Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 15:16 - Sinhala Revised Old Version

16 එසේ නම් පිළිකුල්වූ, කිළිටුවූ, අපරාධය වතුර මෙන් බොන්නාවූ මනුෂ්‍යයා පිරිසිදුකමින් ඊටත් කොපමණ අඩු නොවන්නේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එසේ නම්, දිය මෙන් අපරාධ බොන, පිළිකුල්, පවිටු මිනිසා ගැන කියනුම කවරේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එසේ නම්, දිය මෙන් අපරාධ බොන, පිළිකුල්, පවිටු මිනිසා ගැන කියනුම කවරේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 15:16
11 හුවමාරු යොමු  

දුර්ජන සාක්ෂිකාරයා යුක්තියට නින්දාකරයි; දුෂ්ටයාගේ මුඛයද අයුතුකම ගිලගනියි. නින්දාකරන්නන්ට දඬුවමද


යෝබ්ට සමාන මනුෂ්‍යයා කවරේද? ඔහු නින්දාව වතුර මෙන් බොන්නේය.


මක්නිසාද අපිත් වරක් අඥානව, අකීකරුව, මුළාව, අනේකාකාර තෘෂ්ණාවලටත් සැප සෙල්ලම්වලටත් වහල්ව, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින්, නුරුස්සනු ලබන්ට සුදුස්සන්ව, එකිනෙකාට වෛරකරමින් සිටියෙමුව.


ඔවුන් සියලු දෙනාම ආපසු ගියෝය; ඔව්හු එක ලෙස කිලුටුවී සිටිති; යහපත කරන්නෙක් නැත, එක්කෙනෙක්වත් නැත.


එබැවින් මම මටම පිළිකුල්කොට, දූවිල්ලෙත් අලුවලත් හිඳ පශ්චාත්තාපවෙමියි කීවේය.


දුෂ්ටකම ඔහුගේ මුඛයෙහි මිහිරිව තිබෙන නුමුත්, ඔහු ඒක තමාගේ දිව යට සඟවා ගන්න නුමුත්;


ධූලියෙහි අත්තිවාරම ඇති, මැටි ගෙවල වාසයකරන්නන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද! කාවෙකු මෙන් ඔව්හු පොඩිකරනු ලබති.


නුඹට පෙන්වන්නෙමි, මා කියන දේ අසන්න; මා දැක තිබෙන දේද කියාදෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්