ස්වාමීන්වහන්සේගේ හස්තය එලියා කෙරෙහි පැමිණි නිසා, ඔහු තමාගේ කටිය බැඳගෙන ආහබ්ට පෙරටුව යෙස්‍රෙයෙල්ට ඇතුල්වෙන තැන දක්වා දිවුවේය.
එසකියෙල් 1:3 - Sinhala Revised Old Version කල්දිවරුන්ගේ දේශයෙහි කෙබාර් ගංගාව ළඟ බූසීගේ පුත්‍රවූ එසකියෙල් නම් පූජකයා වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමුණුණේය; ස්වාමීන්වහන්සේගේ අතද එහිදී ඔහු පිට විය. Sinhala New Revised Version බබිලෝනියේ කෙබාර් ගං තෙර බුසීගේ පුත් එසකියෙල් නම් පූජකයා වෙත සමිඳාණන් වහන්සේගේ පණිවුඩය පැමිණියේ ය. සමිඳාණන් වහන්සේගේ ආනුභාවය ද එහි දී ඔහු පිට විය. Sinhala New Revised Version 2018 බබිලෝනියේ කෙබාර් ගං තෙර බුසීගේ පුත් එසකියෙල් නම් පූජකයා වෙත සමිඳාණන් වහන්සේගේ පණිවුඩය පැමිණියේ ය. සමිඳාණන් වහන්සේගේ ආනුභාවය ද එහි දී ඔහු පිට විය. |
ස්වාමීන්වහන්සේගේ හස්තය එලියා කෙරෙහි පැමිණි නිසා, ඔහු තමාගේ කටිය බැඳගෙන ආහබ්ට පෙරටුව යෙස්‍රෙයෙල්ට ඇතුල්වෙන තැන දක්වා දිවුවේය.
දැන් ඉතින් වීණාකාරයෙකු මා ළඟට ගෙනෙන්නැයි කීවේය. වීණාකාරයා ගායනා කරද්දී ස්වාමීන්වහන්සේගේ හස්තය එලිෂා පිටට පැමිණියේය.
ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දවස්වල, ඔහුගේ රජකමේ දහතුන්වෙනි අවුරුද්දේදී, ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණියේය.
තිස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ පස්වෙනිදා කෙබාර් ගංගාව ළඟ වහලට අසුවූවන් අතරේ මා සිටින කල්හි අහස විවෘතවී දේවදර්ශන මට පෙනුණේය.
මාගේ දැලද ඔහු පිට හෙළන්නෙමි, ඔහු මාගේ මලපතට අසුවන්නේය. මම කල්දිවරුන්ගේ දේශයවූ බබිලෝනියට ඔහු ගෙනෙන්නෙමි; ඔහු එහිදීම නසින නුමුත් ඒක දකින්නේ නැත.
මෙලෙස ආත්මය මා ඔසවා, මා ගෙනගියේය. මමද මාගේ ආත්මයෙහි උදහසිනුත් තද දුකිනුත් යුක්තව ගියෙමි, ස්වාමීන්වහන්සේගේ අතද මා කෙරෙහි බලවත්ව තිබුණේය.
එවිට මම කෙබාර් ගංගාව ළඟ තේල්-ආබීබ් යන ස්ථානයෙහි විසූ වහල්කමේ සිටියවුන් ළඟට පැමිණ, එහි සත් දවසක් ඔවුන් අතරෙහි විස්මපත්ව හිඳගන උනිමි.
එවිට ස්වාමීන්වහන්සේගේ අත එහිදී මා පිටට පැමුණුණේය; උන්වහන්සේද: නැගිට සමභූමියට යන්න, එහිදී නුඹ සමඟ කථාකරන්නෙමියි මට කීසේක.
එකල මම නැගිට සමභූමියට ගියෙමි. එවිට කෙබාර් ගඟ ළඟදී මා දුටු තේජස මෙන් ස්වාමීන්වහන්සේගේ තේජස එහි තිබෙනවා දුටිමි. මම මුහුණින් වැටුණෙමි.
ගැළවුණු තැනැත්තා එන්ට ඉස්සරින්දා සවස ස්වාමීන්වහන්සේගේ අත මා පිටට පැමිණ තිබුණේය. තවද ඒ අය පසුවදා උදේ මා වෙතට එන තුරු උන්වහන්සේ මාගේ මුඛය ඇර තිබුණේය; මාගේ මුඛය ඇරී, මම තවත් ගොළුව නොසිටියෙමි.
ස්වාමීන්වහන්සේගේ අත මා පිටට පැමිණ, ස්වාමීන්වහන්සේගේ ආත්මයෙන් මා පිටතට පමුණුවා, සමභූමිය මැද සිටෙවුවේය; ඒක ඇටවලින් පිරී තිබුණේය;
අපේ වහල්කමේ විසිපස්වෙනි අවුරුද්ද වන නුවර අසුවීමෙන් පසු දහතරවෙනි අවුරුද්දේ පටන්ගැන්මේදී මාසයේ දසවෙනිදා ස්වාමීන්වහන්සේගේ හස්තය මා පිටට පැමිණ උන්වහන්සේ එතනට මා ගෙනාසේක.
මා දුටු පෙනීම නම් නුවර විනාශකරන්ට මා එද්දී මා විසින් දුටු දර්ශනයේ පෙනීම මෙන්ය; ඒ දර්ශනද කෙබාර් ගංගාව ළඟදී මා දුටු දර්ශනය මෙන්ය. එවිට මම මුහුණින් වැටුණෙමි.
තවද හවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ පස්වෙනිදා මා මාගේ ගෙදරද, යූදාහි වැඩිමහල්ලන් මා ඉදිරියෙහිද හිඳගනඋන් කල, ස්වාමිවූ දෙවියන්වහන්සේගේ හස්තය එහිදී මා පිටට පැමුණුණේය.
යූදාහි රජවරුවූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වල සහ යෝවාෂ්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ දවස්වලත් බෙයේරීගේ පුත්‍රවූ හොෂෙයාට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.
එහෙත් පසු කාලවලදී සමහරු මුළාකරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයාණන්වහන්සේ පැහැදිලිලෙස කියනසේක.
මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය.