Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

හොෂෙයා 3 - Sinhala Revised Old Version


වරදකාර ස්ත්‍රිය හරවාගැනීමට උත්සාහය

1 තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඉශ්‍රායෙල් පුත්‍රයන් අන් දෙවිවරුන් වෙතට හැරී [ඔවුන්ට පිළිගන්වන] මුද්‍රිකඵල කැටිවලට ඇලුම්වෙන නුමුත් ස්වාමීන්වහන්සේ ඔවුන්ට ප්‍රේමකරන්නාක්මෙන්ම නුඹ නැවත ගොස්, මිත්‍රයෙකුගේ ප්‍රේමවන්තියක් වී කාමමිථ්‍යාචාරිණියක්ව සිටින ස්ත්‍රියෙකුට ප්‍රේමවෙන්නැයි කීසේක.

2 මමද රිදී පහළොහකටත් යව හෝමෙර් එකහමාරකටත් ඈ මිලයට ගෙන:

3 නුඹ වේශ්‍යාකම් නොකර, පුරුෂයෙකුට නොබැඳී, බොහෝ දවස් මා ගැන බලාසිටින්න. මමත් නුඹ ගැන එසේම බලා සිටින්නෙමියි ඈට කීවෙමි.

4 මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ බොහෝ දවස් රජෙක්වත් අධිපතියෙක්වත් පූජාවක්වත් රූපස්තම්භයක්වත් පූජක සැට්ටයක්වත් තෙරඵීම් රූපවත් නැතුව සිටින්නෝය.

5 පසුව ඉශ්‍රායෙල් පුත්‍රයෝ හැරී තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද තමුන්ගේ රජවූ දාවිත්ද සොයා, මතු දවස්වලදී භයින් යුක්තව ස්වාමීන්වහන්සේ වෙතටත් උන්වහන්සේගේ යහපත්කමටත් පැමිණෙන්නෝය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්