බැටළු රැළක් මෙන් යෝසෙප් ගෙනයන්නාවූ, ඉශ්‍රායෙල්ගේ එඬේරාණෙනි, කන්දුනමැනව; කෙරුබිම් පිට වැඩහිඳින තැනන්වහන්ස, බැබළුව මැනව.
එසකියෙල් 37:24 - Sinhala Revised Old Version මාගේ සේවකයාවූ දාවිත් ඔවුන් කෙරෙහි රජවන්නේය; ඔවුන් සියල්ලන්ටම එක එඬේරෙක් වන්නේය. ඔව්හු මාගේ විනිශ්චයන් ලෙස හැසිර, මාගේ පනත් පවත්වා, ඒවා කරන්නෝය. Sinhala New Revised Version මාගේ සේවක දාවිත් වැනි රජෙක් ඔවුන් කෙරෙහි රජ වන්නේ ය; ඔවුන් සියල්ලන්ට ම එක එඬේරෙක් වන්නේ ය. ඔව්හු මාගේ නියෝග ලෙස හැසිර, මාගේ පණත් අනුගමනය කර ඒවා ඉටු කරන්නෝ ය. Sinhala New Revised Version 2018 මාගේ සේවක දාවිත් වැනි රජෙක් ඔවුන් කෙරෙහි රජ වන්නේ ය; ඔවුන් සියල්ලන්ට ම එක එඬේරෙක් වන්නේ ය. ඔව්හු මාගේ නියෝග ලෙස හැසිර, මාගේ පනත් අනුගමනය කර ඒවා ඉටු කරන්නෝ ය. |
බැටළු රැළක් මෙන් යෝසෙප් ගෙනයන්නාවූ, ඉශ්‍රායෙල්ගේ එඬේරාණෙනි, කන්දුනමැනව; කෙරුබිම් පිට වැඩහිඳින තැනන්වහන්ස, බැබළුව මැනව.
ප්‍රඥාවන්තයාගේ වචන කෙවිටිවලටද ඔහුගේ උපදේශ සංග්‍රහය හොඳට ගසා තැබූ ඇණවලටද සමානය, ඒවා එක එඬේරෙකු විසින් දෙනලද්දේය.
එඬේරෙකු මෙන් උන්වහන්සේ තමන්ගේ රැළ පෝෂ්‍යකරනසේක, බැටළුපැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරමින්, කිරිදෙන බැටළුදෙනුන් හෙමින් ගෙනයනසේක.
බලව, මා විසින් දාවිත්ට ධර්මිෂ්ඨවූ පැළෑටියක් නැගුටුවන දවස් පැමිණෙන්නේය, උන්වහන්සේ රජෙක්ව රජකම්කරමින් නුවණින් ක්‍රියාකොට, ධර්මිෂ්ඨකමත් යුක්තියත් දේශයෙහි ඉෂ්ටකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔවුන්ගේ අධිපතියා ඔවුන්ගෙන්ම කෙනෙක් වන්නේය, ඔවුන්ගේ ආණ්ඩුකාරයාද ඔවුන් අතරෙන්ම නික්ම එන්නේය; ඔහු මා වෙතට ළංවන පිණිස ඔහු ළඟට පමුණුවා ගනිමි. මක්නිසාද මා වෙතට ළං වීමට නිර්භීතකම ඇති තැනැත්තා කවුදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔව්හුද තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් මා විසින් ඔවුන්ට නැගුටුවාදෙන තමුන්ගේ රජවූ දාවිත්ටත් සේවයකරන්නෝය.
නුමුත් ඒ දවස්වලට පසු මා ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝය.
ඔවුන්ටත් ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ටත් ශුභසිද්ධවෙන පිණිස සෑම කල්හිම මා කෙරෙහි භයවීමට එක සිතක්ද එක මාර්ගයක්ද ඔවුන්ට දෙන්නෙමි.
අහස් සේනාව ගණන්කරන්ටවත් මුහුදු වැලි මනින්ටවත් බැරුවාක්මෙන් මාගේ මෙහෙකරුවාවූ දාවිත්ගේ වංශයද මට සේවයකරන ලෙවීවරුන්ද වැඩිකරන්නෙමියි කීය.
මක්නිසාද උස්වූ ඉශ්‍රායෙල් කන්ද වන මාගේ ශුද්ධ කන්දේදී මුළු ඉශ්‍රායෙල් වංශය වන දේශයෙහි සිටින ඔවුන් සියල්ලෝම මට සේවයකරන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එහිදී මම ඔවුන් පිළිගන්නෙමි, එහිදී මම නුඹලාගේ පඬුරුද නුඹලා ඔප්පුකරන ප්‍රථම ඵලද නුඹලාගේ සියලු ශුද්ධ දේත් ඇතුළුව මට දෙන්ට නියමකරන්නෙමි.
පෙරළාදමන්නෙමි, පෙරළාදමන්නෙමි. පෙරළාදමන්නෙමි. අයිතිවාසිය ඇති තැනැත්තා එන තුරු ඒකත් තවත් නොවන්නේය; මම ඒක ඔහුට දෙන්නෙමි.
මාගේ ආත්මය නුඹලා තුළ තබා, නුඹලා මාගේ පනත් ප්‍රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නෙමි.
දේශයෙහි ඉශ්‍රායෙල් කඳු පිට ඔවුන් එක ජාතියක් කරන්නෙමි; එක රජෙක්ද ඔවුන් සියල්ලන්ටම රජ වන්නේය. ඔව්හු තවත් ජාති දෙකක් නොවන්නෝය, තවත් රාජ්‍ය දෙකකට නොබෙදෙන්නෝය.
මාගේ සේවකයාවූ යාකොබ්ට මා දුන්නාවූ, නුඹලාගේ පියවරුන් වාසයකළාවූ දේශයෙහි ඔවුන් වාසයකරනවා ඇත; එසේ ඔවුන් සහ ඔවුන්ගේ දරුවෝද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝද සදාකාලේටම එහි වාසයකරන්නෝය. මාගේ සේවකයාවූ දාවිත්ද සදාකාලේටම ඔවුන්ට අධිපතියා වන්නේය.
පඬුරවූ ශුද්ධ කොටසටත් නුවර කොටසටත් දෙපැත්තෙහි, එනම් උපහාරයවූ ශුද්ධ කොටසටත් නුවර කොටසටත් යාව දිගටම බස්නාහිර පැත්තෙහි සහ නැගෙනහිර පැත්තෙහි, අධිපතියාට කොටස්වේවා. ඒවායේ දිග බස්නාහිර සීමාවේ සිට නැගෙනහිර සීමාවට (ගෝත්‍ර) කොටස්වලින් එකක හරියේ තිබේවා.
පසුව ඉශ්‍රායෙල් පුත්‍රයෝ හැරී තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද තමුන්ගේ රජවූ දාවිත්ද සොයා, මතු දවස්වලදී භයින් යුක්තව ස්වාමීන්වහන්සේ වෙතටත් උන්වහන්සේගේ යහපත්කමටත් පැමිණෙන්නෝය.
නුමුත් බෙත්-ලෙහෙම් එප්‍රාතා, යූදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන්, ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය; උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වූයේය.
උන්වහන්සේ සිටගෙන ස්වාමීන්වහන්සේගේ බලයෙන් සහ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයේ මහිමයෙන්ද තමන් රැළ පෝෂ්‍යයකරනවා ඇත. ඔව්හු පවතින්නෝය; මක්නිසාද උන්වහන්සේ එකල පොළෝ සීමා දක්වා උතුම්ව සිටිනවා ඇත.
එම්බා කඩුව, මාගේ එඬේරාටත් මාගේ සහායකාරවූ මනුෂ්‍යයාටත් විරුද්ධව පිබිදෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එඬේරාට පහරදෙන්න, එවිට බැටළුවන් විසිරී යනවා ඇත; නුමුත් කුඩා තැනැත්තන් පිටට මාගේ අත හරවන්නෙමි.
උන්වහන්සේ උතුම්ව මහෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක. උන්වහන්සේගේ පියවූ දාවිත්ගේ සිංහාසනය දෙවිවූ ස්වාමීන්වහන්සේ උන්වහන්සේට දෙනසේක.
ඉතින් නුඹලා සියල්ලෙහිදී මා සිහිකර, මා විසින් නුඹලාට භාරදුන් නියෝග භාරදුන් හැටියට පවත්වන නිසා නුඹලාට ප්‍රශංසාකරමි.
මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන්වහන්සේ ඒවා කලින් සූදානම්කළ-සේක.
නුඹ ජීවත් වෙන පිණිස නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන හැටියට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ සිතද නුඹේ දරුමුණුබුරන්ගේ සිත්ද චර්මඡේද්‍යය කරනසේක.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයව නුඹේ ජීවිතයේ සියලු දවස්වල නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාද මා විසින් නුඹට අණකරන උන්වහන්සේගේ සියලු පනත් සහ ආඥා පවත්වන පිණිසත් නුඹේ දවස් වැඩිවෙන පිණිසත්,
ඉතින් සදාකාල ගිවිසුමේ ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහත් එඬේරා වන අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේව මළවුන් කෙරෙන් නැවත ගෙනාවාවූ සමාදානයේ දෙවියන්වහන්සේ,