Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 6:21 - Sinhala Revised Old Version

21 එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබුණු සැරයටියේ අග දිගුකොට මස්වලටත් මුහුන් නොදැමූ රොටිවලටත් තට්ටු කෙළේය; එවිට පර්වතයෙන් ගිනි මතුවී මස්ද මුහුන් නොදැමූ රොටිද දවාදැමුවේය; ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහු ඉදිරියෙන් නොපෙනී ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබූ සැරයටියේ අග දිගු කොට මස්වලටත්, මුහුන් නොදැමූ රොටිවලටත් තට්ටු කෙළේ ය. එවිට පර්වතයෙන් ගිනි මතු වී මස් ද මුහුන් නොදැමූ රොටි ද දවා දැමී ය: සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහු ඉදිරියෙන් නොපෙනී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබූ සැරයටියේ අග දිගු කොට මස්වලටත්, මුහුන් නොදැමූ පූපවලටත් තට්ටු කෙළේ ය. එවිට පර්වතයෙන් ගිනි මතු වී මස් ද මුහුන් නොදැමූ පූප ද දවා දැමී ය: සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහු ඉදිරියෙන් නොපෙනී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 6:21
8 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ගිනි නික්ම අවුත් පූජාසනය පිට දවන පූජාවද තෙල්ද දවා දැමුවේය. මුළු සෙනඟ ඒ දැක ශබ්ද පවත්වා මුහුණින් වැටුණෝය.


සාලමොන් යාච්ඤාකොට නිමකළ විට අහසින් ගිනි බැස ඇවිත් දවන පූජාවද යාගයන්ද දවාදැම්මේය; ස්වාමීන්වහන්සේගේ තේජසින් ගෘහය පිරීගියේය.


එවිට ස්වාමීන්වහන්සේ වෙතින් ගිනි බැස පූජාවත් දරත් ගලුත් ධූලිත් දවා අගළේ වතුරත් වියළවා දැම්මේය.


එහි දාවිත් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා, දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකොට, ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේද දවන පූජාසනය පිටට අහසෙන් ගිනි එවා ඔහුට උත්තරදුන්සේක.


මක්නිසාද ගිනිදැල පූජාසනයෙන් අහස දෙසට නැගීගියේය, ස්වාමීන්වහන්සේගේ දූතයා පූජාසනයේ ගිනි දැලෙහි නැගී ගියේය. මානෝවාද ඔහුගේ භාර්යාවද බලාගන සිටියෝය. ඔව්හු මුහුණින් බිම වැටුණෝය.


දෙවියන්වහන්සේගේ දූතයා: මස් සහ මුහුන් නොදැමූ රොටි අරන් මේ ගල පිට තබා, සොදි වත්කරන්නැයි ඔහුට කීය. ඔහු එසේ කෙළේය.


එවිට මානෝවා එළුපැටවාත් ආහාර පූජාවත් ගෙනැවිත් ස්වාමීන්වහන්සේට පර්වතය පිට පූජා කෙළේය, එවිට දේවදූතයා පුදුම ලෙස කෙළේය, මානෝවා සහ ඔහුගේ භාර්යාව බලාගන සිටියෝය.


ස්වාමීන්වහන්සේ කී දේ උන්වහන්සේ ඉෂ්ටකරන බවට උන්වහන්සේගෙන් නුඹට ලැබෙන ලකුණ මේය:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්