Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 38:17 - Sinhala Revised Old Version

17 එකල යෙරෙමියා ශෙදෙකියාට කථාකොට: සේනාවල දෙවියන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ඇත්තටම බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට පිටතට ගියොත් නුඹේ ප්‍රාණය ජීවත්වන්නේය, මේ නුවරද ගිනිලනු නොලබන්නේය; නුඹත් නුඹේ වංශයත් ජීවත්වන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එකල ජෙරමියා ශෙදෙකියා අමතමින්, “සියලු බලැති දෙවියන් වහන්සේ වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කීවේ ය. “නුඹ ඇත්තට ම බබිලෝනියේ රජුගේ අධිපතීන්ගේ අතට භාර වූවොත්, නුඹේ පණ බේරා ගන්නෙහි ය. මේ නගරය ද ගින්නෙන් දවනු නොලබන්නේ ය. නුඹත්, නුඹේ වංශයත් ජීවත්වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එකල ජෙරමියා ශෙදෙකියා අමතමින්, “සියලු බලැති දෙවියන් වහන්සේ වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කීවේ ය. “නුඹ ඇත්තට ම බබිලෝනියේ රජුගේ අධිපතීන්ගේ අතට භාර වූවොත්, නුඹේ පණ බේරා ගන්නෙහි ය. මේ නගරය ද ගින්නෙන් දවනු නොලබන්නේ ය. නුඹත්, නුඹේ වංශයත් ජීවත්වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 38:17
19 හුවමාරු යොමු  

මම යූදාහි රජවූ ශෙදෙකියාට මේ සියලු වචනවල හැටියට කථාකොට: බබිලෝනියේ රජුගේ වියගහේ නුඹලාගේ බෙල්ල තබා, ඔහුට සහ ඔහුගේ සෙනඟටත් සේවයකර ජීවත්වෙන්න.


එනම්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ නුවර නවතින අය කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද මැරෙන්නෝය. පිටතට කල්දිවරුන් වෙතට යන අය ජීවත්වන්නෝය, මෙසේ ඔහු ජීවත්වන ලෙස ඔහුගේ ප්‍රාණය ඔහුට කොල්ලයක් මෙන් ලැබෙන්නේය.


ඔවුන්ට ඇහුම්කන් නොදෙන්න. බබිලෝනියේ රජුට සේවයකොට ජීවත්වෙන්න. මේ නුවර පාළුවක් වන්නේ කුමටද?


එවිට බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහු එනම් නේර්ගල්-ෂරෙශෙර්ද සම්ගර්-නෙබෝද සර්සෙකිම්ද රබ්-සාරිස්ද නේර්ගල්-ෂරෙශෙර්ද රබ්-මග්ද බබිලෝනියේ රජුගේ අනික් සියලු අධිපතීහුද ඇවිත් මැද දොරටුවේ හිඳගත්තෝය.


එවිට යූදාහි රජවූ යෙහෝයාඛින්ද ඔහුගේ මෑණියෝද ඔහුගේ සේවකයෝද ඔහුගේ අධිපතියෝද ඔහුගේ ඇමතියෝද පිටතට බබිලෝනියේ රජු ළඟට ගියෝය. බබිලෝනියේ රජතෙමේ තමාගේ රජකම් කිරීමේ අටවෙනි අවුරුද්දේදී ඔහු අල්ලාගත්තේය.


ඒ නිසා දමස්කයෙන් එපිටට වහල්කමට නුඹලා යවන්නෙමියි සේනාවල දෙවියන්වහන්සේ නම්වූ ස්වාමීන්වහන්සේ කියනසේක.


සේනාවල දෙවියන්වහන්ස, හැරී අවමැනව, ස්වර්ගයේ සිට ඇස් යොමා මේ මිදිවැලද


සේනාවල දෙවියන්වහන්ස, අප නැවත හැරෙවුව මැනව; ඔබගේ මුහුණ බැබළෙවුව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව.


ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේව, ඉශ්‍රායෙල්වරුන් උදෙසා දෙවිකෙනෙක්ව සිටින්නේ සේනාවල ස්වාමීන්වහන්සේයයි කීමෙන් එසේ ඔබගේ නාමය ස්ථිරව සදාකාලයටම උතුම් වේවා. ඔබගේ මෙහෙකරුවූ දාවිත්ගේ වංශයද ඔබ ඉදිරියෙහි ස්ථිරව තිබේ.


එහෙත් උන්වහන්සේගේ අදහස එකක්මය, උන්වහන්සේ හරවන්නේ කවුද? තමන්වහන්සේගේ සිතට කැමති දෙයම උන්වහන්සේ කරනසේක.


එවිට වාල්කමෙන් ආ තැනැත්තන්ගේ අපරාධය නිසා ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ වචනවලට වෙවුලූ හැමදෙනම මා ළඟට රැස්වූවෝය; මම වනාහි සවස පූජාව ඔප්පුකරන තුරු ත්‍රස්තව හිඳගතිමි.


ඉතින් නුඹ නිසා මට යහපත සිද්ධවෙන පිණිසද නුඹ කරණකොටගෙන මාගේ ප්‍රාණය ගැළවෙන පිණිසද නුඹ මාගේ සහෝදරීයයි කියන ලෙස ඉල්ලමියි කීය.


යූදාහි රජවූ යෙහෝයාඛින් ගෙනයනු ලැබ තිස්හත්වෙනි අවුරුද්දේ දොළොස්වෙනි මාසයේ විසිහත්වෙනිදා, බබිලෝනියේ රජවූ එවිල්-මෙරොදක් තමා රජවුණ අවුරුද්දේදී යූදාහි යෙහෝයාඛින්ගේ හිස ඔසවා, හිරගෙයින් ඔහු නිදහස්කර,


යම් ජාතියක්වත් යම් රාජ්‍යයක්වත් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය නොකරන්නේ නම්, බබිලෝනියේ රජුගේ වියගහේ තමුන්ගේ බෙල්ල නොතබන්නේ නම්, මම ඒ ජාතිය ඔහු ලවා නැතිකරවනතුරු කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ඔවුන්ට දඬුවම්කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ඔවුන්ටත් ඔවුන්ගේ මිනිසුන්ටත් දිවුරුම්දෙමින් කථාකොට: කල්දිවරුන්ට සේවයකරන්ට භය නොවෙන්න. දේශයෙහි වසමින් බබිලෝනියේ රජුට සේවයකරන්න, එවිට නුඹලාට ශුභසිද්ධවන්නේය.


එවිට මා විසින් සමභූමියෙහි දුටු පෙනීම මෙන් ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ තේජස එහි තිබෙනවා දුටිමි.


එබැවින් සේනාවල දෙවියන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගෙන් කිසිවෙකු ඉතුරු නොවන ලෙස නුඹලාගේ පුරුෂයන්ද ස්ත්‍රීන්ද ළදරුවන්ද කිරි දරුවන්ද යූදාවරුන් අතරෙන් සිඳදැමීමට නුඹලාගේ ප්‍රාණවලට විරුද්ධව නුඹලා මේ මහත් නපුර කොට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්