Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 3:22 - Sinhala Revised Old Version

22 එවිට ස්වාමීන්වහන්සේගේ අත එහිදී මා පිටට පැමුණුණේය; උන්වහන්සේද: නැගිට සමභූමියට යන්න, එහිදී නුඹ සමඟ කථාකරන්නෙමියි මට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එවිට, සමිඳාණන් වහන්සේගේ බලය එහි දී මා පිට පැමිණියේ ය. උන් වහන්සේ කතා කොට, “නැඟිට මිටියාවතට යන්න. එහි දී නුඹ සමඟ කතා කරන්නෙමි”යි මට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එවිට, සමිඳාණන් වහන්සේගේ බලය එහි දී මා පිට පැමිණියේ ය. උන් වහන්සේ කතා කොට, “නැඟිට මිටියාවතට යන්න. එහි දී නුඹ සමඟ කතා කරන්නෙමි”යි මට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 3:22
6 හුවමාරු යොමු  

නුමුත් නැගිට නුවරට ඇතුල්වෙන්න, නුඹ විසින් කටයුතු දේ නුඹට කියනු ලබන්නේයයි කීසේක.


ස්වාමීන්වහන්සේගේ අත මා පිටට පැමිණ, ස්වාමීන්වහන්සේගේ ආත්මයෙන් මා පිටතට පමුණුවා, සමභූමිය මැද සිටෙවුවේය; ඒක ඇටවලින් පිරී තිබුණේය;


එවිට මා විසින් සමභූමියෙහි දුටු පෙනීම මෙන් ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේගේ තේජස එහි තිබෙනවා දුටිමි.


කල්දිවරුන්ගේ දේශයෙහි කෙබාර් ගංගාව ළඟ බූසීගේ පුත්‍රවූ එසකියෙල් නම් පූජකයා වෙතට ස්වාමීන්වහන්සේගේ වචනය පැමුණුණේය; ස්වාමීන්වහන්සේගේ අතද එහිදී ඔහු පිට විය.


මෙලෙස ආත්මය මා ඔසවා, මා ගෙනගියේය. මමද මාගේ ආත්මයෙහි උදහසිනුත් තද දුකිනුත් යුක්තව ගියෙමි, ස්වාමීන්වහන්සේගේ අතද මා කෙරෙහි බලවත්ව තිබුණේය.


අපේ වහල්කමේ විසිපස්වෙනි අවුරුද්ද වන නුවර අසුවීමෙන් පසු දහතරවෙනි අවුරුද්දේ පටන්ගැන්මේදී මාසයේ දසවෙනිදා ස්වාමීන්වහන්සේගේ හස්තය මා පිටට පැමිණ උන්වහන්සේ එතනට මා ගෙනාසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්