උත්පත්ති 6:5 - Sinhala Revised Old Version මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමීන්වහන්සේ දුටුසේක. Sinhala New Revised Version මිහි පිට මිනිසාගේ දැඩි දුෂ්ටකම හා මිනිසා නිතර ම නපුරු සිතුවිල්ලෙන් කල් යවන බව සමිඳාණන් වහන්සේ දුටු විට Sinhala New Revised Version 2018 මිහි පිට මිනිසාගේ දැඩි දුෂ්ටකම හා මිනිසා නිතර ම නපුරු සිතුවිල්ලෙන් කල් යවන බව සමිඳාණන් වහන්සේ දුටු විට |
ස්වාමීන්වහන්සේ මිහිරි සුවඳ සිඹ තමන්වහන්සේගේ සිත තුළ කථාකරමින්: මනුෂ්‍යයා නිසා භූමියට තවත් ශාප නොකරන්නෙමි; මක්නිසාද බාල වයසේ පටන් ඔහුගේ සිතේ කල්පනා නපුරුව තිබේ; තවද මා විසින් කළ ලෙස නැවත ජීවමාන සියල්ලන්ට තවත් පහර නොදෙන්නෙමි.
එසේ නම් පිළිකුල්වූ, කිළිටුවූ, අපරාධය වතුර මෙන් බොන්නාවූ මනුෂ්‍යයා පිරිසිදුකමින් ඊටත් කොපමණ අඩු නොවන්නේද?
නුවණින් හැසිරෙන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දක්නා පිණිස, දෙවියන්වහන්සේ ස්වර්ගයේ සිට මනුෂ්‍ය පුත්‍රයන් දෙස බැලූසේක.
මෙන්න, මෙය පමණක් මට සම්බවිය, එනම් දෙවියන්වහන්සේ මනුෂ්‍යයා ඇද නැතුව මැවූසේක; නුමුත් ඔවුන් බොහෝ අමුතු උපා යොදාගත් බවය.
ඉර යට කෙරෙන සියල්ල අතරේ ඇති නරකක් නම් සියල්ලන්ට එක සිද්ධියක් ඇතිවීමය. එසේ මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුරෙන් පිරී ඔවුන් ජීවත්වන තෙක් මෝහය ඔවුන්ගේ සිත්වල තිබේ, ඉන්පසු ඔව්හු මළවුන් ළඟට යන්නෝය.
එම්බා යෙරුසලම, නුඹ ගැළවෙන පිණිස නුඹේ සිත සෝදා එහි නපුරුකම පහකරන්න. නුඹේ නිෂ්ඵල යෝජනා කොපමණ කල් නුඹ තුළ පවතිනවා ඇද්ද?
එවිට උන්වහන්සේ: මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයේ වැඩිමහල්ලන් අන්ධකාරයෙහි එක එකා තම තමාගේ රූප ගබඩාවලදී කරන දේ දුටුවෙහිද? මක්නිසාද: ස්වාමීන්වහන්සේ අප දකින්නේ නැත; ස්වාමීන්වහන්සේ දේශය අත්හැරියසේකැයි ඔව්හු කියතියි මට කීසේක.
මක්නිසාද නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් නික්මෙන්නේය.
තවද එබඳු කෙනෙක් මේ දිවුරුමේ වචන අසන විට: මම මාගේ සිතේ මුරණ්ඩුකමින් හැසිරෙම් නුමුත් මට සමාදානය ලැබේයයි කියමින් පිපාසායට බේබදුකම එකතුකරන පිණිස තමාගේ සිතතුළ තමාට ආශීර්වාද කරගත්තොත්,
මක්නිසාද අපිත් වරක් අඥානව, අකීකරුව, මුළාව, අනේකාකාර තෘෂ්ණාවලටත් සැප සෙල්ලම්වලටත් වහල්ව, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින්, නුරුස්සනු ලබන්ට සුදුස්සන්ව, එකිනෙකාට වෛරකරමින් සිටියෙමුව.
ඒ ආත්ම නෝවාගේ දවස්වලදී, නැව සාදන අතර, දෙවියන්වහන්සේ ඉවසිල්ලෙන් බලා සිටි කාලයෙහි අකීකරුව සිටියෝය. ඒ නැවට ස්වල්ප දෙනෙක් එනම් අටදෙනෙක් [ඇතුල්වී] වතුර කරණකොටගෙන ගැළවුණෝය.