තවද ඉර බැස අඳුරුවූ කල, බලව, දුම් නගින උදුනක්ද ඒ පළු මැදින් යන්නාවූ දැල්වෙන ගිනිහුලක්ද පෙනුණේය.
උත්පත්ති 4:4 - Sinhala Revised Old Version ආබෙල්ද තමාගේ රැළේ කුලුඳුලන්ගෙන්ද උන්ගේ තෙලින්ද ගෙනායේය. ස්වාමීන්වහන්සේ ආබෙල් සහ ඔහුගේ පඬුර සැලකූසේක; Sinhala New Revised Version ආබෙල් ද සිය බැටළු රැළේ කුලුඳුල් පැටවුන්ගෙන් සමහරෙකු ද ඔවුන්ගේ හොඳ ම කොටස් ද ගෙන සමිඳාණන් වහන්සේට පූජා කළේ ය. සමිඳාණන් වහන්සේ ද ආබෙල් සහ ඔහුගේ පඬුර සතුටින් පිළිගත් සේක. Sinhala New Revised Version 2018 ආබෙල් ද සිය බැටළු රැළේ කුලුඳුල් පැටවුන්ගෙන් සමහරෙකු ද ඔවුන්ගේ හොඳ ම කොටස් ද ගෙන සමිඳාණන් වහන්සේට පූජා කළේ ය. සමිඳාණන් වහන්සේ ද ආබෙල් සහ ඔහුගේ පඬුර සතුටින් පිළිගත් සේක. |
තවද ඉර බැස අඳුරුවූ කල, බලව, දුම් නගින උදුනක්ද ඒ පළු මැදින් යන්නාවූ දැල්වෙන ගිනිහුලක්ද පෙනුණේය.
නුඹලා නුඹලාගේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤාකරන්න, මමත් ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන්නෙමි. එවිට ගිනි එවීමෙන් උත්තරදෙන දෙවියන්වහන්සේම දෙවියන්වහන්සේ වන සේක්වයි කීවේය. මුළු සෙනඟ උත්තරදෙමින්: ඒ කීම යහපතැයි කීවෝය.
එවිට ස්වාමීන්වහන්සේ වෙතින් ගිනි බැස පූජාවත් දරත් ගලුත් ධූලිත් දවා අගළේ වතුරත් වියළවා දැම්මේය.
එහි දාවිත් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා, දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකොට, ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේද දවන පූජාසනය පිටට අහසෙන් ගිනි එවා ඔහුට උත්තරදුන්සේක.
සාලමොන් යාච්ඤාකොට නිමකළ විට අහසින් ගිනි බැස ඇවිත් දවන පූජාවද යාගයන්ද දවාදැම්මේය; ස්වාමීන්වහන්සේගේ තේජසින් ගෘහය පිරීගියේය.
ගර්භයෙහි ප්‍රථම ඵලවූ සියල්ලන්ද නුඹ සන්තක මෘගයන්ගෙන් සියලු කුලුඳුලන්ද ස්වාමීන්වහන්සේට වෙන්කරන්නෙහිය; පිරිමි ස්වාමීන්වහන්සේට වන්නෝය.
තවද සියලු ආකාර වෙහෙසත් සියලු දක්ෂ වැඩත් නිසා මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යයාව විඳින බව දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.
ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ගිනි නික්ම අවුත් පූජාසනය පිට දවන පූජාවද තෙල්ද දවා දැමුවේය. මුළු සෙනඟ ඒ දැක ශබ්ද පවත්වා මුහුණින් වැටුණෝය.
මෝසෙස් ඉතා උදහස්ව ස්වාමීන්වහන්සේට කථාකොට: ඔබවහන්සේ ඔවුන්ගේ පූජාව නොසැලකුව මැනව. මම ඔවුන්ගෙන් එක කොටළුවෙක්වත් නොගතිමි, ඔවුන්ගෙන් එක්කෙනෙකුටවත් පාඩුවක් නොකෙළෙමියි කීවේය.
තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් සුවඳ දුම් ඔප්පුකළ දෙසිය පනස්දෙනා දවාදැමීය.
තෙල්වලින් උතුම්වූ කොටසද මුද්‍රික යුසයෙන් හා ධාන්‍ය වලින් උතුම්වූ කොටසද වන ඔවුන් ස්වාමීන්වහන්සේට දෙන්නාවූ දේවල ප්‍රථම ඒවා මම නුඹට දුනිමි.
එහෙත් එළදෙනෙකුගේ හෝ බැටළුදෙනෙකුගේ හෝ එළුදෙනෙකුගේ හෝ කුලුඳුලා නොමිදිය යුතුය, උන් ශුද්ධය. උන්ගේ ලේ පූජාසනය පිට ඉස, ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස ගිනි පූජාවක් කොට උන්ගේ තෙල දවන්න.
ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා උතුම් පූජාවක් දෙවියන්වහන්සේට ඔප්පුකෙළේය. ඔහුගේ දීමනා ගැන දෙවියන්වහන්සේ සාක්ෂිදුන් බැවින්, එයින් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට සාක්ෂි ලැබුවේය. ඔහු මළ නුමුත් ඒ ඇදහීමෙන් තවම කථාකරන්නේය.
ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල්ම ලෙයින් පවිත්‍රකරනු ලැබේයයි කියන්ට පුළුවන්වා වාගේ පෙනේ, ලේ වැගිරීමක්ද නැතුව ක්ෂමාකිරීමකුත් නැත.
ලෝකය පටන්ගැන්මේ සිට මරනලද බැටළුපැටවාණන්ගේ ජීවනපොතෙහි නම් ලියවී නොතිබුණු පොළොවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාරකරන්නෝය.
එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබුණු සැරයටියේ අග දිගුකොට මස්වලටත් මුහුන් නොදැමූ රොටිවලටත් තට්ටු කෙළේය; එවිට පර්වතයෙන් ගිනි මතුවී මස්ද මුහුන් නොදැමූ රොටිද දවාදැමුවේය; ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහු ඉදිරියෙන් නොපෙනී ගියේය.
සාමුවෙල්ද: ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන සේක්ද? පූජාවට වඩා කීකරුවීමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන්දීමත් හොඳය.