Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 35:27 - Sinhala Revised Old Version

27 යාකොබ් ආබ්‍රහම් සහ ඊසාක් පොරොත්තුව සිටිය මම්රේට එනම් කිරියත්-අර්බාට තමාගේ පියවූ ඊසාක් වෙතට ආයේය. ඒ වනාහි හෙබ්‍රොන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ජාකොබ් ද ආබ්‍රහම් සහ ඊසාක් තාවකාලික ව පදිංචි වූ ආලෝන අරඹ හෙවත් කිර්යත්-අර්බා හෙවත් හෙබ්‍රොන් නම් ස්ථානයේ ඊසාක් වෙත පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ජාකොබ් ද ආබ්‍රහම් සහ ඊසාක් තාවකාලික ව පදිංචි වූ ආලෝන අරඹ හෙවත් කිරියත්-අර්බා හෙවත් හෙබ්‍රොන් නම් ස්ථානයේ ඊසාක් වෙත පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 35:27
20 හුවමාරු යොමු  

ආබ්‍රම් තමාගේ කූඩාරම රැගෙන හෙබ්‍රොන්හි තිබෙන මම්රේගේ ආලොන් ගස් ළඟට ඇවිත් වාසයකොට එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.


ඉන්පසු ආබ්‍රහම් තම භාර්යාවවූ සාරා කානාන් දේශයෙහි මම්රේ (එනම් හෙබ්‍රොන්) ඉදිරිපිට මක්පේලායේ කෙතේ ගුහාවෙහි තැන්පත්කෙළේය.


ඔහු දවාලේ ග්‍රීෂ්ම වේලාවේ කූඩාරමේ දොරකඩ හිඳින කල ස්වාමීන්වහන්සේ මම්රේගේ ආලොන් ගස් ළඟදී ඔහුට පෙනුණුසේක;


යෝෂුවා ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ්ට යූදාගේ පුත්‍රයන් අතරෙහි කොටසක් දුන්නේය. එය හෙබ්‍රොන් නම්වූ කිරියත්-අර්බාය. අර්බා අනාක්වරුන්ගේ පියාය.


සාරා කානාන් දේශයෙහිවූ කිරියත්-අර්භාහිදී මළාය. ඒ වනාහි හෙබ්‍රොන් නම් ස්ථානයය. එවිට ආබ්‍රහම් සාරා නිසා වැලපෙන්ටත් හඬන්ටත් ආයේය.


ඔහු හෙබ්‍රොන්හි යූදාවරුන් කෙරෙහි රජකම්කළේ සත් අවුරුදු හමාසයක්ය, යෙරුසලමේ ඔහු සියලු ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද කෙරෙහි රජකම්කළේ තිස්තුන් අවුරුද්දක්ය.


මෙසේ ඉශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙතට පැමිණියෝය; දාවිත් රජද හෙබ්‍රොන්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය. ඔව්හු දාවිත් ඉශ්‍රායෙල් කෙරෙහි රජ කොට ආලේපකළෝය.


එකල සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රයෝ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙතට ඇවිත්: අපි ඔබගේ ඇට හා මාංසයත්ය.


දාවිත් හෙබ්‍රොන්හි යූදා වංශයට රජව සිටි කාලය සත් අවුරුදු හමාසයක්ය.


දාවිත් තමා සමඟ සිටි තමාගේ මිනිසුන් ඔවුන් එකිනෙකාගේ ගෙයි වැසියන් සමඟ කැඳවාගෙන ආයේය. ඔව්හු හෙබ්‍රොන් නුවරවල වාසය කළෝය.


ඉන්පසු දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාරමින්: මා යූදාහි යම් නුවරකට යන්ටදැයි ඇසුවේය. ස්වාමීන්වහන්සේ: යන්නැයි ඔහුට කීසේක. මා කොතැනට යන්ටදැයි දාවිත් ඇසුවේය. හෙබ්‍රොන්ටයයි උන්වහන්සේ කීසේක.


ඔව්හු යූදා කඳු රටේ තිබෙන හෙබ්‍රොන් නම් කිරියත්-අර්බාද ඒ අවට තිබෙන එහි පිට-බිම්ද ඔවුන්ට දුන්නෝය. අර්බා වනාහි අනාක්ගේ පියාය.


මෙසේ ඊසාක් යාකොබ් පිටත්කර හැරියේය. ඔහු යාකොබ්ගේද ඒසව්ගේද මවුවූ රෙබෙකාගේ සහෝදරවන අරාමිය බෙතුයෙල්ගේ පුත්‍රවූ ලාබන් වෙතට පදන්-අරාමට ගියේය.


එවිට ගැළවී ගිය කෙනෙක් ඇවිත් හෙබ්‍රෙව්වාවූ ආබ්‍රම්ට දැන්විය. හෙතෙම වනාහි එෂ්කොල්ගේ සහෝදරයාද අනෙර්ගේ සහෝදරයාදවූ අමෝරිය මම්රේගේ ආලෝන් ගස් ළඟ වාසයකෙළේය. මොව්හු ආබ්‍රම් සමඟ ගිවිසුමක් කරගෙන සිටියෝය.


තමාගේ සියලු සිව්පාවන්ද පදන්-අරාමේදී තමා සම්බකරගත් සියලු සම්පත්ද තමා ලබාගත් සියලු සිව්පාවන්ද රැගෙන, කානාන් දේශයට තමාගේ පියවූ ඊසාක් වෙතට යන පිණිස ගියේය.


ඔහු: යන්නෙමියි ඔහුට කීවේය. එවිට ඔහු කථාකොට: නුඹ ගොස් නුඹේ සහෝදරයොත් රැළත් සුවසේ සිටිද්ද කියා බලා ඇවිත් මට දන්වන්නැයි ඔහුට කීය. මෙසේ කියා හෙතෙම හෙබ්‍රොන් මිටියාවතේ සිට ඔහු හැරියේය. ඔහු ෂෙඛෙම්ට පැමුණුණේය.


නුඹ විදේශීව වාසයකරන දේශය වන මුළු කානාන් දේශය නුඹට සහ නුඹෙන් පසුව නුඹේ වංශයටත් සදාකාල උරුමයක් කොට දෙන්නෙමි; මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමියි කීසේක.


ඔහු ඔවුන්ට අණකරමින්: මම මාගේ සෙනඟට එකතුවන්නෙමි. හිත්තීයවූ එප්‍රොන්ගේ කෙතෙහි තිබෙන ගුහාවේ එනම් කානාන් දේශයෙහි මම්රේ ඉදිරිපිට මක්පේලායේ කෙතෙහි තිබෙන,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්