Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 29:15 - Sinhala Revised Old Version

15 ඒක අනික් රාජ්‍යවලට වඩා පහත්ව ජාතීන් කෙරෙහි තවත් උසස් නොවී තිබෙන්නේය. ඔවුන් ජාතීන් කෙරෙහි ආණ්ඩු නොකරන හැටියට මම ඔවුන් අඩුකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 මිසරය සියලු රාජ්‍යයන් අතර පහත් රාජ්‍යයක් වන්නේ ය. එය සෙසු ජාතීන්ට වඩා ඉස්මතු නොවන්නේ ය; ඔව්හු තවත් පාලනය නොකරන්නෝ ය. එය සෙසු ජාතීන් තවත් පාලනය නොකරන පිණිස මම මිසරය කුඩා රාජ්‍යයක් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මිසරය සියලු රාජ්‍යයන් අතර පහත් රාජ්‍යයක් වන්නේ ය. එය සෙසු ජාතීන්ට වඩා ඉස්මතු නොවන්නේ ය; ඔව්හු තවත් පාලනය නොකරන්නෝ ය. එය සෙසු ජාතීන් තවත් පාලනය නොකරන පිණිස මම මිසරය කුඩා රාජ්‍යයක් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 29:15
9 හුවමාරු යොමු  

විපත්තිය නැමති මුහුද මැදින් එන විට උන්වහන්සේ මුහුදේ රැළවලට ගසනවා ඇත, නයිල් ගංගාවේ සියලු ගැඹුරු තැන්ද හිඳීයනවා ඇත. අෂූර්හි උඩඟුකම පහත්වී, මිසරයේ ජයකොන්තයද පහවෙනවා ඇත.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම දේවරූපද නැතිකොට, නොප් වෙතින් පිළිම පහකරන්නෙමි; අධිපතියෙක් මිසර දේශයෙන් තවත් නොනික්මෙන්නේය. තවද මම මිසර දේශයෙහි භයක් හටගන්වන්නෙමි.


මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝ ගැන විලාපයක් පවත්වමින් ඔහුට මෙසේ කියන්න–නුඹ ජාතීන් අතරෙහි තරුණ සිංහයෙකුට සමානකරනු ලැබුවෙහිය. නුඹ ජලවල ඉන්න කිඹුලෙක් වැනිය; නුඹේ ගංගාවල නුඹ පැන පැන ගොස්, නුඹේ පාදවලින් වතුර කලඹා, ඔවුන්ගේ ගංගාවල් කිලුටුකෙළෙහිය.


මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝටත් ඔහුගේ සමූහයාටත් මෙසේ කියන්න–නුඹේ මහත්කමෙන් නුඹ කාට සමානද?


මෙසේ කළේ රාජ්‍යය පහත්ව තිබී ඔහුගේ ගිවිසුම පැවැත්වීම කරණකොටගෙන එය පවතිනවා මිස නැවත උසස් නොවන පිණිසය.


ඒක වැවී පැතිරෙන්නාවූ මිටිවූ මිදිවැලක් විය; එහි අතු ඔහු දෙසට හැරී එහි මුල් ඔහු යටින් ඇද්දේය. මෙසේ ඒක මිදිවැලක් වී අතු ලියලා රිකිලි දැමුවේය.


ඉන්පසු ඔව්හු පීඩා, විපත්ති හා දුක් නිසා අඩුවී පහත්කරනු ලබති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්