Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 8:12 - Sinhala Revised Old Version

12 සතරවෙනි දේවදූතයාද පිම්බේය, එවිට ඉරෙන් තුනෙන් පංගුවක්ද හඳනේ තුනෙන් පංගුවක්ද තාරකාවලින් තුනෙන් පංගුවක්ද පහර ලැබුවේය; මෙසේ වුණේ ඒවායින් තුනෙන් පංගුවක් අඳුරුවන පිණිසත් දවාලෙන් තුනෙන් පංගුවක් නොබැබළෙන පිණිසත්ය, රාත්‍රියත් එසේමය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 සතර වන දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට හිරුගෙන් තුනෙන් කොටසක් ද සඳුගෙන් තුනෙන් කොටසක් ද තාරකාවලින් තුනෙන් කොටසක් ද පහර ලැබී ය. මෙසේ ඒවායින් තුනෙන් කොටසක් අඳුරු විය. දවාලෙන් තුනෙන් කොටසක ද එසේ ම රාත්‍රියෙහි තුනෙන් කොටසක ද ආලෝකය පහ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

12 සිවුවන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය. එවිට හිරුගෙන් තුනෙන් එකකට ද සඳුගෙන් තුනෙන් එකකට ද තරුවලින් තුනෙන් එකකට ද පහර දෙනු ලැබී ය. එසේ වූයේ ඒවායින් තුනෙන් එකක් අඳුරු වන පිණිසත්, දහවලෙන් තුනෙන් එකක් නො බබළන පිණිස හා රැයෙන් තුනෙන් එකකට එයම වන පිණිසත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 සතර වන දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට හිරුගෙන් තුනෙන් කොටසක් ද සඳුගෙන් තුනෙන් කොටසක් ද තාරකාවලින් තුනෙන් කොටසක් ද පහර ලැබී ය. මෙසේ ඒවායින් තුනෙන් කොටසක් අඳුරු විය. දවාලෙන් තුනෙන් කොටසක ද එසේ ම රාත්‍රියෙහි තුනෙන් කොටසක ද ආලෝකය පහ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 8:12
26 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේගේ මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය.


මක්නිසාද අහසේ තාරකාද ග්‍රහ පංක්තිද ඒවායේ එළිය නොදෙන්නෝය. ඉර ස්වකීය ගමනේදී අඳුරුවන්නේය, සඳද තමාගේ එළිය බැබළෙන්ට නොදෙන්නේය.


උන් ඉදිරියෙහි පොළොව වෙවුලන්නේය; අහස සෙලවෙන්නේය. ඉර හඳ අඳුරුවන්නේය, තාරකාවල දිලිහීමද නවතින්නේය.


උන්වහන්සේ සවෙනි මුද්‍රාව කැඩූ කල, මම දුටිමි, මහත්වූ භූමිකම්පාවක් විය; සූර්යයා කේශකම්බලයක් මෙන් කළුවිය,


උන්ගේ කටවලින් නික්මුණු ගිනිද දුම්ද ගෙන්දගම්ද යන මේ පීඩා තුනෙන් මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරනු ලැබුවෝය.


එවිට මනුෂ්‍යයන්ගෙන් තුනෙන් පංගුවක් මරණ පිණිස නියම පැයටත් දවසටත් මාසයටත් අවුරුද්දටත් සූදානම්කරනු ලැබ සිටි ඒ දූතයන් සතරදෙනා මුදනු ලැබුවෝය.


ඒ දවස්වලදී ඒ පීඩාවෙන් පසු ඉර අඳුරුවන්නේය, සඳ එළිය නොදෙන්නේය,


තවද ඒ දවස්වල පීඩා පසුවූ කෙනෙහිම, ඉර අඳුරුවන්නේය, සඳ එහි එළිය නොදෙන්නේය, තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නෝය.


ඉර හඳ අඳුරුවී තිබේ, තාරකාවල දිලිහීමද පහවෙයි.


ඌ උගේ වල්ගයෙන් අහසේ තාරකාවන්ගෙන් තුනෙන් කොටසක් ඇද ඒවා පොළොවට හෙළුවේය. සර්පයාද බිහිකරන්ට ආසන්නව සිටි ස්ත්‍රිය බිහිකළ කෙණෙහිම, ඇගේ දරුවා කාදමන පිණිස ඈ ඉදිරිපිට සිටියේය.


නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබෙළන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.


ඉර සඳ හා තාරකාවන් කෙරේ ලකුණු හා මුහුදෙත් රැළ ගැසීමෙත් ඝෝෂාව නිසා වන වියවුලින් පොළොවේ ජාතීන්ට දුක්වේදනාද වන්නේය.


හවෙනි පැය පැමුණුණ විට, නවවෙනි පැය දක්වා රට මුළුල්ලේ අන්ධකාරයක් විය.


සවෙනි පැය පටන් නවවෙනි පැය දක්වා දේශය මුළුල්ලෙහි අන්ධකාරයක් විය.


මම පොළොව දෙස බැලූ විට ඒක පාළුව හිස්ව තිබෙන බවත් අහස දෙස බැලූ විට එහි එළිය නැති බවත් දුටිමි.


ස්වාමීන්වහන්සේගේ මහත්වූ තේජවත්වූ ඒ දවස එන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය.


තවද මම ඒ කාලයේ ඉර මුදුන් වේලාවට ඉර බසින්ට සලස්වා, එළිය ඇති දවසේදී දේශය අන්ධකාරකරන්නෙමි.


එකල චන්ද්‍රයා වියවුල්වන්නේය, සූර්යයා ලජ්ජාවන්නේය; මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ සියොන් කන්දෙහිද යෙරුසලමෙහිද උන්වහන්සේගේ පුරාතනයන් ඉදිරියෙහිද මහිමයෙන් රජකම්කරනසේක.


පස්වෙනියා තමාගේ පාත්‍රය මෘගයාගේ සිංහාසනය පිට වැගිරෙවුවේය; ඔහුගේ රාජ්‍යය අඳුරු විය; ඔව්හු වේදනා නිසා තමුන්ගේ දිව් විකාගත්තෝය,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්