ගීතාවලිය 53:2 - Sinhala Revised Old Version2 නුවණින් හැසිරෙන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දක්නා පිණිස, දෙවියන්වහන්සේ ස්වර්ගයේ සිට මනුෂ්‍ය පුත්‍රයන් දෙස බැලූසේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 සුරලොව සිට දෙවිඳාණෝ නරලොව නරඹන සේක. එසේ ය, දෙවිඳුන් සොයා යන නුවණැති අය ඇද්දැ යි එතුමාණෝ විමසන සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 සුරලොව සිට දෙවිඳාණෝ නරලොව නරඹන සේක. එසේ ය, දෙවිඳුන් සොයා යන නුවණැති අය ඇද්දැ යි එතුමාණෝ විමසන සේක. පරිච්ඡේදය බලන්න |
සාලමොන්, මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක. නුඹ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹට සම්බවෙනවා ඇත; නුමුත් නුඹ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ නුඹ සදාකාලයටම අහක දමනවා ඇත.