Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 25:5 - Sinhala Revised Old Version

5 තවද අමශියා යූදාවරුන් රැස්කර, මුළු යූදාහිද බෙන්යමින්හිද ඔවුන්ගේ පියවංශවල හැටියට ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද යටතේ පත්කොට, විසිඅවුරුද්ද පටන් ඉන් ඉහළට වයස්වූවන් ගණන්කර, හෙල්ලද පලිස්ද දරා යුද්ධයට යන්ට දක්ෂවූ තෝරාගත් මනුෂ්‍යයන් තුන් ලක්ෂයක් සිටින බව දැනගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 තවද, අමශියා ජුදාවරුන් රැස්කර, මුළු ජුදා දේශයෙහි ද බෙන්ජමින් දේශයෙහි ද ඔවුන්ගේ පිය වංශවල හැටියට ඔවුන් සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද යටතේ පත්කොට, විසි අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් වූවන් ගණන් කර, හෙල්ල ද පලිස් ද ගෙන යුද්ධ කරන්න දක්ෂ වූ තෝරා ගත් මනුෂ්‍යයන් තුන්ලක්ෂයක් සිටි බව දැනගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 තවද, අමශියා ජුදාවරුන් රැස්කර, මුළු ජුදා දේශයෙහි ද බෙන්ජමින් දේශයෙහි ද ඔවුන්ගේ පිය වංශවල හැටියට ඔවුන් සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද යටතේ පත්කොට, විසි අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් වූවන් ගණන් කර, හෙල්ල ද පලිස් ද ගෙන යුද්ධ කරන්න දක්ෂ වූ තෝරා ගත් මනුෂ්‍යයන් තුන්ලක්ෂයක් සිටි බව දැනගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 25:5
11 හුවමාරු යොමු  

එනම් ඉශ්‍රායෙල්වරුන් අතරෙන් යුද්ධයට යත හැකිවූ, අවුරුදු විස්ස පටන් වයස් ඇති සියල්ලන් ඔවුන් ඔවුන්ගේ සේනාවල ප්‍රකාරයට නුඹ සහ ආරොන්ද ගණන් කරන්න.


රෙහොබොවම් යෙරුසලමට පැමුණුණ විට, තමාට රාජ්‍යය නැවත ලබාගන්ට ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන පිණිස ඔහු යූදා වංශයද බෙන්යමින් වංශයද වන තෝරාගත් යුද්ධකාරයන් එක්ලක්ෂ අසූදහසක් රැස්කෙළේය.


ඔවුන් යටතේ සතුරාට විරුද්ධව රජුට උදව්වන පිණිස බලවත් ලෙස යුද්ධකරන මිනිසුන් තුන්ලක්ෂ හත්දාස් පන්සියයකින් යුත් යුද්ධ සේනාවක් සිටියාය.


යූදාවරුන්ගෙන් පලිස් සහ හෙල්ල දරන තුන්ලක්ෂයකින්ද බෙන්යමින්ගෙන් පලිස් දරන දුනුගත් දෙලක්ෂ අසූදහසකින්ද යුක්තවූ සේනාවක් ආසාට සිටියාය. මේ සියල්ලෝ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝය.


අවුරුද්දේ සියලු මාසවල මාසයෙන් මාසයට ඇතුළට ආවාවූද, පිටතට ගියාවූද, පංක්තිවල සියලු කාරණා ගැන රජුට සේවයකළාවූද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගෙත් සහස්‍රාධිපතීන්ගෙත් ශතාධිපතීන්ගෙත් ඔවුන්ගේ මුලාදෑනීන්ගෙත් ගණන නම් එක එක පංක්තියට විසිහතර දහසක්ය.


තවද දාවිත් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද සියලු නායකයන්ද සමඟ මන්ත්‍රණයකරමින්


ඔහු ඔවුන් සහස්‍රාධිපතීන් කොටද පනසාධිපතීන් කොටද පත්කරගන්නේය. ඔහු සමහරුන් තමාගේ බිම් හාන්ටද තමාගේ ගොයම් කපන්ටද තමාගේ යුද්ධායුධත් රථායුධත් සාදන්ටද පත්කරගන්නේය.


මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ගෙන් සමර්ථ මනුෂ්‍යයන් තෝරාගෙන ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද වශයෙන් සෙනඟ කෙරෙහි ප්‍රධානීන් කොට ඔවුන් පත්කෙළේය.


තවද ඔහු ඉශ්‍රායෙල්වරුන්ගෙන් යුද්ධ දක්ෂයන් ලක්ෂයක් රිදී තලෙන්ත සියයකට කුලියට ගත්තේය.


ඔහු යූදාවරුන්ට කථාකොට: අපි මේ නුවරවල් ගොඩනගා අවට පවුරුද කොටුද දොරටුද අගුල්ද සාදමු; අප විසින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සෙවූ බැවින් දේශය තවම නිරවුල්ව අප ඉදිරියෙහි තිබේ; අපි උන්වහන්සේ සෙවුවෙමුව, උන්වහන්සේද හැම අතින්ම අපට නිවාඩුව දී තිබේයයි කීවේය. මෙසේ ඔව්හු ගොඩනගමින් සඵලවූවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්