ඔහු ආබ්‍රම්ට ආශීර්වාදකොට: අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවියන්වහන්සේගෙන් ආබ්‍රම්ට ආශීර්වාද වේවා;
උත්පත්ති 47:7 - Sinhala Revised Old Version යෝසෙප් තම පියවූ යාකොබ් ඇතුළට කැඳවාගෙනවිත් ඵාරාවෝ ඉදිරියෙහි සිටෙවුවේය. යාකොබ් ඵාරාවෝට ආශීර්වාදකෙළේය. Sinhala New Revised Version එවිට ජෝසෙප් තම පියා වන ජාකොබ් කැඳවාගෙන විත් පාරාවෝ වෙත ඉදිරිපත් කළ විට ඔහු පාරාවෝට ආශීර්වාද කෙළේ ය. Sinhala New Revised Version 2018 එවිට ජෝසෙප් තම පියා වන ජාකොබ් කැඳවාගෙන විත් පාරාවෝ වෙත ඉදිරිපත් කළ විට ඔහු පාරාවෝට ආශීර්වාද කෙළේ ය. |
ඔහු ආබ්‍රම්ට ආශීර්වාදකොට: අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවියන්වහන්සේගෙන් ආබ්‍රම්ට ආශීර්වාද වේවා;
යාකොබ් ආබ්‍රහම් සහ ඊසාක් පොරොත්තුව සිටිය මම්රේට එනම් කිරියත්-අර්බාට තමාගේ පියවූ ඊසාක් වෙතට ආයේය. ඒ වනාහි හෙබ්‍රොන්ය.
යෝවාබ් මුහුණින් බිම වැටී වැඳ රජුට ස්තුතිකොට: රජ්ජුරුවන් විසින් තමන් මෙහෙකරුවාගේ ඉල්ලීම ඉෂ්ටකළ නිසා මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන බව ඔබගේ මෙහෙකරුවා දැන් දන්නේයයි කීවේය.
මුළු සෙනඟ යොර්දානෙන් මෙගොඩවුණෝය, රජද මෙගොඩවුණේය. රජතෙමේ බර්සිල්ලයි සිඹ ඔහුට ආශීර්වාදකෙළේය; ඔහු තමාගේ ස්ථානයට හැරීගියේය.
දාවිත් එසේ හදද්එසෙර්ට විරුද්ධව සටන්කොට ඔහුට පහරදුන් නිසා දාවිත්ට ආචාරකරන්ටත් ඔහුට ආශීර්වාදකරන්ටත් ඔහු වෙතට තමාගේ පුත්‍රවූ යෝරාම් එවුවේය. මක්නිසාද හදද්එසෙර් සහ තොයි අතරේ යුද්ධ පැවතුණේය. යෝරාම් රිදී බඩුද රන් බඩුද පිත්තල බඩුද ගෙනාවේය.
ඇරත් රජුගේ සේවකයෝ අපේ ස්වාමිවූ දාවිත් රජුට ආශීර්වාදකරන්ට ඇවිත්–දෙවියන්වහන්සේ සාලමොන්ගේ නාමය ඔබගේ නාමයට වඩා උසස්කර ඔහුගේ සිංහාසනය ඔබගේ සිංහාසනයට වඩා උතුම්කරනසේක්වයි කීවෝය. රජද යහන පිටදී නමස්කාර කෙළේය.
අටවෙනිදා ඔහු සෙනඟ යන්ට හැරියේය, ඔව්හු රජුට ආශීර්වාද ඉල්ලා, ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ දාවිත්ටත් තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටත් කළ සියලු යහපත්කම් ගැන ප්‍රීතිමත්ව, සන්තෝෂ සිත් ඇතුව, තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.
එවිට ඔහු ගෙහාසීට කථාකොට: ඉඟටිය බැඳගෙන මාගේ සැරයටිය අතින් රැගෙන යන්න. යමෙක් සම්බවුණත් ඔහුට ආචාර කරන්නේවත් යමෙක් නුඹට ආචාරකළත් ඔහුට උත්තරදෙන්නේවත් නැතුව ගොස්, මාගේ සැරයටිය ළමයාගේ මුහුණ පිට තබන්නැයි කීවේය.
නුඹලා කී ලෙස නුඹලාගේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද රැගෙන යන්න; මටත් ආශීර්වාද කරන්නැයි කීවේය.
ඔවුන් කමින් සිටියදී යේසුස්වහන්සේ රොටි ගෙන ආශීර්වාදකොට කඩා ගෝලයන්ට දී: රැගෙන කන්න; මේක මාගේ ශරීරයයයි කීසේක.
උන්වහන්සේ රොටි ගෙන ස්තුති කොට කඩා, ඔවුන්ට දී: මේක නුඹලා උදෙසා දෙනලද මාගේ ශරීරයය; මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක.
යෝෂුවා ඔහුට ආශීර්වාදකොට, යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ්ට උරුමයක් කොට හෙබ්‍රොන් නුවර දුන්නේය.
මෙසේ යෝෂුවා ඔවුන්ට ආශීර්වාදකොට ඔවුන් යන්ට හැරියේය. ඔව්හු තමුන්ගේ කූඩාරම්වලට යන්ට ගියෝය.
ඒලී එල්කානාටත් ඔහුගේ භාර්යාවටත් ආශීර්වාදකරමින්: නුඹලා ස්වාමීන්වහන්සේට දුන්නාවූ දීම වෙනුවට ස්වාමීන්වහන්සේ නුඹට මේ ස්ත්‍රියගෙන් වංශයක් දෙනසේක්වයි කීවේය. ඔව්හු තමුන්ගේ ගෙදරට ගියෝය.