Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 28:21 - Sinhala Revised Old Version

21 මට කන්ට භෝජනද අඳින්ට වස්ත්‍රද දෙනසේක් නම්, ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 අනතුරක් නොමැති ව මාගේ පියාගේ ගෘහයට මට ආපසු යන්න සලස්වන සේක් නම්, සමිඳාණන් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 අනතුරක් නොමැති ව මාගේ පියාගේ ගෘහයට මට ආපසු යන්න සලස්වන සේක් නම්, සමිඳාණන් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 28:21
8 හුවමාරු යොමු  

මා සමාදානයෙන් අම්මොන් පුත්‍රයන් වෙතින් හැරී එන කල මා සම්මුඛවෙන්ට මාගේ ගෙයි දොරකඩින් පිටත්ව එන කුමක් වුවත් ඒ ස්වාමීන්වහන්සේට අයිති වන්නේය, මම එය දවන පූජාවක් කොට ඔප්පුකරන්නෙමියි කීවේය.


නුඹ ස්වාමීන්වහන්සේ නුඹේ දෙවියන්වහන්සේ කොට පිළිගෙන උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේගේ පනත්ද ආඥාද විනිශ්චයන්ද පවත්වා උන්වහන්සේගේ හඬට කන්දෙන හැටියට අද පොරොන්දුවුණෙහිය.


සාවුල්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් රජුගේ පෙරමගට ආයේය; ඔහු රජු ගිය දා පටන් සමාදානයෙන් ආ දවස දක්වා තමාගේ පාදත් රැවුලත් හරිගස්සා ගත්තේවත් තමාගේ ඇඳුම් සේදුවේවත් නැත.


මක්නිසාද ඔබගේ මෙහෙකරුවා සිරියේ ගෙෂූර්හි සිටියදී: ස්වාමීන්වහන්සේ සැබවින් මා නැවත යෙරුසලමට පමුණුවන්ට යෙදුණොත් මම ස්වාමීන්වහන්සේට සේවයකරන්නෙමියි කියා බාරයක් වුණේයයි කීවේය.


මාගේ ශක්තියද ගීතිකාවද ස්වාමීන්වහන්සේය, උන්වහන්සේ මාගේ ගැළවීම වූසේක. මේ මාගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ වර්ණනාකරන්නෙමි; මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ උසස්කරන්නෙමි.


එවිට නාමන්: එසේ නැත්නම් අශ්වතරයන් දෙන්නෙකුගේ බරට පස්වත් ඔබගේ මෙහෙකරුවාට ලැබේවා; මක්නිසාද මින් මතු ඔබගේ මෙහෙකරුවා ස්වාමීන්වහන්සේට මිස වෙන දෙවිවරුන්ට දවන පූජාවක්වත් යාගයක්වත් ඔප්පුකරන්නේ නැත.


මෙපිබොෂෙත්ද: එසේය, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමාගේ ගෙදරට සමාදානයෙන් ආ බැවින් සියල්ලම වුණත් ඔහු ගත්තාවේයයි රජුට කීවේය.


යාබෙශ්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට: අහෝ, ඔබ මට ආශීර්වාදකර, මාගේ සීමාව විශාලකර, ඔබගේ අතින් මට පිහිටවී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනවයි කීවේය. දෙවියන්වහන්සේද ඔහුගේ ඉල්ලීම ඉෂ්ටකළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්