උත්පත්ති 1:14 - Sinhala Revised Old Version දෙවියන්වහන්සේ: රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට අහස්තලයෙහි ආලෝකයෝ වෙත්වා, ඒවා ලකුණු පිණිසද සෘතු පිණිසද දවස් පිණිසද අවුරුදු පිණිසද වෙත්වා, Sinhala New Revised Version ඉන්පසු දෙවියන් වහන්සේ, “දවාල රාත්‍රියෙන් වෙන් කිරීම සඳහාත්, දවස්, අවුරුදු හා මංගල්‍ය වකවානු දක්වනු සඳහාත් අහස් කුසෙහි ආකාශ වස්තු වේ වා!” කියා ද, Sinhala New Revised Version 2018 ඉන්පසු දෙවියන් වහන්සේ, “දවාල රාත්‍රියෙන් වෙන් කිරීම සඳහාත්, දවස්, අවුරුදු හා මංගල්‍ය වකවානු දක්වනු සඳහාත් අහස් කුසෙහි ආකාශ වස්තු වේ වා!” කියා ද, |
පොළොව පවතිනතුරු වපුරන කාලය සහ කපන කාලයද ශීතය සහ උෂ්ණයද ග්‍රීෂ්ම කාලය සහ ශීත කාලයද දවාල සහ රාත්‍රියද නොනවතින්නේයයි කීසේක.
ඒකේ සවස්කාලයේ තාරකාවෝ අඳුරුවෙත්වා. එළිය ගැන බලා සිටන නුමුත් එය ඊට නොලැබේවා; අලුයම නමැති ඇසිපිය දකින්ටත් නොලැබේවා.
චන්ද්‍ර සූර්යයෙනී, උන්වහන්සේට ප්‍රශංසාකරව්. දීප්තිමත් තාරකා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිදී උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ බල පවත්නා අහස් තලයෙහි උන්වහන්සේට ප්‍රශංසාකරව්.
නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න, මේවා මැවුවෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? උන්වහන්සේ මේ සියල්ලට නම් කියා හඬගසනසේක; උන්වහන්සේගේ බලයේ මහත්කම නිසාද උන්වහන්සේ ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ජාතීන්ගේ මාර්ගය ඉගෙන නොගන්න, අහසේ ලකුණුවලට ජාතීන් කැලඹෙන නුමුත් නුඹලා ඒවාට නොකැලඹෙන්න;
දවාලෙහි එළියක් පිණිස ඉරද, රාත්‍රියෙහි එළියක් පිණිස සඳ සහ තාරකාවල නියෝගද දෙන්නාවූ, මුහුදේ රැළ ඝෝෂාකරන ලෙස එය කලඹන්නාවූ, සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇත්තාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.
දවාලත් රාත්‍රියත් ඒවායේ නියම වේලාවලදී නොපැමිණෙන හැටියට දවාල ගැන තිබෙන මාගේ ගිවිසුමත් රාත්‍රිය ගැන තිබෙන මාගේ ගිවිසුමත් නුඹලාට අවලංගු කරන්ට පුළුවන් නම්,
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–දවාලද රාත්‍රියද ගැන තිබෙන මාගේ ගිවිසුම නොපවතින්නේ නම්, අහසෙත් පොළොවෙත් නියෝග මා විසින් පැනෙවුවේ නැත්නම්,
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නැගෙනහිර දෙස තිබෙන ඇතුල් මළුවේ දොරටුව වැඩකරන දවස් හයේ වසා තිබිය යුතුය; නුමුත් සබත් දවසේද අමාවක දවසේද ඇර තිබෙන්නේය.
අමාවක දවසේදී කැලලක් නැති තරුණ ගොනෙකුත් බැටළුපැටවුන් හදෙනෙකුත් බැටළුවෙකුත් ඔප්පු කරන්නේය; උන් කැලලක් නැති එවුන් විය යුතුය.
උන් ඉදිරියෙහි පොළොව වෙවුලන්නේය; අහස සෙලවෙන්නේය. ඉර හඳ අඳුරුවන්නේය, තාරකාවල දිලිහීමද නවතින්නේය.
උන්වහන්සේ නම් හත්දින්නද මුවසිරසද සෑදුවාවූ, මරණ සෙවණ උදයේ එළියට හරවන්නාවූ, දවාල රාත්‍රිය මෙන් අන්ධකාරකරන්නාවූ, මුහුදේ ජලයට අඬගසා ඒවා පොළෝ තලයෙහි වත්කරන්නාවූ, යෙහෝවා යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේය.
තවද මම ඒ කාලයේ ඉර මුදුන් වේලාවට ඉර බසින්ට සලස්වා, එළිය ඇති දවසේදී දේශය අන්ධකාරකරන්නෙමි.
යුදෙව්වරුන්ට රජව උපන් තැනන්වහන්සේ කොතැන්හිද? මක්නිසාද අපි උන්වහන්සේගේ තාරකාව පූර්වදිශාවෙහිදී දැක, උන්වහන්සේට නමස්කාරකරන පිණිස ආවෙමුයයි කීවෝය.
තවද ඒ දවස්වල පීඩා පසුවූ කෙනෙහිම, ඉර අඳුරුවන්නේය, සඳ එහි එළිය නොදෙන්නේය, තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නෝය.
නුඹේ ඇස් අහස දෙසට ඔසවා ඉර සඳ තාරකා යන සියලු අහස් සේනාව දකින කල මුළු අහසින් යට සිටින සියලු ජාතීන්ට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොටස්කර දී තිබෙන ඒ දේවලට නමස්කාරකිරීමටත් සේවය කිරීමටත් ඇදී නොයන හැටියටද හොඳට ප්‍රවේසම් වන්න.
උන්වහන්සේ සවෙනි මුද්‍රාව කැඩූ කල, මම දුටිමි, මහත්වූ භූමිකම්පාවක් විය; සූර්යයා කේශකම්බලයක් මෙන් කළුවිය,
සතරවෙනි දේවදූතයාද පිම්බේය, එවිට ඉරෙන් තුනෙන් පංගුවක්ද හඳනේ තුනෙන් පංගුවක්ද තාරකාවලින් තුනෙන් පංගුවක්ද පහර ලැබුවේය; මෙසේ වුණේ ඒවායින් තුනෙන් පංගුවක් අඳුරුවන පිණිසත් දවාලෙන් තුනෙන් පංගුවක් නොබැබළෙන පිණිසත්ය, රාත්‍රියත් එසේමය.
ඔහු පාතාලයේ වළ විවෘතකළේය; එවිට මහත් උදුනක දුම මෙන් දුමක් වළෙන් නැගී, ඉරත් අහසත් වළේ දුමෙන් අඳුරු විය.