Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 29:14 - Sinhala Revised Old Version

14 මම මිසරවරුන්ගේ වහල්කම පහකර, ඔවුන්ගේ ජන්ම දේශයවූ පත්‍රොස් දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි; ඔවුන් වනාහි එහි පහත් රාජ්‍යයක්ව සිටිනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මම මිසරවරුන්ගේ වහල්කම පහකර ඔවුන්ගේ ජන්ම දේශය වන පත්‍රොස් දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි. ඔවුන් එහි දුර්වල රාජ්‍යයක් ව සිටිනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මම මිසරවරුන්ගේ වහල්කම පහකර ඔවුන්ගේ ජන්ම දේශය වන පත්‍රොස් දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි. ඔවුන් එහි දුර්වල රාජ්‍යයක් ව සිටිනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 29:14
8 හුවමාරු යොමු  

මම පත්‍රොස් පාළුකොට, ශොවන්හි ගින්නක් අවුළුවා, නෝයෙහි විනිශ්චයවල් ඉෂ්ටකරන්නෙමි.


තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ අෂූරෙන්ද මිසරයෙන්ද පත්‍රෝසෙන්ද කූෂ් රටෙන්ද ඒලාමෙන්ද ෂිනාරෙන්ද හමාතෙන්ද මුහුදේ දිවයින්වලින්ද ඉතිරිවන්නාවූ ස්වකීය සෙනඟ මුදාගන්ට දෙවෙනි වර තමන් අත දිගුකරනසේක.


මිසර දේශයේ මිග්දොල්හිද තාපන්හේස්හිද නොප්හිද පත්‍රෝස් දේශයෙහිද වාසයකළ සියලු යුදෙව්වරුන් ගැන යෙරෙමියා වෙතට පැමිණි වචනයය.


පත්රැසිවරුද කස්ලුහිවරුද (පිලිස්තිවරුන් නික්ම ආවේ ඔවුන්ගෙන්ය) කප්තොරිවරුද උපන්නෝය.


පත්රුසිම්වරුද කස්ලුහිම්වරුද (පිලිස්තිවරුන් නික්ම ආවේ මොවුන්ගෙන්ය) කප්තොරිම්වරුද උපන්නෝය.


එවිට තමුන්ගේ භාර්යාවන් අන් දෙවි වරුන්ට සුවඳ දුම් ඔප්පුකරන බව දන්න සියලු පුරුෂයෝද මහත් සමූහයක්ව ළඟ සිටි සියලු ස්ත්‍රියෝද මිසර දේශයේ පත්‍රෝස්හි විසූ මුළු සෙනඟද යෙරෙමියාට උත්තරදෙමින්:


මෙසේ කළේ රාජ්‍යය පහත්ව තිබී ඔහුගේ ගිවිසුම පැවැත්වීම කරණකොටගෙන එය පවතිනවා මිස නැවත උසස් නොවන පිණිසය.


විපත්තිය නැමති මුහුද මැදින් එන විට උන්වහන්සේ මුහුදේ රැළවලට ගසනවා ඇත, නයිල් ගංගාවේ සියලු ගැඹුරු තැන්ද හිඳීයනවා ඇත. අෂූර්හි උඩඟුකම පහත්වී, මිසරයේ ජයකොන්තයද පහවෙනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්