Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 28:43 - Sinhala Revised Old Version

43 නුඹ අතරේ සිටින විදේශියා වැඩි වැඩිව නුඹට වඩා උසස් වන්නේය; නුඹ වැඩි වැඩිව පහත් වන්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 “ඔබ අතර සිටින විදේශිකයෝ වැඩිවැඩියෙන් උසස් වන්නෝ ය. ඔබ වැඩිවැඩියෙන් පහත් වන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 “ඔබ අතර සිටින විදේශිකයෝ වැඩිවැඩියෙන් උසස් වන්නෝ ය. ඔබ වැඩිවැඩියෙන් පහත් වන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 28:43
18 හුවමාරු යොමු  

මා අද නුඹලාට අණකරන සියලු වචනවලින් නුඹ දකුණටවත් වමටවත් හැරී අන් දෙවිවරුන්ට සේවය කරන්ට ඔවුන් පස්සේ නොගොස්,


එබැවින් ඔව්හු: ඔහු පහකළ මැනව, පහකළ මැනව! කුරුසියෙහි ඇණ ගැසුව මැනව කියා මොරගැසුවෝය. නුඹලාගේ රජ්ජුරුවන් කුරුසියෙහි ඇණගසම්දැයි පිලාත් ඔවුන්ගෙන් ඇසුවේය. නායක පූජකයෝ උත්තරදෙමින්: කායිසර් මිස අපට රජෙක් නැතැයි කීවෝය.


එබැවින් පිලාත්: නුඹලාම ඔහු ගෙනගොස්, නුඹලාගේ ව්‍යවස්ථාව ලෙස විනිශ්චයකරන්නැයි ඔවුන්ට කීවේය. යුදෙව්වරු ඔහුට කථාකොට: කිසිවෙකු මරණයට පත්කරන්ට අපට බලය නැතැයි කීවෝය.


මෙසේ ඉශ්‍රායෙල්වරු තමුන්ගේ දේශයෙන් අෂූර්ට ගෙනයන ලදුව අද දක්වා එහි සිටිති.


ස්වාමීන්වහන්සේද මුළු ඉශ්‍රායෙල් වංශය අත්හැර, ඔවුන්ට පීඩාකොට, ඔවුන් තමන්ගේ ඇස් හමුයෙන් අහක්කරදමන තුරු කොල්ලකාරයන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක.


ඒ කාරණය ස්වාමීන්වහන්සේගෙන් පැමුණුණු බව ඔහුගේ මව්පියෝ නොදැන සිටියෝය; මක්නිසාද ඔහු පිලිස්තිවරුන්ට විරුද්ධව ප්‍රස්තාවක් සෙවුවේය. ඒ කාලයේදී පිලිස්තිවරු ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකළෝය.


එබැවින්: මම නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නා නොදමන්නෙමි; ඔව්හු නුඹලාගේ ඇලපත්වලට කටු මෙන් වන්නෝය, ඔවුන්ගේ දෙවිවරු නුඹලාට මළපතක්ව සිටින්නෝයයි කීමියි කීසේක.


මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල්වරු ඉතා පහත් භාවයට පැමිණියාහ; එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය.


අපේ පියවරුන්ගේ අයුතුකම් අපට විරුද්ධව සිහි නොකළ මැනව. අප බොහෝසෙයින් පහත වැටී සිටින බැවින්, ඔබගේ මෘදුවූ දයාව වහාම අප කෙරෙහි පැමිණේවා.


ස්වාමීන්වහන්සේ තමන් යෝජනා කළ දේ ඉෂ්ටකළසේක; උන්වහන්සේ පුරාණ දවස්වල සිට නියමකර තිබුණු තමන් කීම සම්පූර්ණකළසේක; උන්වහන්සේ අනුකම්පා නොකොට, හෙළාදැමූසේක. සතුරා නුඹට විරුද්ධව සන්තෝෂවෙන්ට සලස්වා, නුඹේ එදිරිකාරයන්ගේ අඟ එසෙවුසේක.


ඇගේ එදිරිකාරයෝ ප්‍රධානයෝ වූහ, ඇගේ සතුරෝ සමෘද්ධවෙති; මක්නිසාද ඇගේ අපරාධ රාශිය නිසා ස්වාමීන්වහන්සේ ඈට පීඩාකළසේක. ඇගේ බාලයෝ එදිරිකාරයාට පෙරටුවෙන් වහල්කමට ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්