Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 1:11 - Sinhala Revised Old Version

11 ඈ බාරයක්වෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා මා සිහිකර, ඔබගේ මෙහෙකාරී මතක නැතිනොකර, ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙක් දෙනසේක් නම්, ඔහුගේ ජීවිතයේ සෑමදාටම ඔහු ස්වාමීන්වහන්සේට දෙන්නෙමි, දැළිපිහියක්ද ඔහුගේ හිස පිටට නොපැමිණෙන්නේයයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඈ බාරයක් වෙමින්, “සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකාරී වන මාගේ දුක දෙස හොඳින් බලා, මා සිහි කර, මා අමතක නොකර, මට පිරිමි දරුවෙකු දෙන සේක් නම්, මම ඔහුගේ මුළු ජීවිත කාලය ම ඔබට කැප කරන්නෙමි; ඔහුගේ හිසට කවදාවත් දැළි පිහියක් නොතබන්නෙමි”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඈ බාරයක් වෙමින්, “සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකාරී වන මාගේ දුක දෙස හොඳින් බලා, මා සිහි කර, මා අමතක නොකර, මට පිරිමි දරුවෙකු දෙන සේක් නම්, මම ඔහුගේ මුළු ජීවිත කාලය ම ඔබට කැප කරන්නෙමි; ඔහුගේ හිසට කවදාවත් දැළි පිහියක් නොතබන්නෙමි”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 1:11
25 හුවමාරු යොමු  

මක්නිසාද නුඹ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නෙහිය; ඔහුගේ හිසට කිසි දැළිපිහියක් නොපැමිණිය යුතුය. මක්නිසාද දරුවා ගර්භයේ පටන් දෙවියන්වහන්සේට නාශරියයෙකු විය යුතුය. ඔහු පිලිස්තිවරුන්ගේ අතින් ඉශ්‍රායෙල් ගළවන්ට පටන්ගන්නවා ඇතැයි ඈට කීවේය.


ඔහු තමාගේ කැපව සිටීමේ භාරයේ සියලු දවස්වල ඔහුගේ හිසෙහි කිසි දැළි පිහියක් නොතිබිය යුතුය. ඔහු ස්වාමීන්වහන්සේට වෙන්ව සිටින දවස් සම්පූර්ණවන තෙක් ශුද්ධව සිටින්නේය, තමාගේ හිසකේ වැඩෙන්ට හරින්නේය.


නුඹ දෙවියන්වහන්සේට බාරයක් වුණාම එය ගෙවන්ට ප්‍රමාද නොවෙන්න; මක්නිසාද උන්වහන්සේ අඥානයන් කෙරෙහි ප්‍රසන්න නැත.


ලෙයා ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: ස්වාමීන්වහන්සේ මාගේ දුක බැලූ බැවින් මාගේ පුරුෂයා ඉතින් මට ආදරේවන්නේයයි කියා ඔහුට රූබෙන් යන නම තැබුවාය.


මාගේ පීඩාව සහ වේදනාවද බැලුව මැනව; මාගේ සියලු පව් කමාකළ මැනව.


ඔව්හු අලුයම නැගිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නමස්කාරකොට හැරී ගොස් රාමාහි තමුන්ගේ ගෙදරට පැමුණුණෝය. එල්කානා තමාගේ භාර්යාවවූ හන්නා ඇඳින්නේය; ස්වාමීන්වහන්සේද ඈ සිහිකළසේක.


දෙවියන්වහන්සේ රාඛෙල් සිහිකොට ඈට කන්දී ඈ ගර්භිණී වෙන්ට සැලැස්වූසේක.


යෙප්තා ස්වාමීන්වහන්සේට බාරයක් වෙමින්: ඔබවහන්සේ සැබවින් අම්මොන් පුත්‍රයන් මා අතට පාවා දෙනසේක් නම්,


ඔහු කැපව සිටින සියලු දවස්වල ඔහු ස්වාමීන්වහන්සේට ශුද්ධය.


යාකොබ් භාරයක් වී: මාගේ පියාණන්ගේ ගෙට නැවත සමාදානයෙන් එන පිණිස දෙවියන්වහන්සේ මා සමඟ සිට මා යන මේ මාර්ගයෙහි මා ආරක්ෂාකොට


සමහරවිට මට කරනලද අයුක්තිය දෙස ස්වාමීන්වහන්සේ බලා, අද දවසේ ඔහුගේ දෙස් කීම වෙනුවට මට යහපත කරනවා ඇතැයි කීවේය.


ඉශ්‍රායෙල්වරුද ස්වාමීන්වහන්සේට භාරයක් වෙමින්: ඉදින් ඔබවහන්සේ මේ සෙනඟ මා අතට පාවාදෙනසේක්නම් මම ඔවුන්ගේ නුවරවල් මුළුමනින්ම විනාශකරන්නෙමියි කීය.


පූජකයාද එකෙකු පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකර, මෘත ශරීරය නිසා ඔහු වරදකළ බැවින්, ඔහු උදෙසා සමඟිකම් කරාවා, ඔහු එමදාම කැපව හිස පිරිසිදුකරගනීවා.


සෙනඟද විශ්වාසකළෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් දෙස බැලූ බවද තමන්ගේ පීඩාව දුටු බවද ඇසූ කල හිස් නමා නමස්කාරකළෝය.


තවද දෙවියන්වහන්සේ නෝවාද නැවෙහි ඔහු සමඟ සිටියාවූ පණ ඇති සියල්ලන්ද සියලු සිව්පාවුන්ද සිහිකළසේක. දෙවියන්වහන්සේ පොළොව පිට හුළඟක් ගසන්ට සැලැස්වූසේක, එවිට ජලය අඩුවිය;


ඇගේ ආත්මය ශෝකයෙන් පීඩිතවූයේය, ඈ ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින් අඬ අඬා සිටියාය.


ඈ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි බොහෝ වේලා යාච්ඤාකරන අතර ඒලී ඇගේ මුඛය දෙස බලා සිටියේය.


නුමුත් හන්නා ගියේ නැත; මක්නිසාද: ළමයා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනී එහි හැම කල්හිම නැවතී සිටින පිණිස, කිරිවැරුවාම ඔහු ගෙන යන තුරු මම නොයමියි ඈ තමාගේ පුරුෂයාට කීවාය.


මේ දරුවා ලබාගන්ට යාච්ඤාකෙළෙමි; ස්වාමීන්වහන්සේද මා උන්වහන්සේගෙන් ඉල්ලූ මාගේ ඉල්ලීම මට දුන්සේක.


එබැවින් මමත් ඔහු ස්වාමීන්වහන්සේට දුනිමි; ඔහු ජීවත්ව සිටින තෙක් ඔහු ස්වාමීන්වහන්සේට කැපයයි කීවාය. ඔව්හු එහිදී ස්වාමීන්වහන්සේට නමස්කාර කළෝය.


ඒලී එල්කානාටත් ඔහුගේ භාර්යාවටත් ආශීර්වාදකරමින්: නුඹලා ස්වාමීන්වහන්සේට දුන්නාවූ දීම වෙනුවට ස්වාමීන්වහන්සේ නුඹට මේ ස්ත්‍රියගෙන් වංශයක් දෙනසේක්වයි කීවේය. ඔව්හු තමුන්ගේ ගෙදරට ගියෝය.


මාගේ පුත්‍රය, මොකද? අනේ මාගේ කුස ඔත් පුත්‍රය, මොකද? මාගේ බාරවල පුත්‍රය, මොකද?


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–මනුෂ්‍යයෙක් භාරයක් ඉෂ්ටකරන කල භාරයට ඇතුළත් අයවල් නුඹ නියමකරන ගණනේ හැටියට ස්වාමීන්වහන්සේට අයිති වන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්