Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 6:6 - Sinhala Revised Old Version

6 තවද ස්වාමීන්වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝකවූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 මිහි පිට මිනිසා මැවීම ගැන උන් වහන්සේ ශෝක වූ සේක; උන් වහන්සේගේ හදවත සොවින් පෙළුණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 මිහි පිට මිනිසා මැවීම ගැන උන් වහන්සේ ශෝක වූ සේක; උන් වහන්සේගේ හදවත සොවින් පෙළුණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 6:6
34 හුවමාරු යොමු  

නුමුත් ඔව්හු කැරළිගසා, උන්වහන්සේගේ ශුද්ධාත්මයට දුක් ඉපදෙවූවෝය. ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට සතුරෙක් වී, උන්වහන්සේම ඔවුන්ට විරුද්ධව යුද්ධකළසේක.


මම සාවුල් රජකමට පත්කළ බැවින් තැවෙමි. මක්නිසාද ඔහු මාගේ ආඥා නොපවත්වා, මාගේ වචනය ඉෂ්ටනොකර, මා අනුව යාමෙන් අහක්ව ගියේයයි කීසේක. සාමුවෙල් උදහස්වී රාත්‍රිය මුළුල්ලේ ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය.


දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.


එබැවින් මම ඒ පරම්පරාවට අප්‍රසන්නවී: ඔව්හු නිතරම සිතින් මුළාවෙති; මාගේ මාර්ගයන්ද ඔව්හු දැන නොගත්තෝය.


ඇරත් ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණෝ බොරු නොකියනසේක, නොතැවෙනසේක. මක්නිසාද තැවෙන්ට උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවේයයි කීවේය.


දේවදූතයා යෙරුසලම විනාශකරන්ට තමාගේ අත ඒ දෙසට දිගුකළ විට ස්වාමීන්වහන්සේ විපත ගැන තැවී සෙනඟ විනාශකරන දූතයාට කථාකොට: ඉතින් ඇත, නුඹේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ දූතයා යෙබූසිය අරව්නාගේ පාවර ළඟ සිටියේය.


බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?


එවිට ඔවුන්ගේ ක්‍රියා–එනම් තමුන්ගේ නපුරු මාර්ගයෙන් ඔවුන් හැරුණු බව–දෙවියන්වහන්සේ දැක, ඔවුන්ට කරමියි කීවාවූ විපත්තිය ගැන තැවී, ඒක නොකළසේක.


එසේය, නුඹලාගේ වස්ත්‍ර නොව නුඹලාගේ සිත් ඉරාගන, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්න. මක්නිසාද උන්වහන්සේ දයාවන්තවූ, අනුකම්පාවෙන් පූර්ණවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ කෙනෙක්ය; උන්වහන්සේ විපත්තිය ගැන තැවෙනසේක.


ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට කරන්නේයයි කී විපත ගැන තැවුණසේක.


මා ජීවමාන බව සැබෑවා සේම, දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වෙනවාට මිස, දුෂ්ටයා නසිනවාට මම ප්‍රසන්න නොවෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. ඉශ්‍රායෙල් වංශය හැරෙන්න, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරෙන්න; නුඹලා නසින්නේ මක්නිසාදැයි ඔවුන්ට කියන්න.


යූදාහි රජවූ හෙසකියා සහ සියලු යූදාවරු ඔහු මැරුවෝද? ඔහු ස්වාමීන්වහන්සේට භයව ස්වාමීන්වහන්සේට කන්නලව් නොකෙළේද? ස්වාමීන්වහන්සේද ඔවුන්ට විරුද්ධව කී විපත්තිය ගැන පසුතැවිලිවුණා නොවේද? මෙසේ අපි අපේම ප්‍රාණවලට විරුද්ධව මහත් නපුරක් කර ගන්නෙමුයයි කීවෝය.


දෙවියන්වහන්සේ යෙරුසලම විනාශකරන්ට දූතයෙකු යැවූසේක. ඔහු ඒක විනාශකරන්ට යන විට ස්වාමීන්වහන්සේ බලා ඒ විපත ගැන තැවී, විනාශකාර දූතයාට කථාකොට: ඉතින් ඇත; නුඹේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ දූතයා යෙබූසිය ඔර්ණාන්ගේ කමත ළඟ සිටියේය.


අනේ, නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන්දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.


ඔවුන් උදෙසා ස්වකීය ගිවිසුම සිහිකොට, තමන් අධික කරුණාව ලෙස තැවුණුසේක.


ඉන්පසු සාමුවෙල් තමා මැරෙන දවස දක්වා තවත් සාවුල් දකින්ට නායේය. නුමුත් සාමුවෙල් සාවුල් ගැන ශෝකවිය. ස්වාමීන්වහන්සේද සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට පත්කළ බැවින් තැවුණුසේක.


එසේය, ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ බලය පහවී තිබෙන බවද දාසයාත් නිර්දාසයාත් නැතිවී ගිය බවද දුටුවාම, ස්වකීය සෙනඟට යුක්තිය ඉෂ්ටකොට, තමන් මෙහෙකරුවන් ගැන අනුකම්පා කරන සේක.


අහෝ, ඔවුන් ඥානවන්තව, මේක තේරුම්ගෙන, තමුන්ගේ මතු කාලය ගැන මෙනෙහි කළොත් යහපත!


අහෝ ඔවුන්ටද ඔවුන් සමඟ ඔවුන්ගේ දරුවන්ටද සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස නිතරම මට භයවීමටත් මාගේ සියලු ආඥා රක්ෂාකිරීමටත් මෙයාකාර සිතක් තිබුණොත් යහපත!


සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්තාවූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.


තවද උන්වහන්සේ සතළිස් අවුරුද්දක් අප්‍රසන්නව සිටියේ කවුරුන් කෙරෙහිද? පව්කළාවූ, තමුන්ගේ මළකඳන් කාන්තාරයේ වැටුණාවූ තැනැත්තන් කෙරෙහි නොවේද?


මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම වෙනස් නොවෙමි; එබැවින් යාකොබ්ගේ පුත්‍රයෝවූ නුඹලා විනාශ නොවී සිටින්නහුය.


එප්‍රායිම්, මම කෙසේ නුඹ අත්හරින්නෙම්ද? ඉශ්‍රායෙල්, නුඹ කෙසේ පාවාදෙන්නෙම්ද? කෙසේ අද්මාට මෙන් නුඹට කරන්නෙම්ද? කෙසේ නුඹව ශෙබොයිම්ට සමකරන්නෙම්ද? මාගේ සිත මා තුළ හැරී, මාගේ අනුකම්පාව මුළුමනින්ම ඇවිළී තිබේ.


මම ද්‍රෝහිකම්කරන්නන් දැක දුක්වීමි; මක්නිසාද ඔව්හු ඔබගේ වචනය නොපවත්වති.


නුඹ මෙල්කිසදෙක්ගේ පිළිවෙළින් සදාකාලයටම පූජකයෙකැයි ස්වාමීන්වහන්සේ දිවුළසේක; එය වෙනස් නොකරනසේක.


මම සතළිස් අවුරුද්දක් ඒ පරම්පරාව කෙරෙහි කලකිරී: ඔව්හු සිතින් මුළාවයන සෙනඟක්ය, ඔව්හු මාගේ මාර්ගයන් දැන නොගත්තෝයයි කීයෙමි.


අහෝ මාගේ සෙනඟ මට කන් දුන්නොත් ඉශ්‍රායෙල් මාගේ මාර්ගවල හැසුරුණොත්, යහපත!


කී වරක් ඔව්හු වනයෙහිදී උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝද, කාන්තාරයේදී උන්වහන්සේට දුක් දුන්නෝද!


මක්නිසාද දෙවියන්වහන්සේගේ දීමනාද කැඳවීමද වෙනස් නොවන්නේය.


ස්වාමීන්වහන්සේ: මා විසින් මවනලද මනුෂ්‍යයා භූමිය මතුපිටින් නැතිකර දමන්නෙමි; මනුෂ්‍යයන්ද මෘගයන්ද බඩගායන සත්වයන්ද ආකාශයේ පක්ෂීන්ද නැතිකර දමන්නෙමි; මක්නිසාද මම ඔවුන් සෑදූ බැවින් තැවෙමියි කීසේක.


උදුරා කඩාදමා නැතිකරන්නෙමියි මම කිසියම් ජාතියක් හෝ රාජ්‍යයක් ගැන කී කල,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්