Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 17:14 - Sinhala New Revised Version

14 මෙසේ කෙළේ, රාජ්‍යය පහත් තත්ත්වයේ ම සිට උසස් නොවන පිණිසත්, ගිවිසුම පවත්වන බවට සහතික වන ලෙසත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මෙසේ කෙළේ, රාජ්‍යය පහත් තත්ත්වයේ ම සිට උසස් නොවන පිණිසත්, ගිවිසුම පවත්වන බවට සහතික වන ලෙසත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 මෙසේ කළේ රාජ්‍යය පහත්ව තිබී ඔහුගේ ගිවිසුම පැවැත්වීම කරණකොටගෙන එය පවතිනවා මිස නැවත උසස් නොවන පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 17:14
11 හුවමාරු යොමු  

මම මිසරවරුන්ගේ වහල්කම පහකර ඔවුන්ගේ ජන්ම දේශය වන පත්‍රොස් දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි. ඔවුන් එහි දුර්වල රාජ්‍යයක් ව සිටිනු ඇත.


එය වැඩී පැතිරී යන විට මිදි වැලක් වී ය. එහි අතු රාජාලියා දෙසට වැඩී ගියේ ය. එහි මුල් ගැඹුරට ඇදී ගියේ ය. මෙසේ එහි අතු රිකිලි විහිදී මිදි වැලක් විය.


සාගින්නේ තද උෂ්ණය නිසා අපේ හම උදුනක් මෙන් රත් වී තිබේ.


එකල ජෙරමියා ශෙදෙකියා අමතමින්, “සියලු බලැති දෙවියන් වහන්සේ වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කීවේ ය. “නුඹ ඇත්තට ම බබිලෝනියේ රජුගේ අධිපතීන්ගේ අතට භාර වූවොත්, නුඹේ පණ බේරා ගන්නෙහි ය. මේ නගරය ද ගින්නෙන් දවනු නොලබන්නේ ය. නුඹත්, නුඹේ වංශයත් ජීවත්වන්නෝ ය.


එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වන මම මෙසේ කියමි: නුඹේ වංශයත්, නුඹේ පියාගේ වංශයත් මා ඉදිරියෙහි සදහට ම සේවය කරනු ඇත. එහෙත්, දැන් ස්වාමීන් වන මම එය මාගෙන් දුරු වේ වා යි කියමි. මන්ද, මට ගෞරව කරන්නන්ට මම ගෞරව කරමි. මා හෙළා දකින්නන් නින්දාවට පමුණුවන්නෙමි.


සමිඳාණෝ දිළිඳුකම ද පොහොසත්කම ද ඇති කරන සේක; පහත්කම ද උසස්කම ද ගෙන දෙන සේක.


“ඔබ අතර සිටින විදේශිකයෝ වැඩිවැඩියෙන් උසස් වන්නෝ ය. ඔබ වැඩිවැඩියෙන් පහත් වන්නහු ය.


මිසරය සියලු රාජ්‍යයන් අතර පහත් රාජ්‍යයක් වන්නේ ය. එය සෙසු ජාතීන්ට වඩා ඉස්මතු නොවන්නේ ය; ඔව්හු තවත් පාලනය නොකරන්නෝ ය. එය සෙසු ජාතීන් තවත් පාලනය නොකරන පිණිස මම මිසරය කුඩා රාජ්‍යයක් කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්