සාවුල් හා යොනාතාන් ජීවත්ව සිටියදී ප්‍රේමවත්ව ප්‍රසන්නව සිටියෝය, තමුන්ගේ මරණයේදී ඔව්හු වෙන්නූණෝය, ඔව්හු රාජාලීන්ට වඩා වේගවත් වූය, සිංහයන්ට වඩා බලවත් වූය.
1 ලේකම් 12:8 - Sinhala Revised Old Version ගාද්වරුන්ගෙනුත් බලවන්ත මනුෂ්‍යයෝ වෙන්ව ගොස් දාවිත් වෙතට කාන්තාරයේ බලකොටුවට එක්වූවෝය, ඔව්හු යුද්ධයට පුහුණුවූ, පලිහත් හෙල්ලයත් දරන්ට සමර්ථවූ, සිංහ මුහුණු වැනි මුහුණු ඇත්තාවූ, වේගවත් කමින් කඳුවල තිත්මුවන්ට සමානවූ මනුෂ්‍යයෝය; Sinhala New Revised Version ගාද්වරුන්ගෙනුත් බලවන්ත මනුෂ්‍යයෝ වෙන් ව ගොස් දාවිත් වෙත පාළුකරයේ බලකොටුවට එක් වූවෝ ය. ඔව්හු යුද්ධයට පුහුණු වූ, පලිහත් හෙල්ලයත් දරන්න සමර්ථ වූ, සිංහ මුහුණු වැනි මුහුණු ඇති වේගවත්කමින් කඳුවල තිත් මුවන්ට සමාන වූ මනුෂ්‍යයෝ ය. Sinhala New Revised Version 2018 ගාද්වරුන්ගෙනුත් බලවන්ත මනුෂ්‍යයෝ වෙන් ව ගොස් දාවිත් වෙත පාළුකරයේ බලකොටුවට එක් වූවෝ ය. ඔව්හු යුද්ධයට පුහුණු වූ, පලිහත් හෙල්ලයත් දරන්න සමර්ථ වූ, සිංහ මුහුණු වැනි මුහුණු ඇති වේගවත්කමින් කඳුවල තිත් මුවන්ට සමාන වූ මනුෂ්‍යයෝ ය. |
සාවුල් හා යොනාතාන් ජීවත්ව සිටියදී ප්‍රේමවත්ව ප්‍රසන්නව සිටියෝය, තමුන්ගේ මරණයේදී ඔව්හු වෙන්නූණෝය, ඔව්හු රාජාලීන්ට වඩා වේගවත් වූය, සිංහයන්ට වඩා බලවත් වූය.
එවිට සිංහයෙකුගේ සිත මෙන් සිතක් ඇති බලවන්තයා පවා මුළුමනින්ම මලානික වෙනවා ඇත. මක්නිසාද ඔබගේ පියාණන් බලවන්තයෙක් බවත් ඔහු සමඟ සිටින අය වික්‍රමාන්විත මනුෂ්‍යයන් බවත් සියලු ඉශ්‍රායෙල්වරු දනිති.
ශෙරුයාගේ පුත්‍රයන් තුන්දෙනා වන යෝවාබ්ද අබිෂයිද අසාහෙල්ද එහි සිටියෝය. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් පාදවල ශීඝ්‍රකම තිබුණේය.
මහත් ක්‍රියාවල් කළාවූ, කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙන්නා මැරුවේය. හිම වැටෙන දවසකදී ඔහු බැස ගොස් වළක් ඇතුළෙහිදී සිංහයෙකු මැරුවේය.
දාවිත් එවකට බලකොටුවෙහි සිටියේය, පිලිස්තිවරුන්ගේ මුර සේනාව එවකට බෙත්-ලෙහෙමෙහි සිටියෝය.
බලවත් ක්‍රියාවල් කළාවූ කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේය. ඔහු හිම වැටෙන දවසකදී බැස ගොස් වළක් ඇතුළෙහි සිංහයෙකුත් මැරුවේය.
තවද අමශියා යූදාවරුන් රැස්කර, මුළු යූදාහිද බෙන්යමින්හිද ඔවුන්ගේ පියවංශවල හැටියට ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද යටතේ පත්කොට, විසිඅවුරුද්ද පටන් ඉන් ඉහළට වයස්වූවන් ගණන්කර, හෙල්ලද පලිස්ද දරා යුද්ධයට යන්ට දක්ෂවූ තෝරාගත් මනුෂ්‍යයන් තුන් ලක්ෂයක් සිටින බව දැනගත්තේය.
කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.
මාගේ ප්‍රේමවන්තය, ඉක්මන්කොට, සුවඳ ගස් ඇති කඳු පිට, තිත්මුවෙකු නොහොත් මුවවස්සෙකු මෙන් යුහුසුලුවෙන්න.
අශ්වයෙනි, නැගීයව්; රථයෙනි, වේගයෙන් දුවන්න; බලවන්ත මනුෂ්‍යයෝ වන පලිහ අල්ලන කූෂ්වරුද පූට්වරුද දුනු අල්ලා තැත් කවන ලුදිවරුද පිටතට යෙත්වා.
දාවිත් කාන්තාරයේ බලකොටුවල වාසයකරමින් ශීප් කාන්තාරයේ තිබෙන කඳු රටේ සිටියේය. සාවුල් හැමදාම ඔහු සෙවුවේය, නුමුත් දෙවියන්වහන්සේ සාවුල් අතට ඔහු පාවා නුදුන්සේක.
දාවිත් සාවුල්ට දිවුරුම් දුන්නේය. ඉක්බිති සාවුල් ගෙදර ගියේය; නුමුත් දාවිත්ද ඔහුගේ මිනිස්සුද බලකොටුවට නැගී ගියාහ.