්තනියාගේ පුත්‍රයා වන හෂබියාගේ පුත්‍රවූ බානීගේ පුත්‍රයා වන උස්සීය; ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩපළ කෙරෙහි පත්ව සිටියේය.


සික්රීගේ පුත්‍රවූ යෝවෙල් ඔවුන් කෙරෙහි මුලාදෑනියාව සිටියේය. හස්සෙනුවාගේ පුත්‍රවූ යූදාතෙම නුවර කෙරෙහි දෙවෙනියාව සිටියේය.


ඔවුන්ගේ සහෝදරයෝවූ ලෙවීවරු දෙවියන්වහන්සේගේ ගෘහය වන මණ්ඩපයේ මුළු මෙහෙයට පත්වී සිටියෝය.


පැමිණිල්ලක් ගැන නම් ඔව්හුම විනිශ්චයකිරීමට සිට, මාගේ විනිශ්චයවල හැටියට ඒක විනිශ්චයකරත්වා. මාගේ ව්‍යවස්ථාද මාගේ නියෝගද ඔව්හු මාගේ සියලු සභාවලදී රක්ෂාකරත්වා; මාගේ සබත් දවස්ද ශුද්ධකොට පවත්වත්වා.


තවද දාවිත්ගේ නියමයේ ප්‍රකාරයට ප්‍රීතියද ගීකීමද ඇතුව ස්වාමීන්වහන්සේගේ දවන පූජා මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ලෙස ඔප්පුකිරීමට, යෙහෝයාදා ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙයවල් දාවිත් විසින් ස්වාමීන්වහන්සේගේ ගෘහය කෙරෙහි බෙදා නියමකළ ලෙවීවරුන්වූ පූජකයන් අතට භාරකෙළේය.


ඔව්හු බර උසුලන්නන් කෙරෙහිත් එක එක සේවයේ වැඩය කරන සියල්ලන් කෙරෙහිත් මුලාදෑනියෝව සිටියෝය. ලෙවීවරුන්ගෙන් සමහරු ලියන්නෝව මුලාදෑනියෝව දොරටුපාලයෝව සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්