Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 43:3 - Sinhala Revised Old Version

3 මා දුටු පෙනීම නම් නුවර විනාශකරන්ට මා එද්දී මා විසින් දුටු දර්ශනයේ පෙනීම මෙන්ය; ඒ දර්ශනද කෙබාර් ගංගාව ළඟදී මා දුටු දර්ශනය මෙන්ය. එවිට මම මුහුණින් වැටුණෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 මා දුටු දර්ශනය නම්, මා නුවර විනාශ කරන්න එද්දී මා දුටු දර්ශනය හා සමාන ය. ඒ දර්ශනය කෙබාර් ඉවුරේ මා දුටු දර්ශනය හා සමාන ය. එවිට මම මුණින්තළා වී වැටුණෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 මා දුටු දර්ශනය නම්, මා නුවර විනාශ කරන්න එද්දී මා දුටු දර්ශනය හා සමාන ය. ඒ දර්ශනය කෙබාර් ඉවුරේ මා දුටු දර්ශනය හා සමාන ය. එවිට මම මුණින්තළා වී වැටුණෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 43:3
13 හුවමාරු යොමු  

මා අසා සිටියදී උන්වහන්සේ අනික් තැනැත්තන්ට කථාකොට: නුඹලා නුවර තුළට ඔහු පස්සේ ගොස් පහරදෙන්න. නුඹලාගේ ඇස් දයා නොකෙරේවා, නුඹලා කරුණා නොකරන්න.


ඉක්බිති උන්වහන්සේ: මේ නුවර මුරකාරයන් එකිනෙකා තම තමාගේ විනාශකිරීමේ ආයුධය අතේ ඇතුව ළංවන්ට සලස්වන්න කියා මහත් හඬින් මොරගසනවා මට ඇසුණේය.


මනුෂ්‍ය පුත්‍රය, නුඹ මිසරයේ සමූහයා ගැන විලාපයක් කියා, ඔවුන් සහ බලවත් ජාතීන්ගේ දූවරුන්ද මිනීවළට බසින්නන් සමඟ පොළොවේ පහත් තැන්වලට හෙළන්න.


එකල මම නැගිට සමභූමියට ගියෙමි. එවිට කෙබාර් ගඟ ළඟදී මා දුටු තේජස මෙන් ස්වාමීන්වහන්සේගේ තේජස එහි තිබෙනවා දුටිමි. මම මුහුණින් වැටුණෙමි.


බලව, උදුරන්ට හා කඩාදමන්ටත් නැතිකරන්ට හා හෙළාදමන්ටත් ගොඩනගන්ට හා සිටුවන්ටත් අද දවසේ මම නුඹ ජාතීන් කෙරෙහිද රාජ්‍යවල් කෙරෙහිද පත්කෙළෙමියි කීසේක.


එවිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස එය නැවති තිබුණු ස්ථානය වන කෙරුබ් කෙරෙන් නැගී ගෘහයේ එළිපත්ත ළඟට ගොස්, හණ වස්ත්‍ර හැඳගෙන තමාගේ පැත්තක එල්ලෙන තීන්ත කූඩුවක් ඇතුව සිටිය මනුෂ්‍යයාට මොරගැසීය.


එවිට මා විසින් සමභූමියෙහි දුටු පෙනීම මෙන් ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ තේජස එහි තිබෙනවා දුටිමි.


එවිට ඔහු උතුරු දොරටුවේ මාර්ගයෙන් ගෘහයේ ඉස්සරහ පැත්තට මා පැමිණෙවුවේය; මම බැලූ විට ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ස්වාමීන්වහන්සේගේ තේජසින් පිරී තිබෙන බව දැක මුහුණින් වැටුණෙමි.


එබැවින් මාගේ ඇස දයාකරන්නේවත් මා විසින් කරුණාකරන්නේවත් නැතුව, ඔවුන්ගේ මාර්ගය ඔවුන්ගේ හිස් පිටට පමුණුවන්නෙමියි මට කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්