Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 10:15 - Sinhala Revised Old Version

15 ඒ වනාහි කෙබාර් ගඟ ළඟදී මා දුටු සත්වයාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 කෙරුබ්වරු ද ඉහළට නැංඟෝ ය. ඔව්හු වනාහි කෙබාර් ගඟ ළඟ දී මා දුටු ජීවමාන සත්ත්වයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 කෙරුබ්වරු ද ඉහළට නැංඟෝ ය. ඔව්හු වනාහි කෙබාර් ගඟ ළඟ දී මා දුටු ජීවමාන සත්ත්වයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 10:15
10 හුවමාරු යොමු  

තවද එහි මැද සිට සත්වයන් සතර දෙනෙකුගේ ස්වරූප නික්මුණේය. ඔවුන්ගේ පෙනීම මෙසේය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූපය තිබුණේය.


ඔවුන් දරුවන් ඇතිකරතත් මනුෂ්‍යයෙක් නොසිටින හැටියට ඔවුන් තුරන්කරන්නෙමි. එසේය, මා විසින් ඔවුන් අත්හැර යන කල ඔවුන්ට දුක්වේ!


මා දුටු පෙනීම නම් නුවර විනාශකරන්ට මා එද්දී මා විසින් දුටු දර්ශනයේ පෙනීම මෙන්ය; ඒ දර්ශනද කෙබාර් ගංගාව ළඟදී මා දුටු දර්ශනය මෙන්ය. එවිට මම මුහුණින් වැටුණෙමි.


එකල කෙරුබ්වරු තමුන්ගේ පියාපත් එසෙවුවෝය, රෝදත් ඔවුන් එක්වම තිබුණේය; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස ඔවුන්ට උඩින් තිබුණේය.


උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ එනම් මා විසින් මාගේ ශුද්ධස්ථානයෙන් දුරුව යන හැටියට ඉශ්‍රායෙල් වංශය මෙහි කරන මහත් පිළිකුල්කම් නුඹට පෙනෙන්නේද? එහෙත් නුඹ තව මහත් පිළිකුල් දේ නැවතත් දකින්නෙහියයි මට කීසේක.


කල්දිවරුන්ගේ දේශයෙහි කෙබාර් ගංගාව ළඟ බූසීගේ පුත්‍රවූ එසකියෙල් නම් පූජකයා වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමුණුණේය; ස්වාමීන්වහන්සේගේ අතද එහිදී ඔහු පිට විය.


තිස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ පස්වෙනිදා කෙබාර් ගංගාව ළඟ වහලට අසුවූවන් අතරේ මා සිටින කල්හි අහස විවෘතවී දේවදර්ශන මට පෙනුණේය.


තවද කෙරුබ්වරුන් යන විට රෝදත් ඔවුන් කැටුව ගියෝය. පොළොව මතුපිටින් නගින්ට කෙරුබ්වරුන් තමුන්ගේ පියාපත් එසවූ විට රෝදත් ඔවුන් වෙතින් අහක් නූණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්