ගීතාවලිය 137 - Sinhala Revised Old Versionපිටවහල්කම සිහිකිරීමේ දුක් සහිත ගීය 1 බබිලෝනියේ ගංගා ළඟ ඉඳගතිමුව, එසේය, එහිදී සියොන් සිහිවූ කල ඇඬීමුව. 2 එහි මැද නළාගස්වල අපේ වීණා එල්ලා තැබීමුව. 3 මක්නිසාද අප වහල්කොට ගෙනගිය අය එහිදී ගී කියන ලෙස අපෙන් ඉල්ලුවෝය, අපට පීඩාකළ අය: සියොන් ගීතිකාවලින් එකක් කියා සෙල්ලම්කරන්ට කිවුය. 4 අන්‍ය දේශයකදී ස්වාමීන්ගේ ගීය කෙසේ ගායනා කරමුද? 5 එම්බා යෙරුසලම, නුඹ මට සිහිනැතිවී නම්. මාගේ දකුණු අතට ඒකේ හුරුකම සිහිනැතිවේවා. 6 මම නුඹ සිහි නොකෙරෙම් නම්, මාගේ ප්‍රධාන ප්‍රීතියට වඩා, යෙරුසලම උතුම්කොට නොසිතම් නම්, මාගේ දිව උඩුතල්ලේ ඇලේවා. 7 බිඳහෙළව්, අත්තිවාරම දක්වා බිඳහෙළව්යයි කී ඒදොම්ගේ පුත්‍රයන්ට විරුද්ධව, ස්වාමිනි, යෙරුසලමේ දවස සිහිකළ මැනව. 8 විනාශයට කැපවූ බබිලොන් දියණියෙනි, නුඹ අපට කළාක්මෙන් නුඹට විපාකදෙන තැනැත්තේ වාසනාවන්තවන්නේය. 9 නුඹේ ළදරුවන් රැගෙන ගලේ ගසන තැනැත්තේ වාසනාවන්තවන්නේය. |
Ceylon Bible Society
Ceylon Bible Society