Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 11:22 - Sinhala Revised Old Version

22 බලවත් ක්‍රියාවල් කළාවූ කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත්‍රවූ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේය. ඔහු හිම වැටෙන දවසකදී බැස ගොස් වළක් ඇතුළෙහි සිංහයෙකුත් මැරුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 බොහෝ වීර ක්‍රියා කළ කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත් ජෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි ශ්‍රේෂ්ඨ සෙබළුන් දෙදෙනා මැරුවේ ය. ඔහු හිම වැටෙන දවසක දී වළකට බැස ගොස් එහි ඇතුළේ සිටි සිංහයෙකු මැරුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 බොහෝ වීර ක්‍රියා කළ කබ්ශෙයෙල්හි වික්‍රමාන්විත මනුෂ්‍යයෙකුගේ පුත් ජෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා මෝවබ්හි ශ්‍රේෂ්ඨ සෙබළුන් දෙදෙනා මැරුවේ ය. ඔහු හිම වැටෙන දවසක දී වළකට බැස ගොස් එහි ඇතුළේ සිටි සිංහයෙකු මැරුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 11:22
15 හුවමාරු යොමු  

යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ද පෙලෙතිවරුන්ද කෙරෙහි අධිපතියාව සිටියේය; දාවිත්ගේ පුත්‍රයෝද මන්ත්‍රීවරු ව සිටියෝය.


දකුණු දිශාවෙහි ඒදොම්හි සීමාව දක්වා යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයට තිබුණු ඉතා දුරවූ නුවරවල් නම්: කබ්ශෙයෙල්ද ඒදෙර්ද යාගුර්ද,


ගාද්වරුන්ගෙනුත් බලවන්ත මනුෂ්‍යයෝ වෙන්ව ගොස් දාවිත් වෙතට කාන්තාරයේ බලකොටුවට එක්වූවෝය, ඔව්හු යුද්ධයට පුහුණුවූ, පලිහත් හෙල්ලයත් දරන්ට සමර්ථවූ, සිංහ මුහුණු වැනි මුහුණු ඇත්තාවූ, වේගවත් කමින් කඳුවල තිත්මුවන්ට සමානවූ මනුෂ්‍යයෝය;


බෙනායා ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයට ඇතුල්වී: පිටත එන්න කියා රජ කියන්නේයයි ඔහුට කීය. නැත; මම මෙතන නසින්නෙමියි ඔහු කීවේය. එවිට බෙනායා ගොස්: යෝවාබ් මෙසේ කියමින් මට මෙසේ උත්තරදුන්නේයයි රජුට කීවේය.


මෙසේ ශාදොක් පූජකයාද නාතාන් අනාගතවක්තෘද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද කෙරෙතිවරුද පෙලෙතිවරුද බැස ගොස් දාවිත් රජුගේ අශ්වතරයා පිට සාලමොන් නංවාගන ගීහොන්ට ගියෝය.


නුමුත් ශාදොක් පූජකයාද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අනාගතවක්තෘවූ නාතාන්ද ෂිමෙයිද රේයිද දාවිත්ට අයිති බලවන්තයෝද අදොනියා සමඟ නොවූහ.


යෝවාබ් මුළු ඉශ්‍රායෙල් සේනාවට අධිපතියාය. යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ටත් පෙලෙතිවරුන්ටත් අධිපතියාය.


සාවුල් හා යොනාතාන් ජීවත්ව සිටියදී ප්‍රේමවත්ව ප්‍රසන්නව සිටියෝය, තමුන්ගේ මරණයේදී ඔව්හු වෙන්නූණෝය, ඔව්හු රාජාලීන්ට වඩා වේගවත් වූය, සිංහයන්ට වඩා බලවත් වූය.


දෙවෙනි තුන්දෙනාගෙන් ඔහු අනික් දෙදෙනාට වඩා ගරුකටයුතු වූයෙන්, ඔවුන්ගේ අධිපතියා විය. එසේ වී නුමුත් ඔහු පළමුවෙනි තුන්දෙනා තරමට නොපැමිණියේය.


බලවන්ත යෞවනයෙක්වූ ශාදොක් සහ ඔහුගේ පිය වංශයේ අධිපතිවරු විසිදෙදෙනෙක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්