Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 23:29 - Sinhala Revised Old Version

29 දාවිත් එතනින් ගොස් ඒන්-ගෙදියේ බලකොටුවල සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 දාවිත් එතැනින් නික්ම ගොස් එන්ගෙදි බලකොටුවල සැඟවී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 දාවිත් එතැනින් නික්ම ගොස් එන්ගෙදි බලකොටුවල සැඟවී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 23:29
8 හුවමාරු යොමු  

එවිට සමහරෙක් ඇවිත් යෙහෝෂාපාට්ට කථාකොට: මුහුද එගොඩින් සිරියේ සිට මහත් සමූහයක් ඔබට විරුද්ධව එන්නාහ; ඔව්හු හශශොන්-තාමාර්හි (ඒන්-ගෙදිය කියන්නෙත් ඊටමයි) සිටිතියි කියා දැන්නුවෝය.


බෙත්-අරබාද මිද්දීන්ද සෙකාකාද, නිබ්-ෂාන්ද ලුණු නුවරද ඒන්-ගෙදීද යන නුවරවල් හය සහ ඒවායේ ගම්ය.


මසුන් අල්ලන්නන් ඒක අද්දර සිටිනවා ඇත. ඒන්-ගෙදියේ සිට ඒන්-එග්ලයිම් දක්වා දැල් අතුරන ස්ථාන වන්නේය; එහි මත්ස්‍යයෝ මහ මුහුදේ මත්ස්‍යයන් මෙන් එක එක වර්ගයේ හැටියට මහත් ගණනක් ඉන්නෝය


මාගේ ප්‍රේමවන්තයා මට එන්-ගෙදියේ උයන්වල වැවුණ සපුමල් පොකුරක් වැනිය.


තවද සාවුල් පිලිස්තිවරුන් ලුහුබැඳ යාමෙන් හැරී ආ කල: දාවිත් ඒන්-ගෙදියේ කාන්තාරයෙහි සිටිනවාය කියා ඔහුට දන්වනලද්දේය.


තවද ඔව්හු හැරී ඇවිත් ඒන්-මිෂ්පාත්ට (එනම් කාදෙෂ්ට) පැමිණ අමලෙක්වරුන්ගේ මුළු රටටත් හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන්ටත් පහරදුන්නෝය.


එබැවින් සාවුල් දාවිත් පස්සේ එළවාගනයාමෙන් හැරී ඇවිත් පිලිස්තිවරුන්ට විරුද්ධව ගියේය. ඒ නිසා ඔව්හු ඒ ස්ථානයට සෙල-හම්මාලෙකොත් යන නම තැබුවෝය.


දාවිත් සාවුල්ට දිවුරුම් දුන්නේය. ඉක්බිති සාවුල් ගෙදර ගියේය; නුමුත් දාවිත්ද ඔහුගේ මිනිස්සුද බලකොටුවට නැගී ගියාහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්