Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 14:13 - Sinhala Revised Old Version

13 යෝෂුවා ඔහුට ආශීර්වාදකොට, යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ්ට උරුමයක් කොට හෙබ්‍රොන් නුවර දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ජෝෂුවා ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට ආශීර්වාද කොට, ඔහුට හෙබ්‍රොන් නුවර උරුම කොට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ජෝෂුවා ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට ආශීර්වාද කොට, ඔහුට හෙබ්‍රොන් නුවර උරුම කොට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 14:13
16 හුවමාරු යොමු  

මෝසෙස් කී ලෙස ඔව්හු කාලෙබ්ට හෙබ්‍රොන් නුවර දුන්නෝය. එතැනින් ඔහු අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා පන්නාදැමීය.


මෙසේ යෝෂුවා ඔවුන්ට ආශීර්වාදකොට ඔවුන් යන්ට හැරියේය. ඔව්හු තමුන්ගේ කූඩාරම්වලට යන්ට ගියෝය.


යෝෂුවා ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ්ට යූදාගේ පුත්‍රයන් අතරෙහි කොටසක් දුන්නේය. එය හෙබ්‍රොන් නම්වූ කිරියත්-අර්බාය. අර්බා අනාක්වරුන්ගේ පියාය.


මාගේ පරෙවිදෙන, මාගේ නිර්මල තැනැත්තිය, අසමාන තැනැත්තීය. ඈ ඇගේ මවුගේ එකම දරුවාය; ඈ වැදූ ඇත්තීගේ ප්‍රිය තැනැත්තීය. දූවරු ඈ දැක ඈ වාසනාවන්තීයයි කීවෝය; එසේය, බිසෝවරුද උපභාර්යාවෝද දැක ඇය වර්ණනාකළහ.


එවිට ඒලී උත්තරදෙමින්: සමාදානයෙන් යන්න; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගෙන් නුඹ කළ ඉල්ලීම උන්වහන්සේ නුඹට ඉෂ්ටකරදෙනසේක්වයි කීවේය.


තවද යාකොබ් ඵාරාවෝට ආශීර්වාදකොට ඵාරාවෝ ඉදිරියෙන් පිටතට ගියේය.


යෝසෙප් තම පියවූ යාකොබ් ඇතුළට කැඳවාගෙනවිත් ඵාරාවෝ ඉදිරියෙහි සිටෙවුවේය. යාකොබ් ඵාරාවෝට ආශීර්වාදකෙළේය.


එබැවින් කෙනිස්සිය යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ් සම්පූර්ණ ලෙස ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගිය නිසා හෙබ්‍රොන් අද දවස දක්වා ඔහුගේ උරුමයව තිබේ.


අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත් යූදාට අයිති පළාතටත් කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධව යුද්ධකෙළෙමුව; ශික්ලග් ගින්නෙන් පුලුස්සා දැමීමුයයි කීවේය.


හෙබ්‍රොන්හිද දාවිත් සහ ඔහුගේ මිනිසුන් ගැවසුණ සියලු තැන්වලද සිටි වැඩිමහල්ලන්ටය.


ඉන්පසු දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාරමින්: මා යූදාහි යම් නුවරකට යන්ටදැයි ඇසුවේය. ස්වාමීන්වහන්සේ: යන්නැයි ඔහුට කීසේක. මා කොතැනට යන්ටදැයි දාවිත් ඇසුවේය. හෙබ්‍රොන්ටයයි උන්වහන්සේ කීසේක.


එලෙයාසාර්ට දාව පීනෙහාස්ද පීනෙහාස්ට දාව අබිෂුවාද;


ගම් සහ ඒවායේ කෙත් ගැන වනාහි යූදා පුත්‍රයන්ගෙන් සමහරෙක් කිරියත්-අර්බා සහ ඒකේ ගම්වලද, දීබොන්හි සහ ඒකේ ගම්වලද, යෙකබ්සෙයෙල්හි සහ ඒකේ ගම්වලද;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්