ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 17:14 - Sinhala Revised Old Version

මෙසේ කළේ රාජ්‍යය පහත්ව තිබී ඔහුගේ ගිවිසුම පැවැත්වීම කරණකොටගෙන එය පවතිනවා මිස නැවත උසස් නොවන පිණිසය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙසේ කෙළේ, රාජ්‍යය පහත් තත්ත්වයේ ම සිට උසස් නොවන පිණිසත්, ගිවිසුම පවත්වන බවට සහතික වන ලෙසත් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙසේ කෙළේ, රාජ්‍යය පහත් තත්ත්වයේ ම සිට උසස් නොවන පිණිසත්, ගිවිසුම පවත්වන බවට සහතික වන ලෙසත් ය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 17:14
11 හුවමාරු යොමු  

එකල යෙරෙමියා ශෙදෙකියාට කථාකොට: සේනාවල දෙවියන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ඇත්තටම බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට පිටතට ගියොත් නුඹේ ප්‍රාණය ජීවත්වන්නේය, මේ නුවරද ගිනිලනු නොලබන්නේය; නුඹත් නුඹේ වංශයත් ජීවත්වන්නෝය.


සාගින්නේ තද උෂ්ණය නිසා අපේ හම උදුනක් මෙන් රත්ව තිබේ.


ඒක වැවී පැතිරෙන්නාවූ මිටිවූ මිදිවැලක් විය; එහි අතු ඔහු දෙසට හැරී එහි මුල් ඔහු යටින් ඇද්දේය. මෙසේ ඒක මිදිවැලක් වී අතු ලියලා රිකිලි දැමුවේය.


මම මිසරවරුන්ගේ වහල්කම පහකර, ඔවුන්ගේ ජන්ම දේශයවූ පත්‍රොස් දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි; ඔවුන් වනාහි එහි පහත් රාජ්‍යයක්ව සිටිනවා ඇත.


ඒක අනික් රාජ්‍යවලට වඩා පහත්ව ජාතීන් කෙරෙහි තවත් උසස් නොවී තිබෙන්නේය. ඔවුන් ජාතීන් කෙරෙහි ආණ්ඩු නොකරන හැටියට මම ඔවුන් අඩුකරන්නෙමි.


නුඹ අතරේ සිටින විදේශියා වැඩි වැඩිව නුඹට වඩා උසස් වන්නේය; නුඹ වැඩි වැඩිව පහත් වන්නෙහිය.


එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ වංශයත් නුඹේ පියාගේ වංශයත් සෑම කල්හිම මා ඉදිරියෙහි හැසිරෙනවා ඇතැයි සැබවින්ම කීවෙමි. නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කියන්නේ නම්: එය මාගෙන් දුරුවේවා කියාය; මක්නිසාද මට ගෞරවකරන්නන්ට මමත් ගෞරව කරමි, මා සුළුකොට සිතන්නෝ නීචකොට සලකනු ලබති.


ස්වාමීන්වහන්සේ දිළිඳු කරනසේක, පොහොසත්කරනසේක. පහත්කරනසේක, උසස්කරනසේක.