බලව, මම නුඹ සමඟ සිටිමි, නුඹ යන සියලු තැන්හිදී නුඹ ආරක්ෂාකර නැවත මේ දේශයට නුඹ පමුණුවන්නෙමි; මක්නිසාද මා විසින් නුඹට කී දෙය සිදුකරන තුරු නුඹ අත් නොහරින්නෙමියි කීසේක.
උත්පත්ති 28:20 - Sinhala Revised Old Version යාකොබ් භාරයක් වී: මාගේ පියාණන්ගේ ගෙට නැවත සමාදානයෙන් එන පිණිස දෙවියන්වහන්සේ මා සමඟ සිට මා යන මේ මාර්ගයෙහි මා ආරක්ෂාකොට Sinhala New Revised Version ඔහු භාරයක් ඔප්පු කරමින්, “දෙවියන් වහන්සේ මා සමඟ වැඩසිට, මෙසේ මා යන මඟ ආරක්ෂා කර, මට කන්නට ආහාර ද අඳින්නට වස්ත්‍ර ද දෙන සේක් නම්, Sinhala New Revised Version 2018 ඔහු භාරයක් ඔප්පු කරමින්, “දෙවියන් වහන්සේ මා සමඟ වැඩසිට, මෙසේ මා යන මඟ ආරක්ෂා කර, මට කන්නට ආහාර ද අඳින්නට වස්ත්‍ර ද දෙන සේක් නම්, |
බලව, මම නුඹ සමඟ සිටිමි, නුඹ යන සියලු තැන්හිදී නුඹ ආරක්ෂාකර නැවත මේ දේශයට නුඹ පමුණුවන්නෙමි; මක්නිසාද මා විසින් නුඹට කී දෙය සිදුකරන තුරු නුඹ අත් නොහරින්නෙමියි කීසේක.
මම වනාහි නුඹ කණුවක් ආලේපකර භාරයක් වුණු ස්ථානය වූ බෙතෙල්හිදී ප්‍රකාශවූ දෙවියන්වහන්සේය. ඉතින් නැගිට මේ දේශයෙන් පිටත්ව නුඹ උපන් රටට හැරී යන්නැයි කීසේකැයි කීය.
නැගිට බෙතෙල්ට යමු; මාගේ විපත්තියේ දවසෙහි මට උත්තරදුන්නාවූ, මා ගිය මාර්ගයෙහිදී මා සමඟ සිටියාවූ දෙවියන්වහන්සේට එහි පූජාසනයක් සාදන්නෙමියි කීය.
මක්නිසාද ඔබගේ මෙහෙකරුවා සිරියේ ගෙෂූර්හි සිටියදී: ස්වාමීන්වහන්සේ සැබවින් මා නැවත යෙරුසලමට පමුණුවන්ට යෙදුණොත් මම ස්වාමීන්වහන්සේට සේවයකරන්නෙමියි කියා බාරයක් වුණේයයි කීවේය.
යාබෙශ්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට: අහෝ, ඔබ මට ආශීර්වාදකර, මාගේ සීමාව විශාලකර, ඔබගේ අතින් මට පිහිටවී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනවයි කීවේය. දෙවියන්වහන්සේද ඔහුගේ ඉල්ලීම ඉෂ්ටකළසේක.
මහත් සභාවේදී මාගේ ප්‍රශංසාව පැමිණෙන්නේ ඔබ කෙරෙන්ය. උන්වහන්සේට භයවෙන්නන් ඉදිරියේ මාගේ භාර ඉෂ්ටකරන්නෙමි.
මක්නිසාද, දෙවියන්වහන්ස, ඔබ මාගේ භාර ඇසූසේක. ඔබගේ නාමය කෙරෙහි භය ඇත්තන්ගේ උරුමය මට දුන්සේක.
ඔබගේ දෙවිවූ ස්වාමීන්ට භාරයක්වී එය ඔප්පුකරව්. උන්වහන්සේ වටකර සිටින සියල්ලෝ භයවිය යුතුවූ උන්වහන්සේට පඬුරු ගෙනෙත්වා.
ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට ප්‍රකාශවනසේක, මිසරවරු ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ඇඳිනගන යාගවලින්ද ආහාර පූජාවලින්ද නමස්කාරකරන්නෝය, ස්වාමීන්වහන්සේට භාරයක් වී එය ඉෂ්ටකරන්නෝය.
මෙයින් පසු පාවුල් බොහෝ දවස් එහි නැවතී සිට, සහෝදරයන්ට ආයුබෝවන් කියා, තමා බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේදී හිසකේ බූගා, සිරියාවට යන්ට නැව් නැගුණේය, ප්‍රිස්කිලාද අකිලාද ඔහු සමඟ ගියෝය.
ඈ බාරයක්වෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා මා සිහිකර, ඔබගේ මෙහෙකාරී මතක නැතිනොකර, ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙක් දෙනසේක් නම්, ඔහුගේ ජීවිතයේ සෑමදාටම ඔහු ස්වාමීන්වහන්සේට දෙන්නෙමි, දැළිපිහියක්ද ඔහුගේ හිස පිටට නොපැමිණෙන්නේයයි කීවාය.
එබැවින් මමත් ඔහු ස්වාමීන්වහන්සේට දුනිමි; ඔහු ජීවත්ව සිටින තෙක් ඔහු ස්වාමීන්වහන්සේට කැපයයි කීවාය. ඔව්හු එහිදී ස්වාමීන්වහන්සේට නමස්කාර කළෝය.
ඒ දවසේදී ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පෙළෙමින් සිටියෝය. එහෙත් සාවුල් කථාකොට: මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සවස්වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට ශාපවේවයි කියා සෙනඟ දිවුරෙවුවේය. එබැවින් සෙනඟගෙන් කිසි කෙනෙක් කෑම කෑවේ නැත.