Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 4:4 - Sinhala New Revised Version

4 ආබෙල් ද සිය බැටළු රැළේ කුලුඳුල් පැටවුන්ගෙන් සමහරෙකු ද ඔවුන්ගේ හොඳ ම කොටස් ද ගෙන සමිඳාණන් වහන්සේට පූජා කළේ ය. සමිඳාණන් වහන්සේ ද ආබෙල් සහ ඔහුගේ පඬුර සතුටින් පිළිගත් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ආබෙල් ද සිය බැටළු රැළේ කුලුඳුල් පැටවුන්ගෙන් සමහරෙකු ද ඔවුන්ගේ හොඳ ම කොටස් ද ගෙන සමිඳාණන් වහන්සේට පූජා කළේ ය. සමිඳාණන් වහන්සේ ද ආබෙල් සහ ඔහුගේ පඬුර සතුටින් පිළිගත් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ආබෙල්ද තමාගේ රැළේ කුලුඳුලන්ගෙන්ද උන්ගේ තෙලින්ද ගෙනායේය. ස්වාමීන්වහන්සේ ආබෙල් සහ ඔහුගේ පඬුර සැලකූසේක;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 4:4
22 හුවමාරු යොමු  

ඇදහිල්ලෙන්, ආබෙල් කායින්ට වඩා විශිෂ්ට පූජාවක් දෙවියන් වහන්සේට පුද කෙළේ ය. ඔහුගේ පූජා ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්න වූ බැවින්, ඇදහිල්ලෙන් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට පත් කරනු ලැබී ය. ඔහු මියගිය ද ඇදහිල්ලෙන් දැනුත් කතා කරයි.


ඔබේ ධනසම්පතින් ද අස්වැන්නේ නාඹුල් පලයෙන් ද සමිඳුන් හට පුද පඬුරු දෙන්න.


සියලු කුලුඳුල් පිරිමින් සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය. ඔබේ මෘගයන්ගේ කුලුඳුල් පිරිමි පැටියන් සියල්ලන් ම උන් වහන්සේට අයිති ය.


එහෙත්, එළදෙනකගේ හෝ බැටළු දෙනකගේ හෝ එළුදෙනකගේ හෝ කුලුඳුල් පැටියෙකු මුදා නොගත යුතු ය. උන් මට කැප ය. පූජාසනය මත උන්ගේ ලේ ඉස උන්ගේ තෙල දැවිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් සහිත ගින්නෙන් දවා පිදූ පූජාවක් වනු ඇත.


ව්‍යවස්ථාව අනුව සියලු දෙය ම ලෙයින් පවිත්‍ර කරනු ලැබේ යයි කිව හැකි ය. ලේ වැගිරීමක් නැති ව පව් කමාවක් නැත.


ඔබේ පුද පූජා සියල්ල සිහි කරන සේක් වා! ඔබේ දවන යාග පූජා පිළිගන්න සේක් වා!


සලමොන් යාච්ඤා කර නිම කළ විට අහසින් ගිනි බැස අවුත් දවන යාග පූජාව ද යාගයන් ද දවාදැමී ය. සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් මාලිගාව පිරී ගියේ ය.


දාවිත් සමිඳාණන් වහන්සේට පූජාසනයක් එහි ගොඩනඟා, දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කොට, සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ද දවන පූජාසනය පිට අහසෙන් ගිනි එවා ඔහුට උත්තර දුන් සේක.


එවිට සමිඳාණන් වහන්සේ වෙතින් ගිනි බැස පූජාවත්, දරත්, ගලුත්, ධූලිත් දවා අගලේ වතුරත් වියළවා දැමී ය.


සමිඳාණන් වහන්සේ ඉදිරියෙන් ගින්නක් නික්ම පූජාසනය මත වූ දවන යාග පූජාව සහ තෙල දවා හැරියේ ය. මෙය දුටු සියලු සෙනඟ හඬ නඟා මුණින්තළා වැටුණා හ.


තවද, ඉර බැස යයි; අඳුර පැමිණෙයි; දෙපළු කරන ලද සතුන් මැදින් යන දුම් නඟින උදුනක් ද, දිළිසෙන ගිනි හුළක් ද, පෙනේ.


මරණයට පත් කරන ලද, බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතේ ලෝකාරම්භයේ සිට නාම නොලියන ලද මිහි පිට සියලු පොළෝ වාසීහු ඌට නමස්කාර කරන්නෝ ය.


එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබූ සැරයටියේ අග දිගු කොට මස්වලටත්, මුහුන් නොදැමූ රොටිවලටත් තට්ටු කෙළේ ය. එවිට පර්වතයෙන් ගිනි මතු වී මස් ද මුහුන් නොදැමූ රොටි ද දවා දැමී ය: සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහු ඉදිරියෙන් නොපෙනී ගියේ ය.


“ඔවුන් මට පුදන ඉතා අගනා තෙල් ද ඉස්තරම් මිදිපැන් ද හොඳ ම ධාන්‍ය සහ ඉතා වටිනා නාඹුල් පල ද මම නුඹට දෙන්නෙමි.


ඉන්පසු සමිඳාණන් වහන්සේ එවූ ගින්නක් සුවඳ දුම් පිදූ මිනිසුන් දෙසිය පණස්දෙන දවාදැමී ය.


ඔබ හැම ඔබේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න. මමත් සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන්නෙමි. එවිට ගිනි එවීමෙන් උත්තර දෙන දෙවියන් වහන්සේ ම සැබෑ දෙවියන් වහන්සේ වන සේක් වා!”යි කීවේ ය. මුළු සෙනඟ උත්තර දෙමින්, “ඒ කීම යහපතැ”යි කීවෝ‍ ය.


කලක් ගත වූ පසු කායින් පොළොවෙන් නිපද වූ අස්වැන්න පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පූජා කළේ ය.


මෝසෙස් ද එවිට තදින් රොස් වී සමිඳාණන් වහන්සේ අමතමින්, “ඔබ ඔවුන්ගේ පඬුරු නොපිළිගනු මැනවි. මම නම්, ඔවුන්ගෙන් කිසිවෙකුට නපුරක් නොකෙළෙමි. ඔවුන්ගේ කොටළුවෙකු වත් නොගතිමි”යි කී ය.


සාමුවෙල් පිළිතුරු දෙමින්, “හිමි තුමන්ට වඩා ප්‍රසන්න වන්නේ කුමක් ද? එතුමන්ගේ හඬට කීකරු වීම ද නැතහොත් දවන පූජා හා යාග පූජා ද? පූජාවට වඩා කීකරු වීම හොඳ ම ය. බැටළු තෙල් පිදීමට වඩා අවනත වීම හොඳ ය.


තවද, මිනිසෙකු අධික වීර්යයෙන් දක්ෂ ලෙස කටයුතු කරන්නේ, සිය අසල්වැසියා කෙරේ ඇති ඊර්ෂ්‍යාව නිසා බව මම දිටිමි. මෙය ද නිසරු කාර්යයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්