Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 14:24 - Sinhala Revised Old Version

24 ඒ දවසේදී ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පෙළෙමින් සිටියෝය. එහෙත් සාවුල් කථාකොට: මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සවස්වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට ශාපවේවයි කියා සෙනඟ දිවුරෙවුවේය. එබැවින් සෙනඟගෙන් කිසි කෙනෙක් කෑම කෑවේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඒ දවසේ දී ඉශ්රායෙල් සෙනඟ ආහාර නැති ව දුර්වල ව සිටියෝ ය. එසේ වූයේ “මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගනු ලබන තුරු, සවස වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට සාප වේවා”යි සෙනඟගෙන් සාවුල් දිවුරුම් ගත් බැවිනි. එබැවින් සෙනඟගෙන් කිසිවෙකු කෑම කෑවේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඒ දවසේ දී ඉශ්රායෙල් සෙනඟ ආහාර නැති ව දුර්වල ව සිටියෝ ය. එසේ වූයේ “මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගනු ලබන තුරු, සවස වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට සාප වේවා”යි සෙනඟගෙන් සාවුල් දිවුරුම් ගත් බැවිනි. එබැවින් සෙනඟගෙන් කිසිවෙකු කෑම කෑවේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 14:24
19 හුවමාරු යොමු  

ඒ කාලයෙහි යෝෂුවා දිවුරමින්: යමෙක් නැගිට මේ යෙරිකෝ නුවර ගොඩනගන්නේ නම්, ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාපලත්තෙක් වේවා. ඔහු එහි අත්තිවාරම තබන විට ඔහුගේ කුලුඳුලාද එහි දොරටු තබන විට ඔහුගේ බාල පුත්‍රයාද නැතිවෙනවා ඇතැයි ඔවුන්ට කීවේය.


මක්නිසාද ඔවුන්ට දෙවියන්වහන්සේ උදෙසා ජ්වලිතකමක් ඇති බවට ඔවුන් ගැන මම සාක්ෂිදෙමි. නුමුත් එය දැනගැන්ම ඇතුව නොවේ.


යමෙක් ස්වාමීන්වහන්සේට ප්‍රේම නොකරන්නේ නම් ඔහු ශාපලද්දෙක් වේවා. ස්වාමීන්වහන්සේ එනසේක.


අභක්තිකයා තමාගේ මුඛයෙන් තමාගේ අසල්වාසියා විනාශකරයි; එහෙත් දැනගැන්ම කරණකොටගෙන ධර්මිෂ්ඨයෝ ගැළවෙන්නෝය.


උන්වහන්සේ වනාහි මා උදෙසා පළිගන්නාවූ, ජාතීන් මට යටත්කරදෙන්නාවූ දෙවියන්වහන්සේය.


අධිපතීන් ඉශ්‍රායෙල්හි මූලිකව ගිය බැවින්ද, සෙනඟ කැමැත්තෙන්ම ඉදිරියට ආ බැවින්ද, ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්න.


ඉශ්‍රායෙල්වරුන් බලවත්වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යටත්කළෝය, නුමුත් ඔවුන් සහමුලින් පන්නානොදැමුවෝය.


ඉශ්‍රායෙල්වරුද ස්වාමීන්වහන්සේට භාරයක් වෙමින්: ඉදින් ඔබවහන්සේ මේ සෙනඟ මා අතට පාවාදෙනසේක්නම් මම ඔවුන්ගේ නුවරවල් මුළුමනින්ම විනාශකරන්නෙමියි කීය.


මනුෂ්‍යයන්ගෙන් තීන්දුවටම කැපකරනු ලැබූ කෙනෙක් මුදනු නොලබන්නේය, ඔහු මරනු ලබන්ටම ඕනෑය.


ස්වාමීන්වහන්සේ නුඹේ කළවය ක්ෂයවීයන්ටත් නුඹේ බඩ ඉදිමෙන්ටත් සැලැස්වී මෙන් ස්වාමීන්වහන්සේ නුඹේ සෙනඟ අතරෙහි නුඹ ශාපයක්ද දෙස් කීමක්ද කරන සේක්වා.


මුළු සෙනඟ වනයට පැමින්නෝය; එහි බිම පිට මීපැණි තිබුණේය.


මක්නිසාද එය තිබෙන්නේ මාගේ පුත්‍රවූ යොනාතාන් කෙරෙහි වුණත්, ඉශ්‍රායෙල් ගළවන ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔහු නසින්නටම ඕනෑයයි කීවේය. නුමුත් මුළු සෙනඟ අතරෙන් කිසිවෙක් ඔහුට උත්තර දුන්නේ නැත.


එවිට සාවුල් කථාකොට: රජුගේ සතුරන්ගෙන් පළිගන්න පිණිස පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍ර මිස රජ්ජුරුවන්ට කිසි දායාදයක් ඕනෑ නැත කියා දාවිත්ට කියන්නැයි කීය. නුමුත් සාවුල් පිලිස්තිවරුන්ගේ අතින් දාවිත් මරවන්ට කල්පනාකෙළේය.


නොහොත් යමෙක් නපුර කිරීමට හෝ යහපත කිරීමට හෝ ඉක්මන්ව කථාකරමින් දිවුරුවොත්, මනුෂ්‍යයෙක් දිවිරීමකින් ඉක්මන්ව කථාකරන කොයි දෙයක් වුවත් ඔහු නොදැන සිටිය නුමුත්, ඔහු එය දැනගත් කල මේ දේවලින් එකක් ගැන ඔහු වරදකාරයෙක් වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්