Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 33:25 - Sinhala Revised Old Version

25 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–දවාලද රාත්‍රියද ගැන තිබෙන මාගේ ගිවිසුම නොපවතින්නේ නම්, අහසෙත් පොළොවෙත් නියෝග මා විසින් පැනෙවුවේ නැත්නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 එහෙත්, ස්වාමීන් වන මම දවාලත්, රාත්‍රියත් සමඟ ද අහසත්, පොළොවත් මෙහෙයවන නීති රීති සමඟ ද ගිවිසුමක් පිහිටෙව්වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 එහෙත්, ස්වාමීන් වන මම දවාලත්, රාත්‍රියත් සමඟ ද අහසත්, පොළොවත් මෙහෙයවන නීති රීති සමඟ ද ගිවිසුමක් පිහිටෙව්වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 33:25
9 හුවමාරු යොමු  

දවාලත් රාත්‍රියත් ඒවායේ නියම වේලාවලදී නොපැමිණෙන හැටියට දවාල ගැන තිබෙන මාගේ ගිවිසුමත් රාත්‍රිය ගැන තිබෙන මාගේ ගිවිසුමත් නුඹලාට අවලංගු කරන්ට පුළුවන් නම්,


උන්වහන්සේ කාල විශේෂ පිණිස සඳ සෑදූසේක. සූර්යයා තමාගේ බැසයාම දනියි.


පොළොව පවතිනතුරු වපුරන කාලය සහ කපන කාලයද ශීතය සහ උෂ්ණයද ග්‍රීෂ්ම කාලය සහ ශීත කාලයද දවාල සහ රාත්‍රියද නොනවතින්නේයයි කීසේක.


පොළොවට එළිය දෙන පිණිසත් දවාල කෙරෙහිද රාත්‍රිය කෙරෙහිද අධිපතිකම් කරන පිණිසත්


ඔබගේ නියමයන් ලෙස ඒවා අද දක්වා පවතී; කුමක්හෙයින්ද ඒ සියල්ල ඔබට මෙහෙකරුය.


උන්වහන්සේ සදාකාලේටම ඒවා පිහිටෙවුසේක. උන්වහන්සේ නැතිනොවන නියෝගයක් කළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්