ගීතාවලිය 150 - Sinhala Revised Old Versionසමස්ත ලෝකයා විසින් ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළ යුතු බව 1 ස්වාමීන්ට ප්‍රශංසාකරව්. දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිදී උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ බල පවත්නා අහස් තලයෙහි උන්වහන්සේට ප්‍රශංසාකරව්. 2 උන්වහන්සේගේ බලවත් ක්‍රියා නිසා උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ මහෝත්තමභාවය පරිද්දෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. 3 හොරණෑ ශබ්දයෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. කුඩා වීණාව හා මහා වීණාවෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. 4 රබානෙන් හා නැටීමෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. වීණා තතින් හා නළාවෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. 5 මහත් ශබ්ද දෙන අත්තලින් උන්වහන්සේට ප්‍රශංසාකරව්. උස් රැව් දෙන අත්තලින් උන්වහන්සේට ප්‍රශංසාකරව්. 6 හුස්ම ඇති සියල්ලෝම ස්වාමීන්ට ප්‍රශංසාකෙරෙත්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්. |
Ceylon Bible Society
Ceylon Bible Society