Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 20:40 - Sinhala Revised Old Version

40 මක්නිසාද උස්වූ ඉශ්‍රායෙල් කන්ද වන මාගේ ශුද්ධ කන්දේදී මුළු ඉශ්‍රායෙල් වංශය වන දේශයෙහි සිටින ඔවුන් සියල්ලෝම මට සේවයකරන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එහිදී මම ඔවුන් පිළිගන්නෙමි, එහිදී මම නුඹලාගේ පඬුරුද නුඹලා ඔප්පුකරන ප්‍රථම ඵලද නුඹලාගේ සියලු ශුද්ධ දේත් ඇතුළුව මට දෙන්ට නියමකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 මක්නිසා ද, උස් වූ ඉශ්රායෙල් කන්ද වන මාගේ ශුද්ධ කන්දේ දී මුළු ඉශ්රායෙල් වංශය වසන දේශයෙහි සිටින ඔවුන් සියල්ලන් මට සේවය කරනු ඇතැ”යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. “එහි දී මම ඔවුන් පිළිගන්නෙමි. එහි දී මම නුඹලාගේ පඬුරු ද නුඹලා ඔප්පු කරන ඉස්තරම් දීමනා ද නුඹලාගේ ශුද්ධ පූජා සමඟ මට පුදන්න නියම කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 මක්නිසා ද, උස් වූ ඉශ්රායෙල් කන්ද වන මාගේ ශුද්ධ කන්දේ දී මුළු ඉශ්රායෙල් වංශය වසන දේශයෙහි සිටින ඔවුන් සියල්ලන් මට සේවය කරනු ඇතැ”යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. “එහි දී මම ඔවුන් පිළිගන්නෙමි. එහි දී මම නුඹලාගේ පඬුරු ද නුඹලා ඔප්පු කරන ඉස්තරම් දීමනා ද නුඹලාගේ ශුද්ධ පූජා සමඟ මට පුදන්න නියම කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 20:40
29 හුවමාරු යොමු  

මාගේ ශුද්ධ කන්දට පමුණුවා මාගේ යාච්ඤා-ගෘහයෙහි ඔවුන් ප්‍රීතිවන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ දවන පූජා සහ යාග මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේය. මක්නිසාද මාගේ ගෘහය සියලු ජනයන්ට යාච්ඤා-ගෘහයක්යයි කියනු ලබන්නේය.


එකල යූදාහිද යෙරුසලමේද පූජාව පුරාණ දවස්වලදීත් පළමු අවුරුදුවලදීත් මෙන් ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේය.


කේදාර්හි සියලු එළු බැටළු රැළවල් නුඹ වෙතට රැස්කරනු ලැබෙත්, නෙබායොත්හි බැටළුවෝ නුඹට සේවයකරත්. උන් මාගේ පූජාසනය පිටට පැමිණ පිළිගනු ලැබෙත්. මමද මාගේ තේජසේ ගෘහය අලංකාරකරන්නෙමි.


නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ප්‍රසන්නවූ ආත්මික පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නහුය,


එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.


ඒ දවස් තින්දුවුණාම අටවෙනි දවසෙත් මතුත් පූජකයෝ නුඹලාගේ දවන පූජාද නුඹලාගේ ශාන්ති පූජාද පූජාසනය පිට ඔප්පු කරත්වා; මමද නුඹලා පිළිගන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ වදාරනසේකැයි කීසේක.


මම එය උස්වූ ඉශ්‍රායෙල් කන්ද උඩ හිටවන්නෙමි. එයද අතු ලියලා, ඵල හටගෙන, උතුම් කිහිරි ගසක් වන්නේය. සියලු ආකාර පියාපත් ඇති පක්ෂීහු ඒ යට ලගින්නෝය; එහි අතුවල සෙවණේ උන් ලගින්නෝය.


තවද අමාවකක් අමාවකක් පාසාද සබත් දවසක් සබත් දවසක් පාසාද මා ඉදිරියෙහි නමස්කාරකරන්ට සියලු මනුෂ්‍යයෝ එන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔහු මහත්වූ උස්වූ කන්දකට ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මා ගෙනගොස්, ශුද්ධ නුවරවූ යෙරුසලම දෙවියන්වහන්සේගේ තේජස ඇතුව දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා මට පෙන්නුවේය.


තවද මහත් පුදුමයක් අහසෙහි දක්නාලද්දේය. එනම් සූර්යයා පැළඳගෙන, පාදයට චන්ද්‍රයාද හිස පිට තාරකා දොළොසකින් යුක්ත ඔටුන්නක්ද ඇති ස්ත්‍රියෙක්ය;


මක්නිසාද ඉර උදාවන තැන් පටන් බස්නා තැන දක්වා මාගේ නාමය ජාතීන් අතරේ උතුම්ය; සියලුම ස්ථානවල සුවඳ දුම්ද පිරිසිදු පූජාවක්ද මාගේ නාමයට ඔප්පුකරනු ලබන්නේය. එසේය, මාගේ නාමය ජාතීන් අතරේ උතුම්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


එසේය, මාගේ ශුද්ධවූ කන්දෙහි සිටින නුඹලා බීවාක් මෙන් සියලු ජාතීන් නිතරම බොනවා ඇත, එසේය, ඔවුන් බී, ගිලගන, ඔවුන් නොසිටියාක්මෙන් වෙනවා ඇත.


ඔව්හු ඇවිත් සියොන්හි උස් ස්ථානය පිට ගී කියන්නෝය, ඔව්හු ධාන්‍යද මුද්‍රික යුසද තෙල්ද බැටළුපැටවුන්ද ගවවස්සන්ද නිසා ස්වාමීන්වහන්සේගේ යහපත්කම කරා එක්ව ගලාගන එන්නෝය. ඔවුන්ගේ ආත්මයද ජල සම්පන්න උයනක් මෙන් වන්නේය; ඔව්හු තවත් කිසිසේත් මලානික නොවන්නෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් පිරිසිදු භාජනයක ස්වාමීන්වහන්සේගේ ගෘහයට පඬුරු ගෙනෙන්නාක්මෙන් ඔවුන් නුඹලාගේ සියලු සහෝදරයන් සියලු ජාතීන් අතරෙන් අශ්වයන් පිටින්ද රථවලින්ද දෝලාවලින්ද අශ්වතරයන් පිටින්ද ඔටුවන් පිටින්ද මාගේ ශුද්ධ කන්ද වන යෙරුසලමට ස්වාමීන්වහන්සේට පඬුරක් කොට ගෙනෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මම සියොන්නම් මාගේ පිරිසිදු කන්ද මතුයෙහි මාගේ රජ්ජුරුවන් පිහිටුවීමියි කියනසේක.


එපමණක් නොව ආත්මයාණන්වහන්සේ නමැති ප්‍රථම ඵල ලැබූ අපිද අපේ ශරීරයේ මිදීම, එනම් පුත්‍රකමට පිළිගනු ලැබීම, බලා සිටිමින් අප තුළෙහිම කෙඳිරිගාමුව.


රජ්ජුරුවෙනි, අරව්නා මේ සියල්ල රජ්ජුරුවන්ට දෙන්නේයයි දාවිත්ට කීවේය. තවද අරව්නා කථාකොට: ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ පිළිගන්නාසේක්වයි රජුට කීවේය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මමත් උස්වූ කිහිරි ගසේ මුදුනෙන් කෑල්ලක් ගෙන හිටවන්නෙමි; එහි මුදුන් රිකිලිවලින් ළපටි එකක් කඩාගෙන උසස්ව තිබෙන උස්වූ කන්දක් උඩ හිටවන්නෙමි.


නුඹ පියාපත් විදහාගෙන සිටින අභිෂේකලත් කෙරුබයෙක් වූයෙහිය. මම නුඹ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ කන්දෙහි සිටෙවුවෙමි; නුඹ ගිනි ඇවිළෙන ගල් අතරෙහි ඇවිද්දෙහිය.


දෙවියන්වහන්සේගේ දර්ශනවලින් උන්වහන්සේ ඉශ්‍රායෙල් දේශයට මා පමුණුවා, ඉතා උස්වූ කන්දක් උඩ මා සිටෙවුසේක; ඒක පිට නුවරක නිර්මාණය වැනි දෙයක් දකුණෙන් තිබුණේය.


ගෘහයේ නියමය මෙසේය: කන්ද මුදුනෙහි වටකරම එහි මුළු සීමාව ඉතා ශුද්ධය. ගෘහයේ ව්‍යවස්ථාව ඒකය.


නුඹ මට විරුද්ධව කළාවූ නුඹේ සියලු අපරාධ ක්‍රියා නිසා ඒ කාලයේදී නුඹ ලජ්ජාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද මම එකල නුඹේ උඩඟුවූ ප්‍රීතිමත්වන්නන් නුඹ තුළෙන් පහකරන්නෙමි, නුඹද මාගේ ශුද්ධවූ කන්දෙහි තවත් උදාරම් නොවන්නෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්