Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 17:15 - Sinhala Revised Old Version

15 නුමුත් ඔහු අශ්වයන් සහ බොහෝ සෙනඟ ලබාගන්ට තමාගේ තානාපතියන් මිසරයට යැවීමෙන් ඔහුට විරුද්ධව කැරළිගැසුවේය. ඔහු සඵලවේද? මෙබඳු දේ කරන්නා ගැළවේද? ගිවිසුම කඩකරලාත් ඔහු ගැළවෙනවා ඇද්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එහෙත්, ජුදාවේ රජ කැරලිගසා අශ්වයන් සහ බොහෝ සෙනඟ ලබාගන්න පිණිස තමාගේ තානාපතියන් මිසරයට යැව්වේ ය. ඔහු ජය ගනීවි ද? මෙබඳු දේ කරන්නාට ගැළවෙන්න පුළුවන් ද? ගිවිසුම කඩ කළායින් පසුත් ඔහුට ගැළවෙන්න හැකි වේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එහෙත්, ජුදාවේ රජ කැරලිගසා අශ්වයන් සහ බොහෝ සෙනඟ ලබාගන්න පිණිස තමාගේ තානාපතියන් මිසරයට යැව්වේ ය. ඔහු ජය ගනීවි ද? මෙබඳු දේ කරන්නාට ගැළවෙන්න පුළුවන් ද? ගිවිසුම කඩ කළායින් පසුත් ඔහුට ගැළවෙන්න හැකි වේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 17:15
29 හුවමාරු යොමු  

තවද මහත් පියාපත් සහ බොහෝ පිහාටු ඇති තවත් මහත් රාජාලියෙක් විය. එවිට ඒ මිදිවැල එහි මුල් ඔහු දෙසට හරවා, ඔහු ඒකට වතුර වක්කරන පිණිස, එය පිහිටුවා තිබුණු පාත්තිවලින් එහි අතු ඔහු දෙසට දිගුකෙළේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමනතුරු උන්වහන්සේගේ උදහස නිසා යෙරුසලමටත් යූදාටත් මෙසේ සිද්ධවිය. ශෙදෙකියාද බබිලෝනියේ රජුට විරුද්ධව කැරළිගැසුවේය.


එහෙත් නුඹ බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට පිටතට නොගියොත්, මේ නුවර කල්දිවරුන් අතට අසුවන්නේය, ඔව්හු ඒක ගිනිලන්නෝය, නුඹද ඔවුන්ගේ අතින් ගැළවෙන්නේ නැතැයි කීවේය.


නුඹද ඔහුගේ අතින් නොගැළවී, සැබවින් අසුවී, ඔහු අතට දෙනු ලබන්නෙහිය; නුඹේ ඇස්ද බබිලෝනියේ රජුගේ ඇස් දකිනවා ඇත, ඔහුගේ මුඛයද නුඹේ මුඛය සමඟ කථාකරනවා ඇත, නුඹ බබිලෝනියට පැමිණෙනවා ඇත.


තවද ඔහු දෙවියන්වහන්සේගේ නමින් ඔහු දිවුරෙවු නෙබුකද්නෙශර් රජුට විරුද්ධව කැරළිගැසුවේය. ඔහු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට නොහැරෙන ලෙස තමාගේ කුළල තදකරගන තමාගේ සිත දැඩිකරගත්තේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමන තරමට උන්වහන්සේගේ උදහස නිසා යෙරුසලමටත් යූදාටත් මෙසේ සිද්ධවුණේය.


බොහෝ අශ්වයන් ඔහු විසින් සපයා නොගත යුතුය, බොහෝ අශ්වයන් සපයාගන්න පිණිස සෙනඟ මිසරයට හැරීයන්ට නොසැලැස්විය යුතුය. මක්නිසාද: නැවත මේ මාර්ගයෙන් තවත් හැරී නොයන්නැයි ස්වාමීන්වහන්සේ නුඹලාට කීසේක.


මක්නිසාද ඔහු ගිවිසුම කඩකිරීමෙන් දිවුරුම සුළුකෙළේය; ඔහු තමාගේ අත දී තිබුණ නුමුත් මේ සියල්ල කෙළේය; ඔහු නොගැළවෙන්නේය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: එය සඵලවේද? එය වියළී යන පිණිස ඔහු ඒකේ මුල් උදුරා ඒකේ ඵල කපා නොදමන්නේද? වැඩෙන්නාවූ ඒකේ [අමු] කොළ සියල්ලම වියළී යනවා ඇත; ඒකේ මුල් පිටින් එය උදුරා දමන්ට මහත් හස්තයක්වත් බොහෝ සෙනඟවත් ඕනෑ නොවන්නේය.


නුඹේ සියලු භාර්යාවන්ද දරුවන්ද කල්දිවරුන් ළඟට ගෙනයන්ට යෙදෙනවා ඇත. නුඹත් ඔවුන්ගේ අතින් නොගැළවී බබිලෝනියේ රජු අතට අසුවන්නෙහිය. නුඹ මේ නුවරත් ගිනිලන්ට සලස්වන්නෙහියයි කීවේය.


පළමුවෙන් ස්වාමීන්වහන්සේ කරණකොටගෙන කියනලද්දාවූ, ඇසූවන් විසින් අපට ස්ථිරකරදුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද?


සර්පයෙනි, පොළොංවංශයෙනි, නුඹලා නිරයේ දඬුවමින් කෙසේ ගැළවෙන්නහුද?


අනිනු ලැබුවාවූ, දුෂ්ටවූ ඉශ්‍රායෙල් අධිපතිය, නුඹේ කාලය අන්තිම අයුතුකමේ කාලයෙහි පැමිණ තිබේ;


යූදාහි රජවූ ශෙදෙකියාද කල්දිවරුන්ගේ අතින් නොගැළවී, සැබවින්ම බබිලෝනියේ රජුගේ අතට පාවාදෙනු ලැබ, ඔහුගේ මුඛය මොහුගේ මුඛය සමඟ කථාකරන්නේය, ඔහුගේ ඇස් මොහුගේ ඇස් දකින්නේය.


බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නා නිදහස් නොවන්නේය.


නුමුත් දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනාශයේ වළට බස්වනසේක. මිනීමරුවූ කපටි මනුෂ්‍යයෝ තමුන්ගේ ආයුසයෙන් අර්ධයක්වත් ජීවත් නොවන්නෝය; එහෙත් මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.


ඔව්හු අයුතුකම් කරණකොටගෙන ගැළවී යන්නෝද? දෙවියන්වහන්ස, උදහසින් මනුෂ්‍ය වර්ගයන් හෙළාදැමුව මැනව.


කොටළුවන්ගේ මාංස මෙන් මාංසද අසුන්ගේ වැගිරීම මෙන් වැගිරීමක්ද ඇති ඔවුන්ගේ ප්‍රේමවන්තයන් කෙරෙහි ඈ ආලයවූවාය.


අතින් ඔවුන් නුඹව ඇල්ලූ විට නුඹ බිඳී, ඔවුන්ගේ සියලු උරහිස් ඉරුණේය. ඔවුන් නුඹට බරවෙන විට නුඹ පොඩිවී, ඔවුන්ගේ සියලු ඉඟටි ඇදී හිටින්ට නුඹ සැලැස්සුවෙහිය.


ඔවුන් දෙසට හැරීමෙන්, ඉශ්‍රායෙල් වංශයේ අපරාධය සිහිකරවන හැටියට, තවත් ඔව්හු මොවුන්ගේ විශ්වාසයට හේතු නොවන්නෝය. මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝයයි කීය.


අප විසින් ඔවුන්ට දුන් දිවුරුම නිසා උදහස අප පිටට නොපැමිණෙන පිණිස, ඔවුන්ට ජීවත්වෙන්ට ඉඩහැර, ඔවුන්ට මෙසේ කරමුයයි මුළු සභාවට කීවෝය.


යුද්ධයට නුවණත් බලයත් ඇතැයි යන නුඹේ කීම හිස් වචනය. ඉතින් නුඹ මට විරුද්ධව කැරළිගැසුවේ කා කෙරෙහි විශ්වාස කරගෙනද?


මනුෂ්‍ය පුත්‍රය, නුඹ අනාගතවාක්‍ය කියා, ස්වාමිවූ දෙවියන්වහන්සේ අම්මොන් පුත්‍රයන් ගැනද ඔවුන්ගේ නින්දාකිරීම ගැනද මෙසේ කියනසේකැයි කියන්න:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්