Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 12:32 - Sinhala Revised Old Version

32 නුඹලා කී ලෙස නුඹලාගේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද රැගෙන යන්න; මටත් ආශීර්වාද කරන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 තවද, නුඹලා කිවූ පරිදි නුඹේ එළු බැටළු ගව පට්ටි ද රැගෙන යන්න. මට ද ආශීර්වාද කරන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 තවද, නුඹලා කිවූ පරිදි නුඹේ එළු බැටළු ගව පට්ටි ද රැගෙන යන්න. මට ද ආශීර්වාද කරන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 12:32
8 හුවමාරු යොමු  

අපේ ගවයන් අප සමඟ යා යුතුය; එක කුරයක්වත් ඉතුරුකර යන්ට නුපුළුවන; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකිරීමට ගවයන්ගෙන් ගත යුතුය; කුමකින් ස්වාමීන්වහන්සේට මෙහෙකටයුතුදැයි එහි යන තෙක් නොදනිමුයයි කීය.


තම පියාගේ බස් ඇසූ කල ඒසව් ඉතා මහත්වූ දුක්ඛිතවූ මොරගැසීමකින් කෑගසා: මාගේ පියාණෙනි, මටත්, අනේ මටත් ආශීර්වාදකළ මැනවයි තම පියාට කීය.


මෝසෙස්ද: අපි අපේ බාලයන් සහ මහල්ලන්ද අපේ පුත්‍රයන් සහ දූවරුන්ද සමඟ යන්නෙමුව, අපි අපේ එළු බැටළු රැළවල් සහ ගව රැළවල්ද සමඟ යන්නෙමුව; මක්නිසාද ස්වාමීන්වහන්සේට අප විසින් මංගල්‍යයක් පවත්වන්ට තිබේයයි කීවේය.


ස්වාමීන්වහන්සේට කන්නලව් කරන්න; මක්නිසාද මේ මහත් අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාව ඉතින් ඇත; මම නුඹලා තවත් නවත්වා නොගෙන යන්ට හරින්නෙමියි ඔවුන්ට කීය.


එවිට ඵාරාවෝ: නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට වනාන්තරයේදී පූජා ඔප්පුකරන පිණිස නුඹලා යන්ට හරින්නෙමි; එහෙත් බොහෝ දුර නොයන්න. මා උදෙසා කන්නලව්කරන්නැයි කීවේය.


ඒසව්ද: මාගේ පියාණෙනි, ඔබට ඇත්තේ එක ආශීර්වාදයක් පමණක්ද? මාගේ පියාණෙනි, මටත්, අනේ මටත් ආශීර්වාදකළ මැනවැයි තමාගේ පියාට කියා ශබ්දනගා හැඬීය.


තවද ඔවුන් මෙහෙකරන්නාවූ ඒ ජාතිය මම විනිශ්චයකරන්නෙමි; ඉන්පසු ඔව්හු බොහෝ සම්පත් ඇතුව පිටත්ව එන්නෝය.


ඔවුන්ට ඕනෑකරන දේ එනම් යෙරුසලමෙහි සිටින පූජකයන්ගේ නියමය ප්‍රකාර ස්වර්ගයේ දෙවියන්වහන්සේට දවන පූජා ඔප්පුකිරීමට ගොන්නාම්බන්ද බැටළුවන්ද බැටළුපැටවුන්ද තිරිඟුද ලුණුද මුද්‍රිකපානයද තෙල්ද දවස්පතා නොවරදවා ඔවුන්ට දෙනු ලැබේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්