Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 46:1 - Sinhala Revised Old Version

1 ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නැගෙනහිර දෙස තිබෙන ඇතුල් මළුවේ දොරටුව වැඩකරන දවස් හයේ වසා තිබිය යුතුය; නුමුත් සබත් දවසේද අමාවක දවසේද ඇර තිබෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැගෙනහිර දෙස තිබෙන ඇතුළු මළුවේ දොරටුව වැඩ කරන දවස් හය තුළ වසා තැබිය යුතු ය. එහෙත්, සබත් දවසේ ද අමාවක දවසේ ද එය ඇර තිබෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැගෙනහිර දෙස තිබෙන ඇතුළු මළුවේ දොරටුව වැඩ කරන දවස් හය තුළ වසා තැබිය යුතු ය. එහෙත්, සබත් දවසේ ද අමාවක දවසේ ද එය ඇර තිබෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 46:1
15 හුවමාරු යොමු  

තවද අමාවකක් අමාවකක් පාසාද සබත් දවසක් සබත් දවසක් පාසාද මා ඉදිරියෙහි නමස්කාරකරන්ට සියලු මනුෂ්‍යයෝ එන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


සදවසක් වැඩකරමින් නුඹේ සියලු වැඩ කර්මාන්ත කරගනුව.


යේසුස්වහන්සේ සබත් දවසේදී සුවකළ බැවින් සිනගෝගයේ මුලාදෑනියා කෝපව, සමූහයාට උත්තරදෙමින්: වැඩකළ යුතුවූ සදවසක් ඇත. ඒ නිසා සබත් දවසේ නොව ඒ දවස්වල ඇවිත් සුවය ලබාගන්නැයි කීවේය.


අමාවක දවසේදී කැලලක් නැති තරුණ ගොනෙකුත් බැටළුපැටවුන් හදෙනෙකුත් බැටළුවෙකුත් ඔප්පු කරන්නේය; උන් කැලලක් නැති එවුන් විය යුතුය.


උන්වහන්සේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඇතුල්මළුවට මා ගෙනාසේක, බලව, එහි මනුෂ්‍යයන් විසිපස් දෙනෙක් පමණ ස්වාමීන්වහන්සේගේ මාළිගාවේ දොරකඩ ද්වාර මණ්ඩපය සහ පූජාසනය අතරේ ස්වාමීන්වහන්සේගේ මාළිගාවට තමුන්ගේ පිටද නැගෙනහිරට තමුන්ගේ මුහුණද හරවාගෙන, නැගෙනහිර දෙස සූර්යයාට නමස්කාරකළෝය.


නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහියයි කීසේක.


මේ දක්වා මොව්හු ලෙවීගේ පුත්‍රයන්ගේ කඳවුරු උදෙසා නැගෙනහිරට තිබෙන රජුගේ දොරටුවේ දොරටුපාලයෝ වූහ.


ඒ මනුෂ්‍යයා ඇතුල්වෙන කොට කෙරුබ්වරු ගෘහයේ දකුණු පැත්තෙහි සිටියෝය; ඇතුල් මළුවද වලාකුළෙන් පිරුණේය.


ඔහුද පහළ දොරටුවේ ඉස්සරහ පැත්තේ සිට ඇතුල් මළුවේ ඉස්සරහ පැත්ත දක්වා පිටතින් පළල මැන්නේය, නැගෙනහිරටත් උතුරටත් රියන් සියයක් තිබුණේය.


තවද ඔහු නැගෙනහිර දෙසට තිබුණු දොරටුව ළඟට මා ගෙනගියේය.


දේශයේ සෙනඟද එම දොරකඩ ළඟ සබත් දවස්වලද අමාවක් දවස්වලද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නමස්කාරකරන්නෝය.


අධිපතියා ස්වෙච්ඡා දවන පූජාවක්වත් ස්වෙච්ඡා ශාන්ති පූජාවක්වත් ස්වාමීන්වහන්සේට පිළියෙළකරන්ට එන කල, නැගෙනහිරට තිබෙන දොර ඔහුට ඇරදිය යුතුය, ඔහු සබත් දවසේදී කරන ප්‍රකාරයට තමාගේ දවන පූජාවද ශාන්ති පූජාවද පිළියෙළකර පිටතට යන්නේය; ඔහු ගියායින් පසු දොරටුව වසනු ලබන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්