Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 4:29 - Sinhala Revised Old Version

29 එවිට ඔහු ගෙහාසීට කථාකොට: ඉඟටිය බැඳගෙන මාගේ සැරයටිය අතින් රැගෙන යන්න. යමෙක් සම්බවුණත් ඔහුට ආචාර කරන්නේවත් යමෙක් නුඹට ආචාරකළත් ඔහුට උත්තරදෙන්නේවත් නැතුව ගොස්, මාගේ සැරයටිය ළමයාගේ මුහුණ පිට තබන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 එවිට ඔහු ගෙහාසීට කතා කොට, “ඉඟටිය බැඳගෙන මාගේ සැරයටිය අතින් රැගෙන යන්න. යමෙකු ඔබට සම්බවුණත් ඔහුට ආචාර කරන්නේ වත්, යමෙකු ඔබට ආචාර කළත් ඔහුට උත්තර දෙන්නේ වත් නැති ව ගොස් මාගේ සැරයටිය ළමයා පිට තබන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 එවිට ඔහු ගෙහාසීට කතා කොට, “ඉඟටිය බැඳගෙන මාගේ සැරයටිය අතින් රැගෙන යන්න. යමෙකු ඔබට සම්බවුණත් ඔහුට ආචාර කරන්නේ වත්, යමෙකු ඔබට ආචාර කළත් ඔහුට උත්තර දෙන්නේ වත් නැති ව ගොස් මාගේ සැරයටිය ළමයා පිට තබන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 4:29
15 හුවමාරු යොමු  

එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව අරගෙන: එලියාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොයිද කියා වතුරට ගැසුවේය. ඔහුත් වතුරට ගැසූවිට එය දෑතට බෙදී ගියේය. එලිෂා එගොඩවුණේය.


ස්වාමීන්වහන්සේගේ හස්තය එලියා කෙරෙහි පැමිණි නිසා, ඔහු තමාගේ කටිය බැඳගෙන ආහබ්ට පෙරටුව යෙස්‍රෙයෙල්ට ඇතුල්වෙන තැන දක්වා දිවුවේය.


නුඹේ සැරයටිය ඔසවා නුඹේ අත මුහුද කෙරෙහි දිගුකොට ඒක බෙදන්න. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැදට වියළි භූමිය පිට යන්නෝය.


පසුම්බියක්වත් මල්ලක්වත් වහන්වත් ගෙන නොයන්න. මාර්ගයේදී කාටවත් ආචාර නොකරන්න.


අනාගතවක්තෘවූ එලිෂා ශිෂ්‍ය ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුට අඬගසා: නුඹ ඉඟටිය බැඳගෙන මේ තෙල් කුලාව අතින් රැගෙන රාමොත්-ගිලියද්ට යන්න.


ඔහුගේ ශරීරයෙන් පිස්නාකඩවත් රෙදිකඩවත් ලෙඩුන් ළඟට ගෙනගිය පමණින් රෝග ඔවුන්ගෙන් පහවිය, නපුරු ආත්මයෝද දුරුව ගියෝය.


උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන උන්වහන්සේගේ නාමයම නුඹලා දකින්නාවූ අඳුනන්නාවූ මේ මනුෂ්‍යයා සවිකෙළේය. එසේය, උන්වහන්සේ කරණකොටගෙන ඇත්තාවූ ඇදහිල්ල නුඹලා සියල්ලන් ඉදිරියෙහි මොහුට මේ සම්පූර්ණ සුවය දුන්නේය.


එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන අකුළා වතුරට ගැසීය, වතුර දෑතට බෙදී ගියේය, ඒ දෙදෙනා වියළි බිම පිට එගොඩවූවෝය.


නුඹ විසින් හාස්කම් දක්වන්ට මේ සැරයටිය නුඹේ අතින් ගනුවයි කීසේක.


ඉන්නිසා නුඹලාගේ සිත් නමැති කටි බැඳගෙන සිහි ඇතුව සිට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී නුඹලා වෙතට පමුණුවනු ලබන්ට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.


එබැවින් නුඹලාගේ ඉඟටි සැබෑකම නැමති පටියෙන් බැඳගෙන, ධර්මිෂ්ඨකම නැමති ළයවැස්ම පැළඳගෙන,


තවද ඔහු: ෂුනෙම්මිය ස්ත්‍රීට අඬගසන්නැයි තමාගේ වැඩකාරයාවූ ගෙහාසීට කීය. ඔහු ඈට අඬගැසූ විට ඔහු ඉදිරියට ආවාය.


ඈ සවිලෙස ඉඟටිය බැඳගෙන, ඇගේ අත් සවිකරගන්නීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්