Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 19:39 - Sinhala Revised Old Version

39 මුළු සෙනඟ යොර්දානෙන් මෙගොඩවුණෝය, රජද මෙගොඩවුණේය. රජතෙමේ බර්සිල්ලයි සිඹ ඔහුට ආශීර්වාදකෙළේය; ඔහු තමාගේ ස්ථානයට හැරීගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 මුළු සෙනඟ ජොර්දානෙන් මෙගොඩ පැමිණියෝ ය. රජ ද මෙගොඩට පැමිණියේ ය. රජ තෙමේ බර්ශිල්ලයි සිඹගෙන ඔහුට ආශීර්වාද කෙළේ ය. ඔහු තමාගේ ගෙදරට පෙරළා ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 මුළු සෙනඟ ජොර්දානෙන් මෙගොඩ පැමිණියෝ ය. රජ ද මෙගොඩට පැමිණියේ ය. රජ තෙමේ බර්ශිල්ලයි සිඹගෙන ඔහුට ආශීර්වාද කෙළේ ය. ඔහු තමාගේ ගෙදරට පෙරළා ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 19:39
18 හුවමාරු යොමු  

ලාබන් අලුයම නැගිට තම පුත්‍රයන්ද දූවරුන්ද සිඹ ඔවුන්ට ආශීර්වාදකොට පිටත්ව තමාගේ ස්ථානයට හැරී ගියේය.


ඔව්හු ශබ්දනගා නැවත ඇඬුවෝය. ඔර්පා ඇගේ නැන්දා සිඹ යන්ට ගියාය; නුමුත් රූත් ඈට ඇලුම්කමින් බැඳී සිටියාය.


යෝසෙප් තම පියවූ යාකොබ් ඇතුළට කැඳවාගෙනවිත් ඵාරාවෝ ඉදිරියෙහි සිටෙවුවේය. යාකොබ් ඵාරාවෝට ආශීර්වාදකෙළේය.


සියලු සහෝදරයන්ට ශුද්ධවූ සිඹීමකින් ආචාරකරන්න.


ඔවුන් සියල්ලෝ, තවත් තමාගේ මුහුණ ඔව්හු නොදකින්නෝයයි පාවුල් කී වචනය ගැන සියල්ලට වඩා කනගාටුවෙමින්, අතිශයෙන් හඬා,


සිමියොන් ඔවුන්ට ආශීර්වාදකර, උන්වහන්සේගේ මවුවූ මරියාට කථාකොට: බලව, මේ ළදරුවා ඉශ්‍රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම පිණිසත් නැගිටීම පිණිසත් විරුද්ධව කථාකරනු ලබන ලකුණක් පිණිසත් නියමවී සිටියි;


එවිට ඔහු ගවයන් අත්හැර එලියා පස්සේ දුවගොස්: මාගේ පියාණන් හා මෑණියන් සිඹ එන්ට මට අවසර ලැබේවා, ඉන්පසු ඔබ අනුව එන්නෙමියි කීවේය. ඔහුද: හැරී යන්න; මම නුඹට කුමක් කෙළම්දැයි ඔහුට කීවේය.


යෝවාබ් රජු ළඟට ඇවිත් එපවත් ඔහුට දැන්නුවේය. ඔහු අබ්සලොම් කැඳවූ කල හෙතෙම රජු ළඟට ඇවිත් රජු ඉදිරියෙහි මුහුණින් බිමට නැමී වැන්දේය. රජද අබ්සලොම් සිඹගත්තේය.


රජද: නෑ, මාගේ පුත්‍රය, අපි සියල්ලෝම නොඑන්නෙමුව, ආවොත් නුඹට බරක් වේයයි අබ්සලොම්ට කීවේය. ඔහු පෙරැත්තකළ නුමුත් ඔහු යන්ට කැමති නොවීය, නුමුත් ඔහුට ආශීර්වාද කෙළේය.


දාවිත්ද තමාගේ ගෙයි වැසියන්ට ආශීර්වාද කරන පිණිස හැරීගියේය. සාවුල්ගේ දූවූ මීඛල් දාවිත්ගේ පෙරමගට අවුත් කථාකොට: කමකට නැති කෙනෙක් ලජ්ජා නැතිව තමාගේ ඇඳුම් ගළවා දමන්නාක් මෙන් අද තමාගේ මෙහෙකරුවන්ගේ දාසීන් ඉදිරියෙහි තමාගේ ඇඳුම් ගළවාදැමූ ඉශ්‍රායෙල් රජතුමා අද කොපමණ තේජවත් නොවීදැයි කීවාය.


දාවිත් දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකර තීන්දුකළ පසු සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාදකෙළේය.


දාවිත් සාවුල්ට දිවුරුම් දුන්නේය. ඉක්බිති සාවුල් ගෙදර ගියේය; නුමුත් දාවිත්ද ඔහුගේ මිනිස්සුද බලකොටුවට නැගී ගියාහ.


බාලාම් නැගිට තමාගේ ස්ථානයට හැරී ගියේය. බාලාක්ද යන්ට ගියේය.


තවද යාකොබ් ඵාරාවෝට ආශීර්වාදකොට ඵාරාවෝ ඉදිරියෙන් පිටතට ගියේය.


ඔහු තමාගේ සියලු සහෝදරයන් සිඹ ඔවුන් වැලඳගෙන හැඬුවේය. ඉන්පසු ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කථාකළෝය.


සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේ නුඹට ආශීර්වාදකර නුඹ සෙනඟ රාශියක් වන පිණිස නුඹ සඵලකොට නුඹ වැඩිකරනසේක්වා;


ඔහු ආබ්‍රම්ට ආශීර්වාදකොට: අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවියන්වහන්සේගෙන් ආබ්‍රම්ට ආශීර්වාද වේවා;


රජද: කිම්හාම් එගොඩ මා සමඟ යේවා, නුඹට හොඳව පෙනෙන හැටියක් ඔහුට කරන්නෙමි. නුඹ මාගෙන් ඉල්ලන සියල්ලත් නුඹට කර දෙන්නෙමියි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්